Showing posts with label Downloads. Show all posts
Showing posts with label Downloads. Show all posts

Friday, November 27, 2015

Minisathkama (මිනිසත්කම) Lyrics -[Drill Team]



RAP
දෙසැම්බර විසි හය කම්පා කළා සක්වල..
දිනයක්ද නැතිවූ මිනිසත්කම ..
කුරිරුකම් වෙලිලා සිත් අද්දර..
කවුරුන්ද මිනිසා මේවා ප්‍රශ්න පත්තර.
සැඩ රැලි පහරා අනේ බේරගන්නේ..
ඔහු විලාපේ ඇසී බේරාගත්තේ..
දැක්කා ඇගේ මාලේ ,පවුකාර වාහේ ..
තල්ලු කල රැල්ලට කඩාගෙන මාලේ..
පාරේ මියගිය සිරුරු සොයමින් කෙලෙසුවා සොයුරියන්ගේ සිරුරු...

නාවේ ඇයි මිනිසත්කම ගියාද ගහගෙන දියපාරේ
සිත්මානේ මාගේ ශෝඛ සන්තාප පිරුණු ලිපිය දෙවියන්ගේ බාරේ
නොව කියන නිසාවෙන්, බලන් හැරී මදක් ජිවිත අඳුරු පාරේ
දස මසක් කුස දරා සියපුතු රැක්ක මවක්, රන්කිරි කටගෑ ඔහු වෙයි ඇයට හඳක්
නෑ ඔහුට හදවතක් , කලේ තම මවට අතවරයක්
නැහැ මගෙන්නම් අවසරයක් , හිතපන් තව සැරයක් දෙසැරයක්
කරනට පෙර මෙවැනි අපරාදයක්..
තරඟයක් , මේක අමුතු ලෝකයක් ..
අමනුස්සකම් කර ලැබෙයිදෝ සැපක්..

නෙතුපියන් හැර බලන් සිදුවන දේ මේ ලොවේ
මිහිමව අද කම්පා වී දැනෙනා රුදු බව ලොවේ
දඬුවම් කරත් නැහැ වියකෙන්නේ අමනුස් ගති මේ ලෝකයේ
සියලු දේ අතහැර විමසන් කෝ ඔබසතු ඔබේ ජිවිතේ

RAP
බඩට නොකා දරුවන් හැදුවේ මව
සෙනහස පුරවා ගත්තේ ඇස්දෙක
මේක කාපිය, මේක බිපිය , කියමින් අව නේද උබේ පසුපස
හෙලුවත් දහදිය මව විය දෙදෙනාම සිය දරුවන් කර දඬු උස වුනු කල
අතහැර හැර යයි දුකක් නැතුවම වාගේ, දෙමව්පියන් උරුමද මහලු මඩමකට
පින්විය යුතුයි උඹව කළු ගඟට , දුක් විය යුතුයි උඹව මඩමකට
අතහැර නොගියා ඒ මව , ඒ බව දැනදැන  අතහැරියේ ඇයි ඇය
මේක පාරන ඇගේ තරහව මේවා දැක , අහංකාර හිත කුරිරු අදහස් උබ
පෑරුවත් දෙමව්පියන්ගේ ඒ සිත , ප්‍රශ්න කරපන් උඹ උඹේ හෘද ශාක්ෂිය
වාසිය මුල්කරගෙන කාසිය ,  කිරිපෙව් මව වෙලා බිරිඳගේ දාසිය
මේ ඇයි කිමදැයි, ඈ දෙවියන් සේ සැලකිය යුතු නොවේදැයි
 වලලුවාද මිනිසත්කම,දුර්ගන්දය හමයි දසත
කුරිරු කම , නෙත් පියන් දුක්වියන් හිත් තදකරන්
ඉනු එපා තවදුරටත් ඇරපන් නෙතුපියන්

ගිනිජාලා කුරිරු කම් කොහොමද උහුලන්නේ මේ ලෝකේ
මේ අවදානම් මා එලිය බැලූ ලෝකය
නෙතුපියන් හැර බලන්......

 බලන් බලන් අපි අඳුරේ, මිනිසුන් මරායයි නිදිපැදුරේ
සෙලවූ ලෙය සයුරක් වාගේ මිනීද
කහවත්තේ මිනීද ගොඩගන්නේ

දසමාසේ උරෙඛත්වා..
රැක බලාගන්නේ අවසන් හුස්ම දක්වා

උද්දිකාරෝ අලින්ගිත්වා..
හද වඩා සැප සම්පත් දී මග පෙන්වා

උන්නේ දෙමව්පියන් මහලු මඩමේ
තනිකලත් ආසිරි පතනෙමි පුතුනේ
ඇඩුනේ දුකට නෑ වෛර කෙරැවේ

නෙතුපියන් හැර බලන් සිදුවන දේ මේ ලොවේ
මිහිමව අද කම්පා වී දැනෙනා රුදු බව ලොවේ
දඬුවම් කරත් නැහැ වියකෙන්නේ අමනුස් ගති මේ ලෝකයේ
සියලු දේ අතහැර විමසන් කෝ ඔබසතු ඔබේ ජිවිතේ

සියලු දේ අතහැර විමසන් කෝ ඔබසතු ඔබේ ජිවිතේ........................................

ගායනය- Drill team


                               Download Minisathkama mp3

Sunday, November 22, 2015

සීරුනු CD/DVD වල ෆයිල් copy කරමු.(How to copy files from scratched disk)

පරිගණක භාවිත කරන ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි CD/DVD යක් තුල ඇති ෆයිල් එකක් පරිගණකයට පිටපත් කිරීමේදී හා පරිගනකයක damage වූ  hard disk එකක ඇති ෆයිල් එකක් වෙනත් මාධ්‍යකට පිටපත් කිරීමේදී ඇතිවන විවිද ගැටළු. බොහෝ දෙනාට ඇතිවන පොදු ගැටලුවක් තමයි CD/DVD මුහුණත සීරීම නිසා එහි ඇති ෆයිල් විවෘත කිරීමේදී හා පිටපත් කිරීමේදී ඇතිවන ගැටළු. උදාහරනයක් ලෙස  CD/DVDයක් හෝ hard disk එකක් තුල ඇති video ගොනුවක් පරිගණකයට පිටපත් කිරීමේදී කිලෝබයිට් ගණනක ඉතා කුඩා ප්‍රමාණයක කොටසක් කියවගත නොහැකි ලෙස සීරි තිබීම නිසා මුළු video ගොනුවම පිටපත් කල නොහැකි වනවා. මෙවැනි ෆයිල් පිටපත් කිරීමට වර්තමානයේ විවිද මෘදුකාංග , උපක්‍රම ඇති අතර ඒවා අතරින් ගොනුවට අවම හානියක් වන ලෙස වඩාත් සාර්ථකව පිටපත් කල හැකි මෘදුකාංගය වන්නේ Copy It Anyway (CIA) මෘදුකාංගයයි.

1.Copy It Anyway (CIA) 2.4 සංස්කරණය මෙතනින් බාගන්න.
                                    


2.මෙහි වැදගත්ම අංගය වන්නේ මෙයයි. මෙහි මෙම On-error jump size හි අගය ස්ලයිඩරය මගින් සීරු මාරු කළහැකි අතර මෙහි වැඩි අගයක් තේරීමෙන් පිටපත් කිරීමේ වේගය වැඩි වන නමුත් ගොනුවේ දත්ත වලට සිදුවන හානිය තරමක් වැඩිය. අඩු අගයක් තේරීමෙන් දත්ත වලට සිදුවන හානිය ශුන්‍ය හෝ අවම වේ. 



3.පිටපත් කිරීමට අවශ්‍ය folder එක හෝ file එක තෝරන්න

4.පිටපත save කිරීමට අවශ්‍ය ස්ථානය තෝරන්න. ඉන් පසු START විදානය ලබා දෙන්න.

පිටපත් කරන මාධ්‍යයේ තත්වය අනුව ගතවන කාලය තීරණය වන අතර ඔබ කලයුත්තේ ඉවසීමෙන් බලා සිටීම පමණයි.

පළපුරුදු බ්ලොග් ලියන්නන් වන ඔබගේ අදහස් දැක්වීම මා මීළඟ ලිපිය සඳහා වඩාත් ධෛර්යමත් කරනු ඇත.


sinhala padama(සිංහල පාඩම) [RAP] Lyrics

                                                     

RAP
වැටියන් හීන මල් වරුසාවේ , එළියක් හොයනවා මම අන්ධකාරේ
දළදා සමිඳුගේ පිහිටේ, ඉබාගාතේ යමින් හොයනවා නිර්වානේ 
පිළුණු නොවෙන මගේ රැප් වලට 
යටවෙනවා උබලගේ කුනුවුණු රැප් ,මළකඳ මැස්සන් වටවෙලා ගන්දස්තාරය
මම ආවා කරවන්න ඔබලාගේ භූමිදානය,නිධානය සිංහල අකුර රැප් පොතේ උබල තාම කියවන්නේ පටුන
කියවපන් හැම පිටුවක්ම මතුවෙයි නම
කේසර රජ උඩරට රාජධානිය
100% සිංහල ,200%ක් ආදරෙයි  රටට , මැරුවත් මුල්තැන සිංහල කමට
0% මගේ හතුරට

සින්හනාදේ ලොව නංවා,නැගී සිටිමි  කඳු පරදා 
එක සිතින් එක් වීලා , රජ කරන්නේ අපය සැමදා...//    

RAP
හිතුමතේ මගේ ජීවිතේ,සමගි මාවතේ
දිව්වා හුඟක් දුර හති දාගෙන අපි හාමතේ 
මධුවිත අතේ , යාළුවො වටේ   
කවුරුවත්ම නෑනේ  දාගෙන යයිද එද්දී පොලිස් රථේ
අද සුභ රාත්‍රියක් අද සුභ දවසක් 
ස්තුතියි දෙවියනේ දුන්නට මෙහෙම සවියක්
ලිව්වා මම අම්මා ගැන කවියක් , එපා මට සම්මාන ගරුනාම මොකවත්
සිංහ නාද නැහැ බලු කෙඳිරිය ,අදත් එදා වගේමයිනේ නැහැනේ කට පදිරිය 
කියනව මම මට ඕනේ දේ ප්‍රසිද්දියට මැද ඇඟිල්ල, tv එකට කතිරය
ගෙවල් පැත්තේ කොල්ලෝ අපිනේ තරු , 
උඩරට කොලොම්පුර මුළු ලොවම දිනු 
වජබෙනවානේ මියෙන තුරු,
කරපන් සිංහල රැප් වලට ගරු,

එලිසම ගලපා පද පෙළ අමුණා
සිහබස සරසා මව්බිම බබලා
සිතුවිලි පවසා මුල් නොම සඟවා
සිහ රැප් වරුසා කෙත්වතු තෙමනා

RAP
සින්හනාදේ ලොව නංවා,නැගී සිටිමි  කඳු පරදා 
එක සිතින් එක් වීලා , රජ කරන්නේ අපය සැමදා...//
                      

ඔබගේ අදහස් දැක්වීම මාගේ ඉපයීමයි....   

Tuesday, November 17, 2015

Superb Photoshop Tutorials(Free) ෆොටෝෂොප් වැඩකෑලි



photoshop යනු වර්තමාන පරිගණක ලෝකයේ පරිගණක ලෝලීන් හා වෘතිමය චායාරූප සංස්කරණ ශිල්පින් අතර ඉතාමත් ජනප්‍රියම මෘදුකාංගයකි.වර්තමානයේ ඉතා ඉහල ඉල්ලුමක් ඇති චායාරුපකරණ ක්ෂේත්‍රයේ ආධුනිකයන්ගේ සිට පළපුරුදු ප්‍රවීනයන් දක්වා සියලු දෙන බහුලව භාවිත කරන්නේ photoshop ය. වෘතිමය චයාරුප ශිල්පියෙකු නොවුනත් සාමාන්‍ය පරිගණක පරිශීලකයෙකු වශයෙන් ඔබත් photoshop ගැන 
අත්පොත් තබා තිබුනාට පාඩුවක් නැත. මන්ද යත් ඔබටත් හදිසි අවශ්‍යතාවයකදී චයරුපයක් සංස්කරණය කර ගැනීමට අවශ්‍ය වුවහොත් එය හොදින්ම නිමකර ගැනීමට පහසුම මෘදුකාංගය වන්නේ photoshop වීමය.
            
වර්තමාන ලෝකයේ විවිද මිල ගණන් යටතේ photoshop හැදෑරීමට පාඨමාලා පවතින අතර විවිද මිල ගණන් වලට මිලට ගැනීමට tutorial පැකේජ ද පවතියි. නමුත් එසේ  මුදල් වැය කිරීමට අවශ්‍ය නැත. අන්තර්ජාලය හරහා ඔබට නොමිලේ photoshop ඉගන ගත හැක. අවශ්‍ය වන්නේ photoshop මුහුණත පිලිබඳ මූලික දැනුමක් හා අසා අවබෝද කරගත හැකි මූලික,සරල  ඉංග්‍රීසි දැනුමක් පමණි. 
 මා අන්තර්ජාලය තුල සැරිසැරීමේදී හමුවූ දුර්ලභ හා නිර්මානාත්මක tutorial එකතුවක් photoshop ලෝලී ඔබවෙනුවෙන් මෙසේ පල කරමි. 

සැ.යු-: මෙහි ඇති බොහෝ ප්‍රයෝග සඳහා photoshop cs6 හෝ ඊට පසු පැමිණි සංස්කරණයක් අවශ්‍ය වේ. නවතම photoshop හි portable සංස්කරණය මෙතනින් බාගන්න.

Create a Dreamy Summer Photo in Adobe Photoshop


Fire Text Effect Photoshop cs6 tutorial
























ලිපිය හා මෙම බ්ලොග් අඩවිය පිළිබඳව ඔබ කමෙන්ටුවකින් දක්වන වචන කිහිපය  මාගේ මීළඟ ලිපිය  වඩාත් සාර්ථක කරගැනීමට මා ධෛර්යමත් කරනු ඇත.

Sunday, May 25, 2014

Rap Heena (රැප් හීන) Lyrics

Rap heena(Rap Heena - Kaizer Kaiz ft. Lil Neo) Lyrics

 lyrics


(RAP)
තලා පෙලලා පොඩි කරලා .. වට්ටන්න හැදුවත් හරස් වෙලා.. 
මම මගේ ගමනේ මගේ පාරේමයි.. කලකට පෙර දැක්ක හීනෙට මන් දැන් ලඟයි...
කෙනෙකුට හීන නම් ගොඩයි එත් ඒකෙන් ඉටු වෙන්නේ නම් ටිකයි.
කකුලෙන් ඇද්ද එවුන් අද  එතනමයි.. අන්තිමට මම විතරමයි.. 
පොඩි කාලේ ඉදන් දැක්කේ හීන.. මට බලන්න ඕනේ මගේ අම්මගේ හිනාව..
කට්ටියක් හිනාවෙයි කට්ටියක් අඬයි..ඒත් මට ලොකු අඬන මිනිහගේ හිනාව..
ඒ මගේ හීනයයි.. මගේ හීන එන්නේ කෝටි ගණන් සල්ලි එක්කමයි..
හිත ඇත්නනම් පත කුඩාද..සල්ලි තිබ්බ නම් හීන ළඟ පාත.. 
වරෙන් කියපන් ,කියපන් කරපන් ..
රැප් සෙල්ලම දරුනුයි හිත කියන දේම අහපන් හිත කියන දේම කරපන්..
ලෝකෙට හොර ෛද වය  විකුනපන්...
මගේ හීන ඉටු වුනු දවසට .. හීන නැති එක තියන සක්කිලි කමට.. ලගපාත වත් නොයිද දිනපු හීනේටත් අයිතිවාසිකම් කියයි..  

මවු සෙනෙහෙ මත.. නෙතු කඳුළු අග..කළු හීන මැද මගේ  රිදුනු හිත..
ඉරිතැලුණු කය.. නෙතු වසන බිය.. රැප් අකුරු මත මම විඳින දුක...
රැප් හීනෙක පැටලිලා ....රැප් හීනෙක පැටලිලා ....

(RAP)
රැප් හීන අමුතුයි..මගේ හීන දරුණුයි.. 
හීන වැඩි වුනු තරමට උකස් උනේ මගේ අම්මගේ වලලුයි..
දන්න සිංහලෙන් ගෙතුවේ රැප් කටු කම්බියි...
මගේ පද රචනය බිහිසුණුය.. පොඩි කාලේ  ඉදන් හීනෙන් මිමිනුවෙත් රැප්ය... 
අනූවේ ඉස්කෝලෙදි ලිව්වේ රැප්ය.. මම යකෙක්..මගේ තැන හරි දරුණුය..
රැප් වපුරුවයි.. පලදරයි.. දළු දාපු ජීවිතේට දැන් හතුරෝ ගොඩයි..
මගේ වචන ගොඩයි..ඇත දෙන්න හිටියේ නම් වටේට හතර පහයි..
උඩරට මුළු හදින්ම.. හිනාව තිබුනත් යට ගින්දර..
පැදුරෙන් කුටියට කුටියෙන් මැදුරට .. අවුලක් නෑ මචන් ආයේ වැටුනත් පදුරට.. 
හීනත් වික්කා.. යාලුවොත් වික්කා..වචනත් වික්කා..ජීවිතේම වික්කා.
මටත් හොරෙන් මගේ අදහස් කුණු කොල්ලෙට විකිණුනා..
හිතේ තියන රූප ලියන්නට ඉඩත් මදි වගේ මගේ රැප් හීන පොතේ.. 
ඉරිසියාව විතරක් ඇයි මට පිටු පෙරලනකොට මගේ රැප් හීන පොතේ..

මවු සෙනෙහෙ මත.. නෙතු කඳුළු අග..කළු හීන මැද මගේ  රිදුනු හිත..
ඉරිතැලුණු කය.. නෙතු වසන බිය.. රැප් අකුරු මත මම විඳින දුක...
රැප් හීනෙක පැටලිලා ....රැප් හීනෙක පැටලිලා ....


මගේ මහන්සියේ ප්‍රයෝජනයක් තියනවා කියල හිතෙනවා නම් පොඩි තැක්ස් පාරක් වත් දාල යන්න හොඳේ..........

Sunday, December 22, 2013

Drivers ගන්න හොඳම භාණ්ඩේ

ඔන්න ඉතින් මේක කට්ටියටම ගොඩක් වැදගත් දෙයක්. ලැප්ටොප් එකක් ෆෝමැට් කරපුවහම එහෙම නැත්තම් desktop pc එකේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්න උනාම  එපාම වෙන වැඩේ තමා ඩ්‍රයිවර්ස් හොයාගෙන වෙබ්සයිට් ගානේ ගාටන්න වෙන එක . ඉතින් මම මේ වැඩේට හොඳ විසදුමක් කාලයක් තිස්සේ හොය හොයා හිටියේ. එක එක සොෆ්ට්වෙයා පාවිච්චි කරත් හැම එකේම මොකක් හරි ලෙඩක් . ඉතින් ඔහොම ඉද්දි වැඩේට හරියන පට්ට භාණ්ඩයක් හම්බුනා. ඒ තමා 3DP Chip. ගින්දර වගේ.   1mb විතර 
තියෙන්නේ. සම්පූර්ණයෙන්ම free.No waiting. පාවිච්චි කරලම බලන්නකෝ. පහලින් බාගන්න.





Sunday, April 14, 2013

ඔබත් android වලට අලුත් ද? එහෙනම් මෙන්න වටින දේවල් ටිකක්.




ඔන්න ඉතින් මාස 5 කට විතර පස්සේ තමා පොස්ට් එකක් දාන්න හම්බුනේ. මොකද exam නිසා හෙල්ලෙන්නවත් වෙලාවක් නැහැ. ඉතින් ඔක්කොටම කලින් හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඉතින් මම මේ පාර පොස්ට් කරන්න හිතුවේ android smart phones වලට ආගන්තුක අයට ටිකක් වැදගත් වෙයි කියල හිතුන ලිපියක්.  මොකද පරන ෆෝන් තියන හැමෝම දැන් android වලට මාරු වෙනවනේ.


Blackmart alpha


මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයි. මොකද මේකත් හරියට අර අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා ක්‍රැක් කරගෙන පාවිච්චි කරනවා වගේ තමයි. අපි google play store ඒකෙන් සල්ලි දීල ගන්න ඕන ගොඩක් සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන්.


web browser


android smart phones පාවිච්චි කරන අයට වැදගත්ම දෙයක් තමා ෆෝන් එකේ web browser එක. හැමෝටම ඕනේ තමන්ගේ වැඩේ ඉක්මනින්ම කරගන්නනේ. ඉතින් අපි ෆෝන් ඒකෙන ඉන්ටනෙට් යද්දී එහි වේගයට  අන්තර්ජාල සේවා වේගය වගේම අපි පාවිච්චි කරන web browser එකත් ගොඩක් බලපානවා. ඉතින් මම පහලින් දීල තියෙන්නේ ඒ සඳහා දැනට තියන හොඳම web browser ටික.

Chrome
Download from market

Dolphin Browser
Download from market

Opera Mini web browser
Download from market


smart keyboard pro


පුරුදු උනාම පට්ට ස්පීඩ් ටයිප් කරන්න පුළුවන්.




Juice defender 


බැටරි බහින එක පොඩ්ඩක් බ්රේක් කරගන්න නියම සොෆ්ට්වෙයා එක.




Download Manager for android

ඕනෙම දෙයක් එසැනින් බාගන්න.




Tube Mate

යු ටියුබ් වීඩියෝ බාන්න ඕනෙද. මෙන්න ලේසිම විදිය.

Wave Control Pro


ඔබගේ android smart phone එකේ ඇති proximity මගින් ඔබගේ දුරකථනය කිසිදු ලෙසකින් ස්පර්ශ කිරීමකින් තොරව ඔබගේ අත දුරකථනය ආසන්නයෙන් ගෙනයාමෙන් පමනක් music play,pause,stop,next,prev. කිරීම,call answer කිරීම ආදී බොහෝදෙ කරගැනීමට අවස්තාව ලබාදෙන මෘදුකාංගයකි.





Fast file transfer


ඔබගේ දුරකතනයේ ඇති විශාල ෆයිල් ඉතාමත් ඉක්මනින් තවත් දුරකතනයකට wi-fiහරහා  send කල හැකි හැකියාව සහිත  මෘදුකාංගයකි.





sms sheduler

දිනයක් හා වෙලාවක් දුන් විට අවශ්‍ය sms අදාළ දිනයට, වෙලාවට ස්වයන්ක්‍රීයව අදාළ  sms එක යැවීම සිදුකරයි.





Mx player


බොහෝ media file format ධාවනය කල හැකි ඉතා වටිනා  player එකකි.





Winamp


සංගීතය රස විඳීමට ඉතාමත් අනර්ග මෘදුකාංගයකි.




Pdanet

ඔබගේ android smart phone එක මොඩමයක් ලෙස බාවිතා කර ඔබේ පරිගණකය හරහා අන්තර්ජාලයට සම්බන්ද වීමට ඉඩකඩ සලසා දෙන ඉතාමත් වටිනා මෘදුකාංගයකි.




තව සොෆ්ට්වෙයා නම් ගොඩක් තියනවා. වෙලාවක් තියන හැටියට ඒවා පොස්ට් කරන්නම්.

Monday, June 25, 2012

VGA කාඩ් එකක් නැතුව ගේම් ගහන හැටි


පරිගණකයේ වී.ජි.ඒ. එකේ ක්‍රියාකාරීත්වය ගැන මම කලින් පොස්ට් එකක සඳහන් කලානේ. ඕනනම් ඒක මෙතනින් බලන්නකෝ.
පරිගණකයේ පරිගණක ක්‍රීඩා කිරීමට නම හොඳ ත්‍රිමාන සජීවීකරන් හැකියාවෙන් යුත් වී.ජි.ඒ. කාඩ් එකක ඕන වෙනවා. කෙසේ නමුත් හමොටම separate vga ගන්න හැකියාවක්  නැති නිසා ගොඩක් දෙන බවිත කරන්නේ  onboard vga එක.නමුත් නවීන පරිගණක ක්‍රීඩා සඳහා වී.ජි.ඒ. එක මගින් සපුරා ගතයුතු තාක්ෂණික අවශ්‍යතා තියනවා. ඔබ පරිගණක ක්‍රීඩා කරන්නන් නම් දැනටමත් අහල ඇති HwTnL,Pixel Shader,zbuffer,wbuffer,lightning, වගේ තාක්ෂනයන් ගැන. ඉතින් මෙමෙ තාක්ෂණික ක්‍රමවේදයන් ඇසුරෙන් නිර්මාණය කරපු පරිගණක ක්‍රීඩා මෙම තාක්ෂනයන් රහිත වී.ජි.ඒ. කාඩ් එකක ක්‍රීඩා කිරීමට උත්සහ කිරීමේදී විවිද  අපහසු තත්වයන්ට මුහුණ දීමට‍ සිදුවෙනවා. උදාහරණයක් විදිහට පහතින් තියෙන්නේ දැනට වසර කීපයකට පෙර ආපු Intel G31 chipset එකක් සහිත මවු පුවරුවක 2005 වසරේදී නිකුත් වූ   Farcry පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කිරීමේදී දිස්වන අයුරුයි.
ඉතින් ඔබට පේනවා ඇති ඉහත රූපයේ සමහර පසුතල විකුර්ති වී පෙනෙන හැටි. මෙයට ප්‍රදාන හේතුව වන්නේ එම මවුපුවරුවේ වී.ජි.ඒ. එක එම ක්‍රීඩාවට අවශ්‍ය වන සමහර තාක්ෂන්යන්ට සහ්යෝගය නොදක්වීම.
ඉතින් මට නියම සොෆ්ට්වෙයා කෑල්ලක් හම්බුනා . ඒ තමා අරුම පුදුම 3D Analyzer .මේකෙන් කරන්නේ අදාල තාක්ෂණික ක්‍රමවේදය පරිගණකයේ වී.ජි.ඒ. කාඩ් එක මගින් සහය දක්වන බවට බොරුවෙන් ගේම් එක රැවැට්ටීම. එහෙම කරාම ප්‍රශ්නයක් නෙතුව ඒ විකුර්ති වී හෝ නොපෙන්වන පසුතල කොටස් පරිගණක ක්‍රීඩාවේ  render එක මගින් ලස්සනට හදලා පෙන්නනවා. පහලින් බලන්නකෝ farcry  ගේම් එකේ කලින් නොපෙන්වුනු කොටස් ලස්සනට පෙන්වන ආකාරය.
ඉතින් ඒ සඳහා කරන්න ඕනේ මේ සොෆ්ට්වයා එක download කරගෙන මම රූපයේ පහත දාලා තියන විදිහට එකේ සැකසීම් කරගන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලා බාවිත කරන ගේම්  එක අනුව පහත සැකසීම් වල විවද වෙනස්කම් කරගන්න ඕනේ වෙයි. එහෙම ප්‍රශ්නයක් අවොත් කමෙන්ට් එකක් දන්න.
මෙතනින් බාගන්න 

1.අවශ්‍ය ගේම් එකේ ප්‍රධාන .exe(excutable file) ෆයිලය තෝරන්න.
2.රූපයේ දැක්වෙන ආකාරයට සැකසීම් කරගන්න.(device ID හා  vendor ID ගහන්න අමතක කරගන්න එපා.එක අනිවාර්යයි. මෙහි මම සඳහන් කර ඇති එකම ටයිප් කරන්න. උද-:
vendor ID=4098,DeviceID=20040)

3.දැන් run  විදානය ලබාදෙන්න.නිතර නිතර ගේම් එක ඕපන් කිරීමේදී මෙය හරහා ඕපන් කිරීම කරදරයක් නිසා පහලින් ඇති  save batch file විදානය ලබා දී  batch  ෆයිල් එක සේව් කරගන්න. ඉන් පසු ගේම් එක ඕපන් කරන සෑම අවස්ථාවකදීම ඒ ඔබ සේව් කරගත් batch  ෆයිල් එක හරහා ගේම් එක ඕපන් කරගත හැක.
ඉහත ලබාදී ඇති විසදුම ප්‍රායෝගික වන්නේ අවම වශයෙන් 256/ 128mb වත් පවතින 2006 හෝ ඊට පසු පැමිණි vga drivers වලටය. ඉහත දැක්වූ මෘදුකාංගයෙන් වී.ජි.ඒ. එක over clock  කිරීමක් සිදු නොකරන අතර එයින් කරන්නේ මම ඉහත දැක්වූ ආකාරයට ඔබ onboard vga  එකකින් ක්‍රීඩා කරන්නෙක් නම් එවිට ඇතිවන ගැටළු වලා විසදුම් ලබාදීමයි.
tested on-:Farcry,halflife,sniper,Need for speed-Carbon


හොඳ නරක ඔය යටින් කොටලා යන්නකෝ.

Saturday, June 9, 2012

ඕනෑම වීඩියෝ එකක් විනාඩියෙන්



ඔන්න කාලෙකට පස්සේ මට හම්බුනා ඉතා වැදගත් මෘදුකාංගයක්.සාමාන්‍යයෙන් අපි එදිනෙදා අන්තර්ජාල බාවිතයේදී විවිද වෙබ් අඩවි වල  ඇති වීඩියෝ ෆයිල්ස් download කරගන්නට

අවශ්‍යවන අවස්ථා තියනවා. එත් සමහර වෙබ් අඩවි වලින් එහෙම වීඩියෝ download කරගන්න විශාල කාලයක් වය කිරීමට සිදුවෙන අවස්ථා තියනවා. ඒ වගේම සමහර වෙබ් අඩවි වලින්

වීඩියෝ download කිරීම සීමාකර තියනවා. ඒ වගේ අවස්ථාවක අපේ පිහිටට එන හොඳම මෘදුකාංගය තමා මේ හදුන්වාදෙන ilivid download manager

මෘදුකාංගය.ඒ වගේම මෙහි තවත් අමතර වාසි තියනවා. ඒ තමයි අපිට අවශ්‍ය වීඩියෝව බාගත කිරීමකින් තොරව buffering වීමකින් තොරව පහසුවෙන් එම වීඩියෝව නැරඹීමේ

හැකියාව. ඉතින් මේ හැමදෙයක්ම ඔබට ලැබෙන්නේ කිසිඳු මුදල් අයකිරීමකින් තොරව සම්පූර්ණයෙන් නොමිලේ.
බාගතකරගන්න මෙතන කොටන්න.
හොඳ නරක කියල යන්න අමතක කරන්න එපා.

Sunday, June 3, 2012

අත්‍යවශ්‍ය මෘදුකාංග සියල්ල නොමිලේ.

ඇත්තටම කියනවා නම් අපි පරිගණකයක් බවිතා කරද්දී පරිගණකයේ කාර්යක්ෂමතාවයට බලපාන්නේ අපි ඒක කළමනාකරණය කරන විදිහ. විශේෂයෙන්ම අපි පරිගණකයේ ස්ථාපනය කරන 

මෘදුකාංග ඒකට ගොඩක් බලපානවා. ඒ නිසා අපි පරිගණකයේ මෘදුකාංග ස්ථාපනය කරද්දී ඒක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. ඒ වගේම තමයි ඒකට අපි ගෙවන මුදල ගැනත් 

සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා මම මේපාර නොමිලේ ලබාගන්න පුළුවන් සුපිරිම පරිගනකයේ වේගයට කිසිම බලපෑමක් නොකරන බඩු කෑලි ටිකක් ඔයාලට දෙන්න හිතුවා.
1.Microsoft Security Essentials

එදිනෙදා පරිගණක බාවිතයේදී අත්‍යාවශ්‍යම මෘදුකාංගයක් තම ප්‍රතිවයිරස මෘදුකාංගය. දැන් ඔයාලට කිසිම බයක් නෙතුව නොමිලේ මේ මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් ලබාදෙන  කියන 

මෘදුකාංගය බාවිත කරන්න පුළුවන්. මේක වර්තමානයේ මිලියන 4 විතර ජනතාව විශ්වාසය තියල තියන ඉතාමත් හොඳ තත්වයේ මෘදුකාංගයක් . ගොඩක් ප්‍රතිවයිරස් මෘදුකාංග සමීක්ෂණ ආයතන 
මේ මෘදුකාංගයට ඉහල තැනක් ලබාදී තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ආයතනය මෙහෙම නොමිලේ ප්‍රතිවයිරස මෘදුකාංගයක්  ලබාදීමට තීරණය කරලා තියෙන්නේ වයිරස් ප්‍රශ්නය නිසා වින්ඩෝස් 

අතහැර open source මෙහෙයුම් පද්දති වලට මාරු වන පරිගණක බාවිතාකරන්නන් උදෙසා කියලයි පරිගණක ඉංජිනේරුවෝ කියන්නේ. 
2.VLC Media Player

එදිනෙදා පරිගණක බාවිතයේදී තවත් අත්‍යාවශ්‍යම මෘදුකාංගයක් තමා මාධ්‍ය ධාවකය . දැනට මේ සඳහා විවිද මෘදුකාංග තියනවා. ඒ අතරින් VLC media player එක තමා දැනට 

ලෝකයේ ජනප්‍රියම , ලෙඩ අඩුම, ඕනෑම file formats ප්ලේ වෙන ප්ලේයර් එක. දැනට ලෝකයේ 80% විතර දෙන බාවිතා කරන්නේ මේ මෘදුකාංගය. මේකේ තියන විශේෂත්වය 

තමා live streaming පහසුකම්ද සහිත වීම.
3.CCleaner

පරිගණකයේ ඇතිවන දෝෂ, දෘඩ තැටියේ දෝෂ, වගේ දේවල් වලට ප්‍රතිකාර කිරීමට සුපිරිම බඩුවක් තමා c cleaner කියන්නේ.පරිගණකයේ ඇති අනවශ්‍ය ෆයිල් කිරීමටත් , අනවශ්‍ය 

මෘදුකාංග අයින් කිරීමටත් මෙය යොදාගත හැකියි. නොමිලේ ලබාදෙන මෘදුකාංග අතර විශාල පෙරලියක් කරපු මෘදුකාංගයක්.
4.Format Factory

එදිනෙදා පරිගණක බාවිතයේදී තවත් අපිට සිද්ද වෙන දෙයක් තමා එක media file format එකක් තවත් media file format එකකට convert කිරීම. 

විශේෂයෙන් අපි youtube video upload කරනවානම් , නැත්තම් ඔබගේ mobile phone,ipod ඒකට video ෆයිල් එකක් දානවනම් අපිට ඒවා 

convert කරගන්න සිද්ද වෙනවා. ඒකට අද වෙළඳපොලේ විවිධ මෘදුකාංග තියනවා. ඒත් ඒ සල්ලි දීල කරගන්න වැඩේම අපිට දැන් මේ කියන නොමිලේ ලබාදෙන format 

factory හරහා සිදුකරගන්න පුළුවන්. දැනට ලෝකයේ තියන බොහොමයක් media file format මේ හරහා convert කරගන්න පුළුවන්.
5.Recuva 

ඔබට අත්‍යවශ්‍ය කරන දත්ත හදිසියේ අත්වැරදීමකින් ඔබ අතින් මකා දැමුවොත්. එතකොට ඔබට ලොකු අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවේවි. ඒත් මේ කියන මෘදුකාංගයෙන් පවා මකා දැමුණු 

දත්ත නැවතත් ලබාගැනීමේ හැකියාව තියනවා. වර්තමානයේ මේ සඳහා බාවිතා වන වානිජමය මෘදුකාංග වලටත් හොඳ තරඟයක් දීමට මේ මෘදුකාංගය සමත් වී තිබෙනවා.
6.Pain.net

දිනෙදා පරිගණක බාවිතයේදී තවත් අත්‍යාවශ්‍යම මෘදුකාංගයක් තමා චායාරූප සංස්කරණ(photo editing) මෘදුකාංග. මෙවෙනි අද ලෝකයේ ජනප්‍රියම මෘදුකාංගය  තමා Adobe 

Photoshop කියන්නේ. නමුත් අපිට එක මුදල් දීල ගන්නවානම් දල වශයෙන් රු.60000 වත් වියදම් වෙනවා. නමුත් ඒ වැඩේ අපිට නොමිලේ කරගන්න පුළුවන් වලට නොදෙවෙනි 

මෘදුකාංගයක් දැන් හදුන්වල දීල තියනවා. ඒ තමාpaint.net. මෙම මෘදුකාංගය හරහා පහසුවෙන් ඔබගේ නිවසේ චායාරූප සංස්කරණ කටයුතු ඉටුකරගත හැකියි.
7.Deamon tools

වර්තමානයේ අපි අන්තර්ජාලයෙන් බාගන්න ගොඩක් ගේම්ස්,චිත්‍රපට තියෙන්නේ mds හෝ iso වගේ ඉමේජ් ෆයිල් විදිහට . මේවා අපිට බාවිත කරන්න පුළුවන් වෙන්නේ ඒවා 

පරිගණකයේ virtula drive විදිහට mount කරොත් විතරයි. නැත්තම් ඒවා cd/dvd වලට wite කරන්න වෙනවා.මේ සඳහාත් දැනට විවිධ මෘදුකාංග තිබුනත් ලෙඩ 

අඩුම වින්ඩෝස් 7 සමගත් ඉතා හොදින් ක්‍රියාත්මක වෙන මෘදුකාංගයක් තමා deamon tools . මෙමගින් ඔබ ළඟ ඇති cd හෝ dvd ඉමේජ් ෆයිල් එකක් හදාගනීමටත් 

අවස්තාව සලසනවා.
8.Audacity

අවසාන වශයෙන් කියන්න තියෙන්න තවත් වැදගත් බඩු  කෑල්ලක්. ඔබට හදිස්සියේ මොකක්හරි දෙයක් මයික්රෝපොනය හරහා පටිගත කරගන්න ඕන උනොත්, පරිගණකයේ තියන ගීතයක්, 

ශබ්ධයක් සංස්කරණය කරගන්න ඕන උනොත් ඒකට නොමිලේ මෘදුකාංගයක් හොයාගන්න අමාරුවෙයි. නමුත් අයෙ ඒ ගැන වදවෙන්න ඕනේ නෑ. මේ තියේන්නේ ඒකට හොඳම විසඳුම.
ඉතාමත් පහසුවෙන් ඔබට අවශ්‍ය කටයුතු කරගන්න මේ මෘදුකාංගය හරහා පුළුවන්.