Tuesday, May 29, 2012

Internet Download Managers Stops at 99% solution-අතරමග IDM නවතින ඒක නවත්තමු


ඔන්න යාලුවනේ මම මගේ මේ පොස්ට් ඒකෙන ඔයාලට ගෙනවා මේ දවස වල ගොඩක් කට්ටියට තියන ලොකු ප්‍රශ්නයට විසදුමක්.මේක මටත් කාලයක් ලොකු ලෙඩක් වෙලා තිබුන. ඒ තම ඒකෙන් යු ටියුබ්  වගේ  සයිට් වලින් ලොකු වීඩියෝ ෆයිල් බාද්දී 99% බැවිල නතර වෙන එක. ඔයාලම හිතල බලන්නකෝ 700  වගේ ෆිල්ම් එකක් 99% ටම පිරිලා අයෙ resume කරන්න බැරිවෙන විදිහටම කෙල උනාම මතක්  වෙන දේවල් හිතාගන්න පුළුවන්නේ. මම කලින් හිතාගන හිටියේ මේක වයිරස් එකක් කියලා. එත් මට සයිට් එකකින් හම්බුනා මේකට විසදුම.ඒ කියන්නේ ඒ ෆයිල් resume කරන්න විදිහක් මම හොයාගත්තා.ඉතින් මේක මම ඔයාලටත් කියන්න හිතුවා. ඔන්න පහල තියන විදිහට කරන්නකෝ.
1.බාන්න ඕනේ ෆයිල් එ‍ක බාගයක්( ඒ කියන්නේ 95% ක් විතර ) බෑඋනාට pause පස්සේ කරන්න.නෙත්තම් අර 99% ක් පිරිලා නෙවතුන pause ඒක ක්ලික් කරන්න.
2.ඊට පස්සේ  download manager ඔන් කරලා >downloads>Options>save to ටැබ් එකට යන්න.

3.ඒකෙ "Temporary directory" කියල තියන තැනට යටින් තින ලින්ක් එක copy කරගන්න.For example, C: \ Users \ Aufar Dawn \ AppData \ Roaming \ IDM \ DwnlData
3.ඊට පස්සේ star menu> run. මේ එන බොක්ස් එකේ  අර ලින්ක් එක ගහල රන් කරන්න.
4.මෙහිදී ඔයාලට දකින්න ලබෙයි අර  ෆයිල් එකේ නමට තියන බාවුනු ෆෝල්ඩර්  එකක් . උදාහරණයක්‌ විදිහට ඔබ  බාපු එකේ නම  ef9c67893a5a61f7c7da09eb4e2efb_774 නම් ඒ නමට තියන ෆෝල්ඩර් එක හොයාගන්න.
5.එක ඕපන් කරාම දකින්න ලැබයි ෆයිල් 3 ක්.උදාහරණයක්‌ විදිහට  ඔය උඩින්  මම කියපු ෆෝල්ඩර් එකේ ඕපන් කරාම තියෙන්නේ  (ef9c67893a5a61f7c7da09eb4e2efb(ප්‍රධාන ෆයිලය), ef9c67893a5a61f7c7da09eb4e2efb52 files,හා  log_774)
6.දැන් මේ වින්ඩෝ එක minimize කරලා ෆයර් ෆොක්ස් ඕපන් කරගන්න. ඊට පස්සේ අර ඔබ කලින් බාපු ෆයිල් එකම ෆයර් ෆොක්ස්  ඒකෙන් download කරන්න.  සැ.යු. කොයි වෙලාවකවත් download manager ඒකෙන  download කරන්න එපා.
7.download manager ඒකෙන් download වෙන එක නවත්තන්න පුළුවන් IDM menu> downloads> options> ඊට පස්සේ > use advaced browser integration ඉස්සරහින් තියන කොටුවේ ටික් එක අයින් කරන්න.
8.එකේ ෆයිල් එක download වෙන තැන හොඳට බලාගන්න. උදා-: ඩෙස්ක්ටොප්
9.ඒකෙ 1% ක් විතර පිරුනාම ඒක pause කරන්න. ඊට පස්සේ ෆයර් ෆොක්ස් එකේ ෆයිල් ඒකdownload උන තැනට යන්න. එතකොට දකින්න ලැබයි ෆයිල් 2 ක්  . උදාහරණයක් විදිහට මම අර කලින් සදහන් කරපු ෆයිල් එකේ තිබුනේ (ef9c67893a5a61f7c7da09eb4e2efb.avi සහ  ef9c67893a5a61f7c7da09eb4e2efb.avi.part කියන ෆයිල්)
10.ඊට පස්සේ අර කරපු එකේ ෆෝල්ඩර් ඒක ඕපන් කරලා ප්‍රධාන ෆයිල් ඒක එකේ ෆෝල්ඩර් එකට කොපි කරන්න. දන ඔයාලට ෆෝල්ඩර් ඒක ඇතුලේ ෆයිල් 3 ක් තියනවනේ.(2 ක් firefox එකේ හා අනික download manager එකේ.)
11. දැන් copy කරපු ෆයිල් එකේ නම අර firefox එකේ කියල තියන .part කියන ෆයිල්  එකේ නමට rename කරලා firefox එකේ original ෆයිල්  ඒක delete  කරන්න. උදා- මගේ නම් firefox එකේ ෆයිල් ඒකෙ  නමට download manager ඒකෙන් ගත්තු ෆයිල් ඒක rename කරලා firefox ඒක කරනවා.ef9c67893a5a61f7c7da09eb4e2efb.avi.part
12.දැන් අයෙ පාරක් firefox ඔපන් කරලා අර pause කරපු ඒක resume  කරන්න. කරදරයක් නෙතුව විනාඩියෙන් ඉතුරු ටික download වෙයි.

අවුලක් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.

Thursday, May 17, 2012

Octomber Sky (පුංචි හපන්නු)



ඔන්න යාලුවනේ මම මගේ දෙවැනි පොස්ට් ඒකෙන ඔයාලට දෙන්න හිතුවා සුපිරිම ෆිල්ම් එකක්. මේකේ නම තමා . මේක හදල තියෙන්න සත්‍ය කතාවක පදනම කරගෙන. ඒ කියන්නේ සත්‍ය

නවකතාවක් ඇසුරින් තම මේක හදල තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුප්‍රකට ජෝ ජොන්ස්ටන් කියන නිෂ්පාදක වරයා . මේ නව කතාව ලියලා තියෙන්නේ මේ චිත්‍රපටියේ

ප්‍රධාන නළුවා වන හෝමර් හිකම් (ඒ වුනාට ෆිල්ම් එකේ රඟපාන්නේ එය නෙවේ).නවකතාවේ නම තමා rocket boys. මේකේ සිද්ධිය තියෙන්නේ රුසියාව ස්පුට්නික් චන්ද්‍රිකාව අබ්යවකාශ ගතකිරීමත් සමග ඇතිවන් සිද්ධි

දාමයක්.මේ කතාව ගෙතිලා තියෙන්නේ පතල් නගරයක ඉන්න උත්සහවන්ත ළමයි හතර දෙනෙක් වටා . මේ නගරයේ ඉන්න හැම කෙනෙක්ගෙම ඉරණම තමා ගල අඟුරු පතල් වල ඔවුන්ගේ

මුළු ජීවිත කාලයම ගතකිරීම. එත ඒ ඉරණම වෙනස් කරගන්න ලමයි හතර දෙනෙක් ඒ නගරයේ හිටියා . ඔවුන්ගේ ජීවිත කතාව තමා මේ නව කතාවට පදනම වෙලා තියෙන්නේ. මෙහි ප්‍රධාන

චරිතය වන හෝමර් ගේ  චරිතයට රඟපාන්නේ සුප්‍රකට නළු ජේක් ගිලෙන්හාල්(source code,zodiac,brokeback mountain,donnie

darko,brothers,price of persia:sands of time ෆිල්ම් වල රඟපෑ ) .IMDB වල 7.7 වගේ ලොකු rank එකක් ගන්න මෙමෙ චිත්‍රපටිය සමත් වෙලා තියනවා. . මේ

ෆිල්ම් එක 1999 හදල තිබ්බත් මමනම් හිතන්නේ නෑ තවමත් මේකට ගහන්න සුපිරි ෆිල්ම් එකක් තියන කියලා. ඔයාලත් බලන්නකෝ. මම ඕන ඔට්ටුවක් අල්ලනවා මේකට ගහන්න අයෙ ෆිල්ම්

එකක් නෑ.
මෙතනින් පෙරදැක්ම බලන්න


මෙතනින් ටොර්රෙන්ට් එක බාගන්න.
download torrent

මෙතනින් ඉංග්‍රීසි උපසිරසි බාගන්න.
english subtitle

බලලා ලයික් එකක් දාලම යන්න හොඳේ.




අයින්ස්ටයින් පැරදවූ වික්ටෝරියා කෝවි



ඔන්න යාලුවනේ මම ගේනවා මගේ පලවෙනි පොස්ට් එක. අපි දන්නා විදිහට නම් ලෝකේ බුද්ධිමත් ම පුදගලයා තමා ඇල්බට් අයින්ස්ටින් . ඒ කියන්නේ 19 වැනි සියවසේ හිටපු බුද්ධිමත්ම පුද්ගලයා .නමුත් ලඟදි කරපු පරීක්ෂණ වගයකින් එළිවෙලා තියනවා ඊට වඩා  බුද්ධිමත් අවුරුදු 11 ක ගෑනු ළමයෙක් ඉන්නවා කියල. මේ IQ හෙවත්  Intelligence Quotient පරීක්ෂණයෙන්  මෙයා ලකුණු 162 ක්  අරගෙන තියනවා. එත් අයින්ස්ටයින්, ස්ටෙපන් හෝකින්ස්,බිල් ගේට්ස් අරන් තියෙන්නේ මේ පරීක්ෂණයෙන් 160 යි . මෙම පරීක්ෂණයට යොදා ගන්නේ එම පුද්ගලයාගේ මානසික වයස හා ජන්ම වයසයි . ඒ වගේම තර්කන හැකියාව , වේගය,ලිවීම,කියවීම, මතකය යන මේ ඔක්කොම යොදා ගන්නවා මේ IQ ටෙස්ට් එකට. ඉතින් මේ හැම පැත්තකින්ම මේ ගෑනු ළමය ඉදිරියෙන් ඉන්නවා කියන එක පුදුම වෙන්න කාරණාවක් නෙවේද?මේ ගෑනු ළමයාගේ නම victoria cowie.මෙයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. විද්වතුන් කියන විදිහට මේක දොඩක් අසාමාන්‍ය දෙයක් නෙවෙයි. අනාගතයේදී මීටත් වැඩ බුද්ධිමත් අය බිහිවන බවට පෙරනිමිති තියනවා කියලයි ඔවුන් කියන්නේ.සමහරුන් කියනවා මේක අයින්ස්ටයින්ට අපහාස කරන්න කරපු බොරුවක් කියල. එත මොනවා උනත් කමක් නෑ. අනාගතයේදී හොඳ බුද්ධිමතුන් පිරිසක් බිහිවන එක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ. බුද්ධිය , හැකියාව වර්ධනය වෙන්න වයස ලොකු බලපෑමක් වෙන්නෑ කියල දන ඔප්පු වෙලා ඉවරයි.මේ තියෙන්නේ දැනට ලෝකයේ  වලින් වැඩිම ලකුණු ගණක හිමිවෙලා තියන අය . සාමාන්‍ය මිනිහෙක්ගේ මේ  අගය  පවතින්නේ 80 ත් 115 ත් අතරයි.

Napoleon - 145
Stephen Hawking - 160
Albert Einstein - 160
Bill Gates - 160
Sigmund Freud - 156
Arnold Schwarzenegger - 135
Madonna - 140
Quentin Tarantino - 160
Hillary Clinton - 140
Bill Clinton - 135
Nicole Kidman - 132



මේ මගේ පලවෙනි පොස්ට් එක හින්දා ගොඩක් අඩුපාඩු ඇති . මට ඒවා හදන්න පුළුවන් ඔයාල එවුවා මට කිවුවොත් නේ. ඇ නිසා මට බැනලා හරි එකක් දාල යන්න.








  • Wednesday, May 16, 2012

    ආයුබෝවන් !



    ආයුබෝවන් යාලුවනේ . මේ මගේ පලවෙනි පොස්ට් එක. සිංහල බ්ලොග් වලින් ඒවා කියවන අයට ලැබෙන්නේ ලොකු සේවාවක්. ඒ  නිසා මමත් හිතුව එහෙමෙ වැඩක් පටන් ගන්න ඕනේ කියල. මම තම මේකට අලුත් නිසා අත්වැරදීම් ගොඩක් ඇති. මම හිතනවා ඔයාල මට සහයෝගය දැක්වී  කියල. මොකක හරි වරදක්  තියනවා නම් මට බැනල හරි comment එකක් දාලා යන්න. කිසි ප්‍රශ්නයක් නෑ. එක මට ලොකු සහයෝගයක්. අනික අපේ රටේ තාක්ෂනය වේගයෙන් ඉදිරියට යන මේ වෙලාවේ අපේ යාලුවන්ගේ මොළ update කරන්න මේ බ්ලොග් දෙන්නේ ලොකු උදවුවක්  .මොන දේ වෙන්නෙත් මිනිස්සුන්ට . ඔය ලොකුවට හිතාගන ඉන්න කාගෙ උනත් මොකක් හරි වැරද්දක් තියනවනේ. මම කරන වදෙන් ඔයාලට දැනුම , විනෝදය, සතුට , වින්දනය ලැබෙනවා නම් එක තමා මගේ එකම සතුට. මාත් එක්ක එකට ඉන්න හැමෝම මට ලොකු හය්යක්. එහෙනම් යාලුවනේ මේ වෙනස්ම ව්දිහේ අත්දැකීමත් විඳලම බලන්නකෝ. ඔයාලට සුබ අනාගතයක්.