Sunday, June 3, 2012

අත්‍යවශ්‍ය මෘදුකාංග සියල්ල නොමිලේ.

ඇත්තටම කියනවා නම් අපි පරිගණකයක් බවිතා කරද්දී පරිගණකයේ කාර්යක්ෂමතාවයට බලපාන්නේ අපි ඒක කළමනාකරණය කරන විදිහ. විශේෂයෙන්ම අපි පරිගණකයේ ස්ථාපනය කරන 

මෘදුකාංග ඒකට ගොඩක් බලපානවා. ඒ නිසා අපි පරිගණකයේ මෘදුකාංග ස්ථාපනය කරද්දී ඒක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. ඒ වගේම තමයි ඒකට අපි ගෙවන මුදල ගැනත් 

සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා මම මේපාර නොමිලේ ලබාගන්න පුළුවන් සුපිරිම පරිගනකයේ වේගයට කිසිම බලපෑමක් නොකරන බඩු කෑලි ටිකක් ඔයාලට දෙන්න හිතුවා.
1.Microsoft Security Essentials

එදිනෙදා පරිගණක බාවිතයේදී අත්‍යාවශ්‍යම මෘදුකාංගයක් තම ප්‍රතිවයිරස මෘදුකාංගය. දැන් ඔයාලට කිසිම බයක් නෙතුව නොමිලේ මේ මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් ලබාදෙන  කියන 

මෘදුකාංගය බාවිත කරන්න පුළුවන්. මේක වර්තමානයේ මිලියන 4 විතර ජනතාව විශ්වාසය තියල තියන ඉතාමත් හොඳ තත්වයේ මෘදුකාංගයක් . ගොඩක් ප්‍රතිවයිරස් මෘදුකාංග සමීක්ෂණ ආයතන 
මේ මෘදුකාංගයට ඉහල තැනක් ලබාදී තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ආයතනය මෙහෙම නොමිලේ ප්‍රතිවයිරස මෘදුකාංගයක්  ලබාදීමට තීරණය කරලා තියෙන්නේ වයිරස් ප්‍රශ්නය නිසා වින්ඩෝස් 

අතහැර open source මෙහෙයුම් පද්දති වලට මාරු වන පරිගණක බාවිතාකරන්නන් උදෙසා කියලයි පරිගණක ඉංජිනේරුවෝ කියන්නේ. 
2.VLC Media Player

එදිනෙදා පරිගණක බාවිතයේදී තවත් අත්‍යාවශ්‍යම මෘදුකාංගයක් තමා මාධ්‍ය ධාවකය . දැනට මේ සඳහා විවිද මෘදුකාංග තියනවා. ඒ අතරින් VLC media player එක තමා දැනට 

ලෝකයේ ජනප්‍රියම , ලෙඩ අඩුම, ඕනෑම file formats ප්ලේ වෙන ප්ලේයර් එක. දැනට ලෝකයේ 80% විතර දෙන බාවිතා කරන්නේ මේ මෘදුකාංගය. මේකේ තියන විශේෂත්වය 

තමා live streaming පහසුකම්ද සහිත වීම.
3.CCleaner

පරිගණකයේ ඇතිවන දෝෂ, දෘඩ තැටියේ දෝෂ, වගේ දේවල් වලට ප්‍රතිකාර කිරීමට සුපිරිම බඩුවක් තමා c cleaner කියන්නේ.පරිගණකයේ ඇති අනවශ්‍ය ෆයිල් කිරීමටත් , අනවශ්‍ය 

මෘදුකාංග අයින් කිරීමටත් මෙය යොදාගත හැකියි. නොමිලේ ලබාදෙන මෘදුකාංග අතර විශාල පෙරලියක් කරපු මෘදුකාංගයක්.
4.Format Factory

එදිනෙදා පරිගණක බාවිතයේදී තවත් අපිට සිද්ද වෙන දෙයක් තමා එක media file format එකක් තවත් media file format එකකට convert කිරීම. 

විශේෂයෙන් අපි youtube video upload කරනවානම් , නැත්තම් ඔබගේ mobile phone,ipod ඒකට video ෆයිල් එකක් දානවනම් අපිට ඒවා 

convert කරගන්න සිද්ද වෙනවා. ඒකට අද වෙළඳපොලේ විවිධ මෘදුකාංග තියනවා. ඒත් ඒ සල්ලි දීල කරගන්න වැඩේම අපිට දැන් මේ කියන නොමිලේ ලබාදෙන format 

factory හරහා සිදුකරගන්න පුළුවන්. දැනට ලෝකයේ තියන බොහොමයක් media file format මේ හරහා convert කරගන්න පුළුවන්.
5.Recuva 

ඔබට අත්‍යවශ්‍ය කරන දත්ත හදිසියේ අත්වැරදීමකින් ඔබ අතින් මකා දැමුවොත්. එතකොට ඔබට ලොකු අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවේවි. ඒත් මේ කියන මෘදුකාංගයෙන් පවා මකා දැමුණු 

දත්ත නැවතත් ලබාගැනීමේ හැකියාව තියනවා. වර්තමානයේ මේ සඳහා බාවිතා වන වානිජමය මෘදුකාංග වලටත් හොඳ තරඟයක් දීමට මේ මෘදුකාංගය සමත් වී තිබෙනවා.
6.Pain.net

දිනෙදා පරිගණක බාවිතයේදී තවත් අත්‍යාවශ්‍යම මෘදුකාංගයක් තමා චායාරූප සංස්කරණ(photo editing) මෘදුකාංග. මෙවෙනි අද ලෝකයේ ජනප්‍රියම මෘදුකාංගය  තමා Adobe 

Photoshop කියන්නේ. නමුත් අපිට එක මුදල් දීල ගන්නවානම් දල වශයෙන් රු.60000 වත් වියදම් වෙනවා. නමුත් ඒ වැඩේ අපිට නොමිලේ කරගන්න පුළුවන් වලට නොදෙවෙනි 

මෘදුකාංගයක් දැන් හදුන්වල දීල තියනවා. ඒ තමාpaint.net. මෙම මෘදුකාංගය හරහා පහසුවෙන් ඔබගේ නිවසේ චායාරූප සංස්කරණ කටයුතු ඉටුකරගත හැකියි.
7.Deamon tools

වර්තමානයේ අපි අන්තර්ජාලයෙන් බාගන්න ගොඩක් ගේම්ස්,චිත්‍රපට තියෙන්නේ mds හෝ iso වගේ ඉමේජ් ෆයිල් විදිහට . මේවා අපිට බාවිත කරන්න පුළුවන් වෙන්නේ ඒවා 

පරිගණකයේ virtula drive විදිහට mount කරොත් විතරයි. නැත්තම් ඒවා cd/dvd වලට wite කරන්න වෙනවා.මේ සඳහාත් දැනට විවිධ මෘදුකාංග තිබුනත් ලෙඩ 

අඩුම වින්ඩෝස් 7 සමගත් ඉතා හොදින් ක්‍රියාත්මක වෙන මෘදුකාංගයක් තමා deamon tools . මෙමගින් ඔබ ළඟ ඇති cd හෝ dvd ඉමේජ් ෆයිල් එකක් හදාගනීමටත් 

අවස්තාව සලසනවා.
8.Audacity

අවසාන වශයෙන් කියන්න තියෙන්න තවත් වැදගත් බඩු  කෑල්ලක්. ඔබට හදිස්සියේ මොකක්හරි දෙයක් මයික්රෝපොනය හරහා පටිගත කරගන්න ඕන උනොත්, පරිගණකයේ තියන ගීතයක්, 

ශබ්ධයක් සංස්කරණය කරගන්න ඕන උනොත් ඒකට නොමිලේ මෘදුකාංගයක් හොයාගන්න අමාරුවෙයි. නමුත් අයෙ ඒ ගැන වදවෙන්න ඕනේ නෑ. මේ තියේන්නේ ඒකට හොඳම විසඳුම.
ඉතාමත් පහසුවෙන් ඔබට අවශ්‍ය කටයුතු කරගන්න මේ මෘදුකාංගය හරහා පුළුවන්.

1 comment: