Sunday, December 22, 2013

Drivers ගන්න හොඳම භාණ්ඩේ

ඔන්න ඉතින් මේක කට්ටියටම ගොඩක් වැදගත් දෙයක්. ලැප්ටොප් එකක් ෆෝමැට් කරපුවහම එහෙම නැත්තම් desktop pc එකේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්න උනාම  එපාම වෙන වැඩේ තමා ඩ්‍රයිවර්ස් හොයාගෙන වෙබ්සයිට් ගානේ ගාටන්න වෙන එක . ඉතින් මම මේ වැඩේට හොඳ විසදුමක් කාලයක් තිස්සේ හොය හොයා හිටියේ. එක එක සොෆ්ට්වෙයා පාවිච්චි කරත් හැම එකේම මොකක් හරි ලෙඩක් . ඉතින් ඔහොම ඉද්දි වැඩේට හරියන පට්ට භාණ්ඩයක් හම්බුනා. ඒ තමා 3DP Chip. ගින්දර වගේ.   1mb විතර 
තියෙන්නේ. සම්පූර්ණයෙන්ම free.No waiting. පාවිච්චි කරලම බලන්නකෝ. පහලින් බාගන්න.





Friday, September 27, 2013

මවුපුවරුව ආරක්ෂා කරගන්න ආකාරය......

ඔන්න ඉතින් මාස ගානකට පස්සේ පොස්ට් එකක් දාන්න චාන්ස් එකක් හම්බුනා.ඉතින් එක අපේ කස්ටියට ටිකක් වැදගත් දෙයක් ගැන ලියන්න හිතුනා. මවුපුවරුව(motherboard)කියන්නේ පරිගණකයේ තියන ඉතාමත් වැදගත් අංගයක්.ඉතින් එක ටිකක් වැඩිපුර කාලෙකට පරිස්සම් කරගන්න පුලුවන් වුනොත් අපිට සාපේක්ෂව ලොකු ගානක් ඉතුරු කරගන්න පුලුවන්. ඉතින් අද කාලේ තියන motherboard හොඳට පරිස්සම් කරගත්තේ නැත්තම් හරියටම warranty ඉවර වුනු ගමන්, ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් යද්දී ලෙඩ දෙන්න ගන්නවා. ඉතින් ලොකුම ප්‍රශ්නේ එක නෙවේ. අපි අලුත් මවුපුවරුවකට මාරු වෙද්දී සමහරවිට අලුතෙන් ගන්න වෙලා තියන මවුපුවරුවට අපේ තිබ්බ ram එක ,processor එක ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්.දැන් තියන ගැජට් දවසින් දවස අලුත් වෙනවනේ. එතකොට ලෝක අමාරුවේ. පාවිච්චි කරපු(used) motherboard ගැන විස්වාසය තියන්නත් අමාරුයිනේ.  ඉතින් කරදර ගොඩයි. පොකට් එකටත් අමාරුයි. ඉතින් මේ හින්දා තියන motherboard එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිහ ගැන තමා මේ කියන්න යන්නේ.

1.මවුපුවරු ජව සැපයුම (power supply) ගැන සැලකිලිමත් වෙන්න.
        මවුපුවරුවේ ක්‍රියාකාරීත්වයට කෙලින්ම බලපාන දෙයක් තමා  power supply එකේ ක්‍රියාකාරීත්වය.අද කාලේ තියන  power supply ගැන කිසිම විස්වාසයක් තියන්න බැහැ.  power supply එකක් ක්‍රියා කල  යුතු නියමිත ක්ෂමතාවක් තියනවා. සාමාන්‍යයෙන් මෙය 325W - 400W පරාසයක තිබිය යුතුයි.අද වෙළඳ පොලේ ඇති power supply වල මෙම අගයන් සඳහන් කර තිබුනද ඒවා ක්‍රියා කිරීමේදී ඒවාහි ක්ෂමතාව සඳහන් කර ඇති අගයට වඩා සැලකිය යුතු තරමකින් වෙනස් වෙනවා.  ඔබේ power supply එකෙහි ක්ෂමතාව මෙම නියමිත  පරාසයට වඩා සැලකිය යුතු තරමකින් අඩු නම් හෝ වැඩි නම් එය ඔබගේ මවුපුවරුවට පමණක් නොව හාඩ් ඩ්‍රයිව් ආදියේ ආයු කාලයටද කෙලින්ම බලපානවා. එම නිසා power supply එකක් මිලදී ගැනීමේදී මිලෙන් වැඩි වුවත් හොඳ තත්වයේ එකක් මිලදී ගැනීමට සැලකිලිමත් වන්න. එය ඔබ ඊට වියදම් කල මුදලට වඩා විශාල ඉතිරියක් අනාගතයේදී ඔබට අත් කර දෙනු ඇත. එමෙන්ම ඔබ සතුව දැනට UPS එකක් පැවතියද ඔබගේ power supply එක නියමාකාරයෙන් ක්‍රියා නොකරයි නම් එය මවුපුවරුවේ ආයු කාලයට අනිවාර්යෙන්ම බලපානවා. එම නිසා දැනට UPS එකක් තිබුනත් මෙය නොසලකා හරින්න එපා.

2.මවුපුවරුවේ උෂ්ණත්වය ගැන අවදානයෙන් සිටින්න.
       මවු පුවරුවේ කොටස්  සෑදීමට බෙහෙවින් බාවිතා කරන්නේ විවිද වර්ගයේ අර්ධ සන්නායකයි. එම නිසා මෙම අර්ධ සන්නායක වලින් සාදන උපාංග නියමිත ලෙස ක්‍රියා කරන්නේ යම්කිසි නිශ්චිත උෂ්ණත්ව පරාසයකයි. ඉතින් යම් හෙයකින් දීර්ගකාලීනව පමණට වඩා වැඩි උෂ්ණත්ව අගයන් වලට ලක්වීමෙන් මේවා ඉක්මනින් අකර්මන්‍ය වනවා.වර්තමානයේ බහුලව දක්නට ලැබෙන Stop error නොහොත්  blue screen error ඇති වීමට බෙහෙවින්ම බලපාන්නේ මෙලෙස වැඩි උෂ්ණත්ව වලට ලක් වී මවුපුවරුවේ  ඇතැම් තැන්වලින් විද්‍යුතය සන්නයනයට බාදා ඇති වීමයි. එම නිසා ඔබ පරිගණකය පවතින්නේ වැඩි පරිසර උෂ්ණත්ව තත්ත්ව යටතේ නම් සිස්ටම් කූලින් ෆෑන් (system cooling fan) එකක් හෝ දෙකක් බාවිතා කර ඔබගේ system unit එකෙහි උෂ්ණත්වය පාලනය කර ගතයුතු වෙනවා. එය පරිගණකයේ ආයු කාලයට පමණක් නොව පරිගණකයේ වේගයටද වැදගත් වනවා.



3.නඩත්තු කිරීම
    system cooling fan  සහ  CPU cooling fan වල ක්‍රියාකාරීත්වය නිසා මවුපුවරුව මත දුහුවිලි අංශු තැන්පත් තැන්පත්  වීම වැඩිය.
මෙලෙස විශාල වශයෙන් විවිධ අංශු මවුපුවරුව මත තැන්පත් වීමෙන් එහි ක්‍රියාකාරීත්වයට හා ආයුකාලයට බලපෑම් ඇතිවේ.මීට හේතුව වන්නේ මෙලෙස තැන්පත් වන අංශු වල ආරෝපණ තිබිය හැකි බැවිනි. එම නිසා අඩුම තරමේ මාස 2 කට වරක් වත් බ්ලොවරයකින් හෝ සියුම් කුඩා පිරිසිදු පින්සලකින්  මවුපුවරුව පිරිසිදු කිරීමෙන්ද මවු පුවරුවේ ආයුකාලය දීර්ග කරගත හැකිය.

4.නිවැරදි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කිරීම.
          පරිගණකයට ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කිරීමේදී එය මවුපුවරු නිෂ්පාදකයාගේ නිල වෙබ් අඩවියෙන් ලබා ගැනීමට සැලකිලිමත් වෙන්න. වර්තමානයේ  අන්තර්ජාලයේ විවිද පුද්ගලයන් විසින් විවිද අවශ්‍යතා(VGA overclock කිරීම වැනි) සඳහා modify කරන ලද ඩ්‍රයිවර්ස්  ඇති අතර එවැනි ඩ්‍රයිවර්ස්  බාවිතයෙන්ද මවුපුවරුවේ ආයුකාලය අඩු විය හැක.

5.ප්‍රශ්නයක් නැත්තම් බයෝස් යාවත් කාලින නොකරන්න.
        ඔබගේ මවුපුවරුව  හොදින් ක්‍රියාත්මක වේ නම් කිසි විටකත් bios update කිරීමට යාම නුවනට හුරු නැත. මවුපුවරුවේ යම් ගැටළු කාරී තත්වයක් පවතියි නම් පමනක් bios update කරන්න.ඊට හේතුව වන්නේ ඔබ පසුව ඉන්ස්ටෝල් කරන bios updateඑක  crash වීමට ඉඩ ඇති බැවිණි.

6.මවුපුවරුව තදින් තෙරපීමෙන් වලකින්න.
   මවුපුවරුවේ ඇතැම් ස්ථාන තරමක් සංවේදී වේ. එම නිසා RAM,VGA card,Sound card ගැලවීමේදී හා සවි කිරීමේදී එය නිවැරදි ආකාරයට ස්පර්ශ කර සවිකළ යුතුවේ. එසේ නොමැතිව හිතුමතේ සවි කිරීමට යාමෙන් මවුපුවරුව අනවශ්‍ය ලෙස තෙරපි එහි ක්රියාකාරීතවයට් බාදා ඇතිවිය හැක.

7.වයිරස් වලින් බයෝස් ආරක්ෂා කරගන්න
        වර්තමානයේ පරිගණක මවුපුවරුවේ බයෝස් වැඩසටහනටද ආසාදනය විය හැකි විවිධ හානිකර වැඩසටහන් ඇති බැවින් ඒවායින් වැලකි සිටිය හැකි හොඳ තත්වයේ ප්‍රතිවයිරස් මෘදුකාංගයක් බාවිතා කිරීම නුවනට හුරුය. වර්තමානයේ ඇති බොහෝ ප්‍රතිවයිරස් මෘදුකාංග මෙවැනි හානිකර වැඩසටහන් සොයාගැනීමට සහය දක්වයි.



ඔන්න මම ගියා.පොස්ට් එක වැදගත් කියල හිතෙනවා නම් කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා හොඳේ....

Saturday, May 18, 2013

හිතට දැනෙන කතා ටිකක්..


ඔන්න ඉතින් මට එහෙන් මෙහෙන් අහන්න දකින්න ලැබුණු හොඳ කතා ටිකක් මේ පාර පොස්ට් කරන්න හිතුවා. ඉතින් මේ හැම කතාවකින්ම අපේ ජීවිතයට මොකක් හරි  එකතු කරගන්න දෙයක් තියනවා. ඒ දේ ඔයාලත් ලබා ගත්තොත් මගේ පරමාර්තය සාර්ථකයි. හොඳ නරක,අඩු පාඩු ඔය යටින් කොටලා යන්න..


1.ආදරය.....



ඔන්න ඉතින් එක දුප්පත් කොල්ලෙක් පෝසත් කෙල්ලෙක්ට හිතින් ආදරය කරනවා. ඉතින් දවසක් මෙයා මේක ඒ ගෑනු ළමයාගෙන් ඇහුවා. 
එතකොට මේ ගෑනු ළමයට තරහ ගිහින් මෙහෙම අර පිරිමි ළමයට බනින්න ගත්තා." තමුසෙට පිස්සු හැදීගෙන එනවද? තමුසේ මාසෙකට හොයන ගාන මට දවසකට වියදම් කරන්නත් මදි. ඉතින් කොහොමද මම තමුසෙත් එක්ක ජීවත් වෙන්නේ. ප්ලීස්. මට කරදර නොකර ගිහින් තමුන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්නවා."
ඉතින් මේ පිරිමි ළමය මුකුත් කිව්වේ නෑ. නිශ්ශබ්දව හිටිය විතරයි.
ඔන්න ඉතින් මේ දෙන්නා අවුරුදු 6 කට විතර පස්සේ සුපර් මාකට් එකක් ඇතුලෙදි හම්බවෙනවා. දෙන්නට දෙන්නව අඳුරගන්න නම් අමාරු වෙන්නේ නෑ. ඔන්න ඉතින් ගෑනු ළමය කතාව පටන් ගන්නවා.
"මාව මතකයි නේද? ඉතින් දැන් මොකද කරන්නේ. මේ සුපර් මාකට් එකේද දැන් වැඩ?"
පිරිමි ළමයා නිශ්ශබ්දව සිටියි.
"හා හා කමක් නෑ. මේකත් හොඳ ජොබ් එකක් නේ. දන්නවද? මම දැන් බැඳලා ඉන්න මගේ හස්බන්ඩ් ගේ පඩිය ලක්ෂ දෙකයි.එයා වැඩ කරන්නේ ප්‍රයිවට් ෆර්ම් එකක.ආහ්.. අර එන්නේ එයා.." 
ඇගේ ස්වාමි පුරුෂයා මෙතැනට පැමිණේ. පැමිණ පිරිමි ළමයා දෙස බලා ...
"ආනේ බොස්. මොකද මේ සුපර් මාකට් එකේ. ෂොපින් කරන්නවත් ආවද?"
ගැහැණු ළමයා ගල් ගැසී බලා සිටියි.ස්වාමි පුරුෂයා නැවත තම භාර්යාව(ගැහැණු ළමයා) දෙස  බලා...
"මේ තමා මගේ බොස්, මේ සර් ගාව තමා මම අලුතෙන් ලක්ෂ දෙකක පඩියට වැඩට ගියේ...සර් තාම බැඳලා නෑ. මොකද සර් ඒ දවස් වල ආදරේ කරපු ගෑනු ළමයා සර්ට කැමති වෙලා නෑ. ඒ දවස්වල සර් දුප්පත් නිසා"

මේ ලෝකයේ සාර්ථක වූ කිසිවෙක්  උපතින්ම සාර්ථක අය නොවේ.(ඒ අය  පිලිබඳ වැඩි දුර තොරතුරු මෙම ලිපියෙන්) ඔවුන් තම උත්සාහය , කැපවීම මත සාර්ථක වූ අයයි. අපටද මේ ලෝකයේ හිමි තැනක් ඇත. අවශ්‍ය වන්නේ අපගේ උත්සාහය හා කැප කිරීමයි.


2.තාත්තාගේ බිස්නස්...


දිනක් ව්‍යාපාරිකයෙක් තම නිවසේ ව්‍යාපරික කටයුත්තක නියලී සිටින විටක තම පොඩි පුතු ඔහු ලඟට පැමිණෙයි. පැමිණ මෙසේ විමසයි.
"තාත්තේ, ඔයා දවසකට කීයක් හම්බ කරනවද.?"
එවිට පියා තම පුතුට තේරෙන ආකාරයට තම දිනක ආදායම කියයි..
"රුපියල් සීයේ කොළ පහලවක් විතර පුතේ!..."
පුතා..
එහෙනම් මට සීයේ කොළ හතක් විතර දෙන්නකෝ..
පියා 
"ඒ මොකටද? අයෙත් මොකක් හරි විකාර සෙල්ලම් බඩුවක් ගන්න නේද? පෙරේදත් එකක් ගෙනත් දුන්නනේ. මම සල්ලි හම්බ කරන්නේ ඔය විකාර වලට වියදම් කරන්න නෙවේ. යනවා යන්න මෙතනින්."
පුංචි පුතු හැඩුම්බර විලාශයෙන් කාමරයට ගියේය. තමා කලේ වරදක් බව වටහා ගත පියා සීයේ කොළ හතක් ද රැගෙන පුතුගේ කාමරයට ගියේය. ගොස් පුතුගේ ඔලුව අතගා "මෙන්න පුතේ සල්ලි. පුතාට කැමති දෙයක් ගන්න " යයි පැවසීය. පුතු මදහසක් පා එම සල්ලි අතට ගත්තේය. ඉන පසු ඇඳේ කොට්ටය ඔසවා එය යට තිබු පොඩිවී ගිය සීයේ නෝට්ටු කිහිපයක් ගත්තේය. රැගෙන එය පියා දුන් මුදලත් සමග තබා පියා වෙත දික්කළේය. එවිට පියා විමතියට පත්ව " අයි පුතේ මට සල්ලි දෙන්නේ?" යයි විමසීය.
"මෙතන තාත්තා දවසකට හම්බ කරන ගාන තියනවා. මේක තියාගන තාත්තා දවසකට ගෙදර නැවතිලා මාත් එක්ක එනවද පාක් එකට ගිහින් සෙල්ලම් කරලා හවස චිත්‍ර පටියකුත් බලලා එන්න?". පියාට කර කියාගත හැකි දෙයක් නොවීය.මුදල් නිසා තමා විසින් කල යුතු වටිනා දේවල් කෙතරම් අතපසු වනවා දැයි ඔහුට වැටහුනේ එවිටය . 
"හරි පුතේ. මම මේ සතියෙම පුතත් එක්ක ඉන්නවා ."
පියා එසේ පවසද්දී පුතුගේ මුවට නැගුනු සුරතල් සිනහව තමා මෙතෙක්කල් උපයාගත් ලක්ෂ ගණනටත් වඩා වටිනා බව පියාට වැටහුනේ එවිටයි. 


3. තාත්තයි පුතයි.......


දිනක් එක් පියෙක් හා පුතෙක් නිවසේ සිටි බූරුවාද රැගෙන අසල ගමේ ඇති පොලට යන්න පිටත් වුනා. ඔන්න ඉතින් පුතා බූරුවාගේ පිටේ යනවා, තාත්තා පැත්තකින් බූරුවව අල්ලාගෙන පයින් යනවා. ඔන්න ඔහොම ටිකක් දුර යද්දී මිනිස්සු කියන්න ගත්තා "මහ පුදුම පුතෙක් තමා. අර අසරණ තාත්තව පයින් යවලා පුතා බූරුවාගේ පිටේ යනවා" කියලා. අන්තිමේට මේ කතා අහල බැරිම තැන පුතා බිමට බැහැලා තාත්තව බූරුවාගේ පිටේ නැග්ගුව. ඔන්න අයෙත් ඔහොම ටිකක් දුර යද්දී අයෙ මිනිස්සු කියන්න ගත්ත " මාර තාත්තෙක් තමා. අර පොඩි පුතාව පයින් යවලා තාත්ත හොඳට බූරුවාගේ පිටේ යනවා" කියල .
අයෙත් ඉතින් බැරිම තැන දෙන්නම නැග්ගා බූරුවාගේ පිට උඩට . ඔහොම ටිකක් දුර යද්දී අයෙත් මිනිස්සු කියනවා 
"මාර තාත්තෙකුයි පුතෙකුයි. අර වයසක බූරුවට දෙන වදයක්" කියලා. ඉතින් මොනවා කරන්නද? අයෙත් දෙන්නම බූරුවගෙන් බැහැලා දෙන්නම පයින් යන්න ගත්තා.ඔන්න ටික දුරක් යද්දී මිනිස්සු ආයේ කියනවා.
"මහා මෝඩයෝ දෙන්නෙක්. අර බූරුවෙක් ඉඳගෙනත් දෙන්නම පයින් යනවා.පව්!" කියලා. මොනවා කරන්නද? ඔහෝම ඔහොම මග පරක්කු වේවි අන්තිමේට ගිහින් බලනකොට පොලත් ඉවර වෙලා. අන්තිමේට දෙන්නම හිස් අතින්ම අයෙත් එන්න පිටත් උනාලු.

ඔබත් තීරණයක් ගන්න කලින් ඒ ගැන දහස වාරක්‌ හිතන්න. හැබැයි එහෙම තීරණයක් ගත්තට පස්සේ අයෙ කවුරු මොනවා කිව්වත් ඒක වෙනස් කරන්න එපා. මිනිස්සුන්ට අපි මොනවා කරත් එකට කියන්න මොකක් හරි තියනවා. ඒවාට කන්දිදී ඉන්න ගියොත් අපිට අපේ ඉලක්කයට කවදාවත් යන්න නම් හම්බෙන්නේ  නෑ. අර තාත්තටයි පුතාටයි වෙච්ච දේ තමා වෙන්නේ.  

ලිපියේ හොඳ නරක ඔය යටින් කොටලා යන්නකෝ..

Sunday, April 14, 2013

ඔබත් android වලට අලුත් ද? එහෙනම් මෙන්න වටින දේවල් ටිකක්.




ඔන්න ඉතින් මාස 5 කට විතර පස්සේ තමා පොස්ට් එකක් දාන්න හම්බුනේ. මොකද exam නිසා හෙල්ලෙන්නවත් වෙලාවක් නැහැ. ඉතින් ඔක්කොටම කලින් හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඉතින් මම මේ පාර පොස්ට් කරන්න හිතුවේ android smart phones වලට ආගන්තුක අයට ටිකක් වැදගත් වෙයි කියල හිතුන ලිපියක්.  මොකද පරන ෆෝන් තියන හැමෝම දැන් android වලට මාරු වෙනවනේ.


Blackmart alpha


මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයි. මොකද මේකත් හරියට අර අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා ක්‍රැක් කරගෙන පාවිච්චි කරනවා වගේ තමයි. අපි google play store ඒකෙන් සල්ලි දීල ගන්න ඕන ගොඩක් සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන්.


web browser


android smart phones පාවිච්චි කරන අයට වැදගත්ම දෙයක් තමා ෆෝන් එකේ web browser එක. හැමෝටම ඕනේ තමන්ගේ වැඩේ ඉක්මනින්ම කරගන්නනේ. ඉතින් අපි ෆෝන් ඒකෙන ඉන්ටනෙට් යද්දී එහි වේගයට  අන්තර්ජාල සේවා වේගය වගේම අපි පාවිච්චි කරන web browser එකත් ගොඩක් බලපානවා. ඉතින් මම පහලින් දීල තියෙන්නේ ඒ සඳහා දැනට තියන හොඳම web browser ටික.

Chrome
Download from market

Dolphin Browser
Download from market

Opera Mini web browser
Download from market


smart keyboard pro


පුරුදු උනාම පට්ට ස්පීඩ් ටයිප් කරන්න පුළුවන්.




Juice defender 


බැටරි බහින එක පොඩ්ඩක් බ්රේක් කරගන්න නියම සොෆ්ට්වෙයා එක.




Download Manager for android

ඕනෙම දෙයක් එසැනින් බාගන්න.




Tube Mate

යු ටියුබ් වීඩියෝ බාන්න ඕනෙද. මෙන්න ලේසිම විදිය.

Wave Control Pro


ඔබගේ android smart phone එකේ ඇති proximity මගින් ඔබගේ දුරකථනය කිසිදු ලෙසකින් ස්පර්ශ කිරීමකින් තොරව ඔබගේ අත දුරකථනය ආසන්නයෙන් ගෙනයාමෙන් පමනක් music play,pause,stop,next,prev. කිරීම,call answer කිරීම ආදී බොහෝදෙ කරගැනීමට අවස්තාව ලබාදෙන මෘදුකාංගයකි.





Fast file transfer


ඔබගේ දුරකතනයේ ඇති විශාල ෆයිල් ඉතාමත් ඉක්මනින් තවත් දුරකතනයකට wi-fiහරහා  send කල හැකි හැකියාව සහිත  මෘදුකාංගයකි.





sms sheduler

දිනයක් හා වෙලාවක් දුන් විට අවශ්‍ය sms අදාළ දිනයට, වෙලාවට ස්වයන්ක්‍රීයව අදාළ  sms එක යැවීම සිදුකරයි.





Mx player


බොහෝ media file format ධාවනය කල හැකි ඉතා වටිනා  player එකකි.





Winamp


සංගීතය රස විඳීමට ඉතාමත් අනර්ග මෘදුකාංගයකි.




Pdanet

ඔබගේ android smart phone එක මොඩමයක් ලෙස බාවිතා කර ඔබේ පරිගණකය හරහා අන්තර්ජාලයට සම්බන්ද වීමට ඉඩකඩ සලසා දෙන ඉතාමත් වටිනා මෘදුකාංගයකි.




තව සොෆ්ට්වෙයා නම් ගොඩක් තියනවා. වෙලාවක් තියන හැටියට ඒවා පොස්ට් කරන්නම්.