Tuesday, July 31, 2012

සඳ ගමන ප්‍රෝඩාවක්ද?


ඔන්න කාලෙකට පස්සේ ටිකක් කාලීනව වැදගත් කියල හිතෙන මාතෘකාවක් යටතේ පොස්ට් එකක් දෙන්න හිතුවා.හැබැයි මම මේ කරන්නේ මිනිස් ඉතිහාසයේ ලොකු සන්ධිස්තානයක් හෑල්ලුවට ලක් කිරීමත් වත් 

මඩ ප්‍රහාරයක් එල්ල කිරීමක් වත් නෙවෙයි. වර්තමානයේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු ප්‍රශ්නයක් ගැන කරුණු ටිකක් ඉදිරිපත් කිරීමකුයි කරන්නේ.
1969 ජුලි 16 වැනිදා ලෝකයා විශ්මයට පත් කරමින් සඳ මතුපිට ප්‍රථමවරට මිනිසුන්  ඇවිද ගියා. ඒ තමා ඇපොලෝ 11 ව්‍යාපෘතියේ ගමන් ගත් නීල් අම්ස්ට්‍රොන්ග්,එඩ්වින් ඔල්ඩ්රින් හා මයිකල් කොලින්ස්. එය 

සජීවීව රූපවාහිනිය ඔස්සේ ලොව පුරා විකාශය කෙරුනා.මෙය මිනිස් ඉතිහාසයේ විශාල සන්ධිස්තානයක්.නමුත් මෙය සිදුවී දැනට වසර හතළිහකටත් වඩා  කාලයක් ගතවී ඇතිමුත් දැනටත් ලොවපුරා විවිධ 

පුද්ගලයෝ,විද්‍යාඥයින් මේ සම්බන්දයෙන් විවිධ අදහස් පල කරනවා. විද්‍යාත්මක කරුණු  හා සඳ ගමනේදී ලබාගත් චායාරූප ඇසුරින් ඔවුන් පවසන්නේ මේ ඇපොලෝ 11 සඳ ගමනක් සත්‍යවශයෙන් සිදුවී 

නොමැති බවයි. ඔවුන් පවසන්නේ ඇපොලෝ 11 සඳ ගමන, සෝවියට් රුසියාව ප්‍රථම වරට කෘතීම චන්ද්‍රිකාවක් (ස්පුට්නික්) අබ්යාවකාශ ගත් කිරීමත් සමගම තමන්ගේ මහන්තත්තකම රැකගැනීමට වියරුවෙන් 

ඇමරිකාව විසින් චිත්‍රගාරයකදී පටිගතකල චිත්රපටයක්‌ බවයි. ඔවුන් මේ සඳහා විවිධ සාක්ෂි ඉදිරිපත් කරමින් එය තහවුරු කිරීමට උත්සහ දරනවා. මම මෙතැන පටන් එම කරුණු හා නාසා ආයතනය ඒවාට ලබාදුන් 

ප්‍රති උත්තර,පැහැදිලි කිරීම් එකින් එක ඉදිරිපත් කරන්නම්.

1.පහතින් දැක්වෙන්නේ ඇපොලෝ 16 මගින් සඳ මතුපිට සිට ලබාගත් පෘතුවියේ චායාරූපයක් හා ඇපොලෝ 11 මගින් ලබාගත් චායාරූපයකුයි. ඇපොලෝ 16 මගින්  අධෝරක්ත කැමරාවෙන්  ලබාගත් 

චායාරූපයේත් පෘතුවිය වටා පසුබිමේ තරු හොදින් දිස්වෙන මුත් ඇපොලෝ 11 මගින් ලබාගත් චායාරූපයේ පෘතුවිය සහිත පසුබිමේ එකදු තරුවක් වත් දක්නට නැත.
            ඇපොලෝ 16 යානය සඳ මතුපිට සිට ලබාගත චායා රූපයක්                
       ඇපොලෝ 11 යානයෙන් ලබාගත්ත යයි කියන චායාරූපය

2. පහත දැක්වෙන්නේ සඳ මතුපිටින් ලබාගත් පාශානයක චායාරූපයකුයි. හොදින් නිරීක්ෂණය කිරීමේදී ඔබට දක්නට ලැබෙයි එම පාශානය මතුපිට හා එය අසලම පොලවේ කුඩාවට "C" හැඩයට යෙදු 

සලකුණක්. ඉතින් මේ චායාරූපය ගැන බොහෝ දෙනා දරන මතයක් වන්නේ මෙවැනි නම් කිරීම් හොලිවුඩ් සිනමාවේ විවිධ රංග උපකරණ වල දක්නට ලැබෙන බවයි. මෙලෙස නම් කිරීම් කරන්නේ රූපගතකිරීම් 

වලධි අදාළ වස්තුව වඩාත් හොදින් ස්තානගත කිරීමට බවයි ඔවුන්ගේ මතය. එම නිසා ඔවුන් පවසන්නේ apollo 11 සද ගමන හොලිවුඩ් චිත්රාගරයක කල රූපගත කිරීමක් බවයි.

3. මෙම චායාරූපයේ සිටින ගගන ගාමීන් දෙදෙනාගේ සෙවනැලි දෙස හොදින් බලන්න. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ මීටර් 2 ක පමණ පරතරයකි. නමුත් ඔවුන් දෙදෙනාගේ සෙවනැලි වල ප්‍රමානය අතර  

වෙනසක් ඇත. කොඩියට පිටුපසින් සිටින්නාගේ සෙවනැල්ල ඉදිරියෙන් සිටින්නාගේ සෙවනැල්ලට වඩා  දිගුය. මෙය ප්‍රකාශ විද්‍යාත්මකව වියහැකිද?මේ පිලිබඳ විද්‍යාඥ මතය වන්නේ මෙය කෘතීම  

ආලෝකකරණයක් යටතේ සිදුකල ක්‍රියාකාරකමක් බවයි. සූර්යාගෙන් පමණක් ආලෝකය ලැබෙනවා (එක ආලෝක ප්‍රබවයක් පමණක් ඇති නම්)නම් මෙලෙස සෙවනැල්ලේ දිග වෙනස් වියනොහැකි බවයි 

ඔවුන්ගේ මතය.

4.ඉහත කී කරුණ ඔබට මෙම රූපයෙන් වඩාත් හොදින් පැහැදිලි වේවි. මෙම රූපයෙන් දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් ඊගල් යානයට නගින අන්දමයි. ඔහු සිටින්නේ යානයේ තද අඳුරු සෙවනැල්ල තුල වූවත් ඔහුව 

හොදින් දර්ශනය වනවා . වෙන කිසිවක් පමණක් නොව ඔහුගේ කළු පැහැති සපත්තු දෙක පවා හොදින් දර්ශනය වනවා. මෙයිනුත් ඔප්පු වන්නේ සූර්යාලෝකයට අමතරව වෙනත් කෘතීම ආලෝකයක් මෙහි 

යොදාගන  ඇති බවයි. 

5.ඔබ දන්නවා සඳ ගමනට තිදෙනෙක් සහබාගි වූවාට ඔවුන් දෙදෙනාගෙන් සඳ මතුපිට ඇවිද ගියේ දෙදෙනෙක් බව. ඒ නීල් අම්ස්ට්‍රොන්ග් හා ඔල්ඩ්රිනුයි. මයිකල් කොලින්ස් යානයේ පාලක මැදිරියේ සිට පෘතුවිය 

සමග සම්බන්දතා පැවැත්වුවා. ඉතින් පහත රූපයේ සිටින්නේ එඩ්වින් ඔල්ඩ්රින්. ඔබට පෙනෙනවා ඇති ඔහුගේ ව්යිසරයෙන් ඉදිරියෙන් සිටින නීල් අම්ස්ට්‍රොන්ග් හා ඊගල්ස් ලුනාර් යානය දිස්වෙන ආකාරය. .නමුත් 

එහි කොහෙවත් කැමරාවක සලකුණක් වත් නැහැ. එසේනම් චායාරූපය ගත්තේ කවුරුන්ද?

6.පහතින් දැක්වෙන රූපයේ දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් සඳ මතුපිට ඇවිදීමේදී ලබාගත් පාසටහනක්‌ .එය දෙස හොදින් බලන්න. ඒක හරියට නිකං තෙත පොළවක හිටපු පා සලකුණක් වගේ හොදින් තදින් 

හිටලා තියනවා නේද.වායුගෝලයක් වත් නැති සඳ මතුපිට පෘෂ්ටය තෙත් උනේ කොහොමද?

මේ සම්බන්දයෙන් ඉතිරි කරුණු හා නාසා ආයතනය මගින් මෙම සංසිද්දී පැහැදිලිකර ඇති ආකාරය මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

Wednesday, July 11, 2012

යුධ අහසේ පෙරළිකාරයා SR-71 "blackbird"



යුද්දය කියන්නේ හොඳ දෙයක් නෙවේ. එත් මිනිසා වර්තමානයේ වැඩිම මුදලක්  වියදම් කරන්නේ යුදමය කටයුතු සඳහා. ඒ කියන්නේ මිනිසාගෙන් මිනිසා ආරක්ෂා කරන්න.ඉතින් මේ පොස්ට් ඒකෙන් දෙන්න හිතුව

එහෙම යුදමය කටයුතු සඳහා නිෂ්පාදනය කරපු ඇමරිකානු ගුවන් හමුදාවේ ඉහළ ස්ථානයක් හිමිකරගෙන තිබුණු  SR-71 blackbird කියන ගුවන් යානය ගැන කරුණු ටිකක්. ඉතින් මේ ගුවන් යානය

හදල තියෙන්නේ 1964 දී.මෙහි නිර්මාතෘ තමා ලොක්හීඩ් මාටින් සමාගමේ ක්ලැරන්ස් කෙලි ජොන්සන්.මේ යානයට මාක් 3.3 ක් , ඒ කියන්නේ ශබ්දයේ වේගය මෙන් 3.3 (තත්පරයට මීටර් 1122 ක්)න්

ගුණයක උපරිම වේගයෙන් ගමන් කිරීමේ හැකියාව තියනවා. මේහි ආයුදත් සමග මුලූ බර කිලෝග්රෑම් 69000 පමණ වෙනවා.මේක යුද අහසේ මොන තරම් පෙරලියක් කරලා තියනවද කිව්වොත් 1966 ඉඳල

1998 වෙනකන්, ඒ කියන්නේ අවුරුදු 32 ක් විතර ක්‍රියාකාරී තත්වයේ පවතින ගුවන් යානයක් විදිහට බාවිතයට අරන් තියනවා. මේ යානය හදන්න ප්‍රදාන හේතුව වෙලා තියෙන්නේ මීට කලින් එක්සත් ජනපදයේ

හොඳම යුද යානය වෙලා තිබුණු  u-2 යානය රුසියාවේදීSAM(surface-to-air missiles)ප්‍රහාරයක්  මගින් බිම දැමීමයි. මාක් 3.3  ක වැනි අදික වේගයකින් ගමන් කිරීමේදී ඇතිවන

පීඩනයට ඔරොත්තු දීම සඳහා මේ යානයේ බඳ හා යානයේ ඉතුරු කොටස් වලින් 81 % ක් නිපදවා තිබෙන්නේ ටයිටේනියම් මිශ්‍රිත මිශ්‍ර ලෝහයකින්. ඒ වගේම මේ යානය රේඩාර් වලට හසුවීමේ අවදානමද ඉතා

අඩුයි. එය නිපදවා තිබෙන්නේ සාමාන්‍ය රේඩාර් තරංග අවශෝෂනය කිරීමේ හැකියාවක්ද සහිතවයි.එම ක්‍රියාකාරකම ඉටු කරන්නේ මෙහි ආලේපිත විශේෂ ආලේපනය මගින්.

                             sr-71 හි අධි බලති ප්‍රධාන එන්ජිම 
විශේෂයෙන් මාක් 3.3 ක අධික වේගයෙන් ගමන්කිරීමේදී ඇතිවන පීඩන වෙනස හා උෂ්ණත්වය(සෙල්සියස් අංශක 260 ක් පමණ) පාලනය කිරීමට වූ විශේෂ යාන්ත්‍රණයක් මෙහි අන්තර්ගතයි.

විශේෂයෙන් මෙහි කර්තව්‍ය වන්නේ න්‍යෂ්ටික ප්‍රහාර නිකුත් කිරීමයි.එකවර ප්‍රධාන නියමුවන් දෙදෙනෙක්ට හා ආයුද පාලන නියමුවෙකට මෙහි ගමන් කල හැකියි. මෙහි නියමුවන්ටද උපරිම ආරක්ෂාවක් මෙමගින් සපයාදී තිබෙනවා . 

                           ගුවන් නියමුවාගේ විශේෂිත ඇඳුම කට්ටලය 
                                              ප්‍රදාන සැකිල්ල 

        

මෙහි යුධ ඉතිහාසය ගත්තොත් විශේෂයෙන් ගල්ෆ් යුද්දයේදී විශාල වැඩ කොටසක් මෙමගින් ඉටුකර තිබෙනවා.ඒ වගේ පසු කාලයකදී සතුරන්ගේ චායාරූප ගැනීමට විශේෂ අධි බලති කැමරා පද්දතිය්කුත් මෙයට සම්බන්ද කර තිබෙනවා.
කොහොම උනත් තවදුරටත් මෙවැනි ගුවන් යාන බාවිත කරන්න අවස්ටාවක්‌ ඉදිරි අනාගතයේදී ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. මොකද එහෙම උනොත් ඇතිවන විනාශය අපිට හිතාගන්නවත් බැරි වේවි.