Sunday, November 29, 2015

ඔබ මියයාමට පෙර නැරඹිය යුතු චිත්‍රපට - part 1 (the movies must watch before you die)

සිනමාව යනු  වර්තමානයේ පවතින , මිනිස් හදවතට ආමන්ත්‍රණය කල හැකි ප්‍රභලතම මාධ්‍යකි.ජාත්‍යාලය , සහෝදරත්වය, ආදරය ,අවංක භාවය, වීරත්වය,පක්ෂපාතිත්වය,නිර්භීතභාවය, භක්තිය පිලිබඳ මිනිසා තුල මානුෂිය හැඟීම් උපරිමයෙන්ම දැනවිමටත් මිනිස් සිතුම් පැතුම් සම්පුර්ණයෙන් උඩු යටිකුරු කිරීමටත්  හැකි අපුර්ව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යකි.  කතනයක වචන දහසකින් , පැය ගණනකින් පවසන්නා වූ දෑ අතිශය නිර්මාණශීලි වූ රූපරාමු කිහිපයකින් ප්‍රේක්ෂකයාට දැනෙන්නට පෙන්වීමට ඇතැම් සිනමා කරුවන්, සිනමා කෘති සමත්ය. අරුත්බර දෑ ජිවිතයට එක් කර ගැනීමට සොයන ඔබ වෙනුවෙන් මා නැරඹු  එවැනි නිර්මාණ ලැයිස්තුවක් මෙලෙස ඔබ ඉදිරියේ පෙලගස්වමි. මගහැරුණු ඒවා ඇත්නම් මාද දැනුවත් කරන්න.

1.The Shawshank Redemption
             


ලොව වටා සිනමා ලෝලීන්ගේ ජනාදරයට පාත්‍ර වූ ,සම්මාන ලාභී  , අන්තර්ජාලයේ දර්ශක තුලත් පෙරමුණ ගන්නා අපුර්ව ,සාර්ථක සිනමා කෘතියකි. තමන් නොකළ තමන්ගේ බිරියගේ මිනීමැරුමට අසුවී සිරගතවීමට සිදුවන අහිංසක පුද්ගලයෙකු වටා  කතාව ගෙතී යයි. සොරුන්ගෙන්, මිනීමරුවන්ගෙන් ,ස්ත්‍රී දුෂ්කයන්ගෙන් ගහන වූ සිරගෙදර මෙම බුද්ධිමත්, අහිංසකයාගේ  ආගමනයත් සමග විශ්ව විද්‍යාලයක් වන අයුරු නිර්මාණශීලි ලෙස රූපණය කර ඇති මේ අපුරු සිනමා සිත්තම මිනිසෙකුගේ නොපසුබට උත්සාහය,අවංක භාවය ,නිර්භීතත්වය තුලින් සියල්ල වෙනස් කල හැකි බවත් කායික ශක්තියට වඩා බුද්ධිය , මානසික ශක්තිය බලවත් බවත් මනාව විදහාපායි.
මගේ ලකුණු - 9.5/10

2. Saving Private Ryan



 


යුධ , ක්‍රියාදාම ගනයේ සිනමා නිර්මාණයකි. අධ්‍යක්ෂණය ලෝක පුජිත සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග්ය. පෞද්ගලිකවත් මාගේ ප්රියතම එකකි.එකම පවුලේ සහෝදරයන් තිදෙනෙක් හමුදාවට බැඳී සිටින අතර යුද ක්‍රියාන්විත වලදී ඉන් දෙදෙනෙක් මියයයි. යුද නීති අනුව එසේ වුවහොත් ඉතිරි පුද්ගලයා හමුදාවෙන් නිදහස් කල යුතුය. නමුත් මෙම ඉතිරි සහෝදරයා සිටින්නේ යුධ පෙරමුණේය.මෙම ඉතිරි වූ සහෝදරයා සොයා යන සොල්දාදුවන් කණ්ඩායමක වීර සුවිසැරිය මෙහි කතාවට පාදක වෙයි. අභීත නායකත්වය, යුද්දයේ කුරිරු බව,සටන්කාමිත්වය , නොසැලෙන උත්සාහය දරුණු ලෙස අතිශය තාත්විකව  උලුප්පා දක්වන වේග රිද්ම චිත්‍රපටයකි.
මගේ ලකුණු - 9.5/10

3.The Green mile



 

තාත්වික රාමුවෙන් එපිටට මිනිස් මනස රැගෙන යන චිත්‍රපටයකි. නොකළ වරදකට සිරගතවන අසාමාන්‍ය දිව්‍යමය හැකියාවලින් යුත් අපුරු අහිංසක සිරකරුවෙකු හා එහි ජේලර් වරයා වටා කතාව ගෙතී යයි. මිනිස් ජීවිතය පිලිබඳ කිසිවෙකු නොදකින කෝණයකින් බලා හැදෑරීමට, අවබෝධකර ගැනීමට ඉඩ සලසන චිත්‍රපටයක් ලෙස දැක්විය හැක.සිනමා පටය තුල ප්‍රේක්ෂකයා වෙනමම ලොවක් තුලට ගෙනයන නිර්මාණකරු නැවත ප්‍රේක්ෂකයා පියවි ලොවට ගෙන එන්නේ සියල්ලන්ගේම නෙතට කඳුලක් නංවමිනි.
මගේ ලකුණු - 9/10

4.Forrest Gump

 


බුද්ධිමට්ටමෙන් අඩු පුද්ගලයෙකුගේ ජිවිත කතාව වටා චිත්‍රපටය ගොඩ නැගී ඇත. සාමන්‍ය බුද්ධිය ඇති පුද්ගලයෙකු හා මෙම පුද්ගලයා සංසන්දනය කිරීමට නිර්මාණකරු චිත්‍රපටය පුරාම උත්සහ කර ඇති අතර එය සාර්ථක වී ඇත්තේ එම චරිතයට පන පොවන Tom Hanks ගේ අතිවිශිෂ්ට වූ රන්ගනයෙන්ය. මෙවැනි පුද්ගලයෙකුට උපතේ සිට ජීවිතාන්තය දක්වා විදීමට සිදුවන් කටුක අත්දැකීම්, සාමාන්‍ය මිනිසෙක්ට වඩා සාර්ථක වීමට ඔහු තුල ඇති ගුණාංග චිත්‍රපටය තුල වරින්වර මතුවන්නේ ප්‍රේක්ෂකයා හඬවමින් සහ තම ජිවිතයේ දුර්වල තැන් අවබෝදකර ගැනීමට ඔවුන්ට ඉඩ සලසමින්ය.
මගේ ලකුණු - 9.5/10

5. 3 Idiots


 

ඉන්දියානුවන්ගේ අතිශය නිර්මාණශීලි වූ සංගීත, ගීත වලින් හා අදහස් වලින් වර්ණවත් වූ ,කාලීන සිදුවීම් වල මනා සම්පිණ්ඩනයකි.තුන්වන ලෝකයේ රටවල අධ්‍යාපනයේ පවතින දුර්වලතාත් , සමාජ , ආර්ථික ක්‍රමවේදයන්ගේ හා මතවාද වල පවතින  හිඩැස් සුපුරුදු අමීර් ඛාන් හා රාජ්කුමාර් හිරානි සුසංයෝගයෙන් නිර්මානශිලිව දෝෂදර්ශනයට ලක්කර ඇත. මිත්‍රත්වය හා සහෝදරත්වය අතර දුරස් බවක් නැති බවත්  කෙනෙකුට උදව්කිරීමෙන් ලැබෙන සතුටෙහි උතුම් ආශ්වාදයත් මින් විදහා දැක්වෙන ප්රධානතම මානුෂිය ගුණාංග වෙයි. ඉංජිනේරු පීඨයකට පැමිෙනණ එකිනෙකට වෙනස් හැකියාවන් ඇති සිසුන් තිදෙනෙකු පාදක කරගෙන කතාව ඇදී යයි. මිත්‍රත්වය, මනුෂ්‍යත්වය, ආදරය සියල්ලෙන්ම සංශිප්ත වූ ප්‍රහසන ගනයේ දුර්ලභ නිර්මානාත්මක සිනමා නිර්මාණයකි.
මගේ ලකුණු - 9.7 /10

6. A.I. Artificial intelligence

 



ප්‍රබන්ධ ගනයේ සිනමා කෘතියකි.මෙහි නිර්මාණකරු වන්නේද ලෝක පුජිත ස්ටීවන් ස්පිල්බර්ග් ය.මිනිස් දරුවෙකුගේ අඩුව පිරවීමට පවුලකට ගෙන එන කෘතීම බුද්ධියක් හිමි රොබෝ දරුවෙකු වටා චිත්‍රපටය ගොඩනැගී ඇත. මෙම රොබෝ දරුවා , මිනිස් අම්මා වෙත දක්වන අසීමිත වූ ආදරයත් එම ආදරයත් එම ආදරය වෙනුවෙන් ඔහු කරන්නා වූ කැපකිරීමත් මුසු වූ ඇඟ හිරිවැටෙන සිදුවීම් හා අනපේක්ෂිත , මනස කැළඹීමට පත් කරන්නාවූ අවසානයක් සහිත මනුෂ්‍ය ගුණධර්ම උතුම් ලෙස විදහා දක්වන පවුලේ සැම එකට හිද නැරඹිය යුතු ම චිත්‍රපටයකි.
මගේ ලකුණු- 9.6/10

7. Barfi

 



සාම්ප්‍රදායික ආදර කතා වලින් අපගමනය වූ වෙනස්ම ආරක් ගත් ආදර කතාවකි. උපතින්ම බිහිරි වූ ගොළු තරුණයෙකු වටා කතාව ගොඩනැගී ඇත. තම ගමට හදිසියේ පැමිණෙන සුරූපී තරුණියකගේ ආදරය හඹායන මෙම තරුණයාගේ ජීවිතය නොසිතු ආකාරයට වෙනස් වේ. ආදරයට කිසිම සීමාවක් නොමැති බවත් එයට භාහිර පෙනුම, හැකියාවන්,නොහැකියාවන් , මුදල්, බල නොපාන ආකාරයත් එකිනෙකා අතර හටගන්නා පරිපුර්ණ වූ ආදරයම ප්‍රමාණවත් බවත් විදහා දක්වයි.වර්තමානයේ තරුණ තරුණියන් අතර විනාඩි දෙකේ ක්ෂණික නුඩ්ල්ස් මෙන් ඇතිවී නැතිවන ආදරයත් මෙම ශරීර අංග වලින් අසම්පුර්ණ වූ දෙදෙනා අතර ඇතිවන පරිපුර්ණ ආදරයත් අතර අන්තරය විදහා දක්වන මෙම චිත්‍රපටය ආදරයට ආදරය කරන සියලු දෙනා අනිවාර්යෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයකි. 
මගේ ලකුණු - 9.7/10

8. Slumdog Millionaire

 



ජාතිවාදය නිසා බැටකන ඉන්දියානු තරුණයන් දෙදෙනෙක් චිත්‍රපටයට පාදක වෙයි. "who wants to be a millionaire" නමැති ප්‍රශ්නවිචාරාත්මක තරඟාවලියට ඇතුල් වන සමාගමක සුළු සේවක තරුණයෙක් හා ඔහු එහි ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දෙන ආකාරයත් එලෙස නිවැරදි පිළිතුරු දීමට හේතු පාදක වන අතීත කතාවත් අතර කතාව දිව යයි. සමාජයේ පවතින ගැටළු , විෂමතා, ජාතිවාදී ආගම්වාදී සංකල්ප, දුර්වලතා, ගැඹුරින් විමසන නිර්මාණකරු චිත්‍රපටයේ පසුබිමින් ගලායන තියුණු ආදර කතාවක ආශ්වාදය ද ප්‍රේක්ෂකයාට විඳීමට ඉඩසලසයි.මනුෂ්‍යත්වයේ සිව්කොන් අතරින් ගලායන මෙම අපුර්ව නිර්මාණයද ඔබ නැරඹිය යුතුම ඝනයේ එකකි.
මගේ ලකුණු- 9.5/10

9.Life is beautiful

 



තරුණයා හා තරුණිය අතර ඇතිවන ආදරය, සැමියා බිරිඳ අතර ඇතිවන ආදරය හා මව්පියන්  හා දරුවන් අතර ඇතිවන ආදරය මනාව සිත්තම් කල යුරෝපීය සිනමා සිත්තමකි. පෞද්ගලිකව මාගේද ප්රියතමයකි. යුදෙව් ජාතික තරුණයෙක් හා ජර්මන් ජාතික තරුණියක අතර ඇතිවන ආදරයෙන් කතාව ඇරඹෙන අතර දෙවන ලෝක යුද සමයේ මොවුන් දෙදෙනාට හා මොවුන්ගේ දරුවාට අත්විඳීමට සිදුවන කටුක අත්දැකීම පසුබිම් වූ සිදුවීම් සමුදායක් මෙයට පාදක වෙයි. පෞද්ගලිකව මෙම චිත්‍රපටය මා ද ජීවිතය දෙස වෙනස්ම කෝණයකින් බැලීමට යොමු කල  චිත්‍රපටයකි.ජිවිතයට ගතයුතු බොහෝ දෑ අඩංගුවන මෙම චිත්‍රපටයද ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු වූවකි.
මගේ ලකුණු- 9.8/10

10. Schindlers list

 



සත්‍ය සිදුවීමක් පාදක වූවක් වන අතර  ම්ලේච්චත්වය හා මනුෂ්‍යත්වය අතර දෝලනය වන සිනමා සිත්තමකි. දෙවන ලෝක යුධ සමයේ ජර්මනියේ යුදෙව් ජාතිකයන්ට සිදුකරන අමානුෂීය දඬුවම් හා ඔවුන් එම දඬුවම් වලින් බේරා ගැනීමට වෙර දරන ශින්ඩ්ලර් නමැති ජර්මන් ජාතිකයා වටා චිත්‍රපටය ගෙතී ඇත. ලොව විශාල මිනිසුන් වර්ග ප්‍රමාණයක් නැති බවත් සිටින්නේ වඩා හොඳ මිනිසුන් හා වඩා නරක මිනිසුන් පමණක් බවත් මින් පිළිඹිබු කරයි.අතිශය සංවේදී දර්ශන අඩංගු වේ. නැරඹිය යුතු යයි නිර්දේශ කරමි.
මගේ ලකුණු- 9.7/10

සිනමා ලෝලී , පළපුරුදු බ්ලොග් ලියන්නන් වන ඔබගේ අදහස් මාගේ මීළඟ ලිපිය වඩාත් සාර්ථක කරනු ඇත.
                                  -මතු සම්බන්ධයි-(to be continued)
දෙවැනි කොටසින් හමුවෙමු

Friday, November 27, 2015

Minisathkama (මිනිසත්කම) Lyrics -[Drill Team]



RAP
දෙසැම්බර විසි හය කම්පා කළා සක්වල..
දිනයක්ද නැතිවූ මිනිසත්කම ..
කුරිරුකම් වෙලිලා සිත් අද්දර..
කවුරුන්ද මිනිසා මේවා ප්‍රශ්න පත්තර.
සැඩ රැලි පහරා අනේ බේරගන්නේ..
ඔහු විලාපේ ඇසී බේරාගත්තේ..
දැක්කා ඇගේ මාලේ ,පවුකාර වාහේ ..
තල්ලු කල රැල්ලට කඩාගෙන මාලේ..
පාරේ මියගිය සිරුරු සොයමින් කෙලෙසුවා සොයුරියන්ගේ සිරුරු...

නාවේ ඇයි මිනිසත්කම ගියාද ගහගෙන දියපාරේ
සිත්මානේ මාගේ ශෝඛ සන්තාප පිරුණු ලිපිය දෙවියන්ගේ බාරේ
නොව කියන නිසාවෙන්, බලන් හැරී මදක් ජිවිත අඳුරු පාරේ
දස මසක් කුස දරා සියපුතු රැක්ක මවක්, රන්කිරි කටගෑ ඔහු වෙයි ඇයට හඳක්
නෑ ඔහුට හදවතක් , කලේ තම මවට අතවරයක්
නැහැ මගෙන්නම් අවසරයක් , හිතපන් තව සැරයක් දෙසැරයක්
කරනට පෙර මෙවැනි අපරාදයක්..
තරඟයක් , මේක අමුතු ලෝකයක් ..
අමනුස්සකම් කර ලැබෙයිදෝ සැපක්..

නෙතුපියන් හැර බලන් සිදුවන දේ මේ ලොවේ
මිහිමව අද කම්පා වී දැනෙනා රුදු බව ලොවේ
දඬුවම් කරත් නැහැ වියකෙන්නේ අමනුස් ගති මේ ලෝකයේ
සියලු දේ අතහැර විමසන් කෝ ඔබසතු ඔබේ ජිවිතේ

RAP
බඩට නොකා දරුවන් හැදුවේ මව
සෙනහස පුරවා ගත්තේ ඇස්දෙක
මේක කාපිය, මේක බිපිය , කියමින් අව නේද උබේ පසුපස
හෙලුවත් දහදිය මව විය දෙදෙනාම සිය දරුවන් කර දඬු උස වුනු කල
අතහැර හැර යයි දුකක් නැතුවම වාගේ, දෙමව්පියන් උරුමද මහලු මඩමකට
පින්විය යුතුයි උඹව කළු ගඟට , දුක් විය යුතුයි උඹව මඩමකට
අතහැර නොගියා ඒ මව , ඒ බව දැනදැන  අතහැරියේ ඇයි ඇය
මේක පාරන ඇගේ තරහව මේවා දැක , අහංකාර හිත කුරිරු අදහස් උබ
පෑරුවත් දෙමව්පියන්ගේ ඒ සිත , ප්‍රශ්න කරපන් උඹ උඹේ හෘද ශාක්ෂිය
වාසිය මුල්කරගෙන කාසිය ,  කිරිපෙව් මව වෙලා බිරිඳගේ දාසිය
මේ ඇයි කිමදැයි, ඈ දෙවියන් සේ සැලකිය යුතු නොවේදැයි
 වලලුවාද මිනිසත්කම,දුර්ගන්දය හමයි දසත
කුරිරු කම , නෙත් පියන් දුක්වියන් හිත් තදකරන්
ඉනු එපා තවදුරටත් ඇරපන් නෙතුපියන්

ගිනිජාලා කුරිරු කම් කොහොමද උහුලන්නේ මේ ලෝකේ
මේ අවදානම් මා එලිය බැලූ ලෝකය
නෙතුපියන් හැර බලන්......

 බලන් බලන් අපි අඳුරේ, මිනිසුන් මරායයි නිදිපැදුරේ
සෙලවූ ලෙය සයුරක් වාගේ මිනීද
කහවත්තේ මිනීද ගොඩගන්නේ

දසමාසේ උරෙඛත්වා..
රැක බලාගන්නේ අවසන් හුස්ම දක්වා

උද්දිකාරෝ අලින්ගිත්වා..
හද වඩා සැප සම්පත් දී මග පෙන්වා

උන්නේ දෙමව්පියන් මහලු මඩමේ
තනිකලත් ආසිරි පතනෙමි පුතුනේ
ඇඩුනේ දුකට නෑ වෛර කෙරැවේ

නෙතුපියන් හැර බලන් සිදුවන දේ මේ ලොවේ
මිහිමව අද කම්පා වී දැනෙනා රුදු බව ලොවේ
දඬුවම් කරත් නැහැ වියකෙන්නේ අමනුස් ගති මේ ලෝකයේ
සියලු දේ අතහැර විමසන් කෝ ඔබසතු ඔබේ ජිවිතේ

සියලු දේ අතහැර විමසන් කෝ ඔබසතු ඔබේ ජිවිතේ........................................

ගායනය- Drill team


                               Download Minisathkama mp3

Sunday, November 22, 2015

සීරුනු CD/DVD වල ෆයිල් copy කරමු.(How to copy files from scratched disk)

පරිගණක භාවිත කරන ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි CD/DVD යක් තුල ඇති ෆයිල් එකක් පරිගණකයට පිටපත් කිරීමේදී හා පරිගනකයක damage වූ  hard disk එකක ඇති ෆයිල් එකක් වෙනත් මාධ්‍යකට පිටපත් කිරීමේදී ඇතිවන විවිද ගැටළු. බොහෝ දෙනාට ඇතිවන පොදු ගැටලුවක් තමයි CD/DVD මුහුණත සීරීම නිසා එහි ඇති ෆයිල් විවෘත කිරීමේදී හා පිටපත් කිරීමේදී ඇතිවන ගැටළු. උදාහරනයක් ලෙස  CD/DVDයක් හෝ hard disk එකක් තුල ඇති video ගොනුවක් පරිගණකයට පිටපත් කිරීමේදී කිලෝබයිට් ගණනක ඉතා කුඩා ප්‍රමාණයක කොටසක් කියවගත නොහැකි ලෙස සීරි තිබීම නිසා මුළු video ගොනුවම පිටපත් කල නොහැකි වනවා. මෙවැනි ෆයිල් පිටපත් කිරීමට වර්තමානයේ විවිද මෘදුකාංග , උපක්‍රම ඇති අතර ඒවා අතරින් ගොනුවට අවම හානියක් වන ලෙස වඩාත් සාර්ථකව පිටපත් කල හැකි මෘදුකාංගය වන්නේ Copy It Anyway (CIA) මෘදුකාංගයයි.

1.Copy It Anyway (CIA) 2.4 සංස්කරණය මෙතනින් බාගන්න.
                                    


2.මෙහි වැදගත්ම අංගය වන්නේ මෙයයි. මෙහි මෙම On-error jump size හි අගය ස්ලයිඩරය මගින් සීරු මාරු කළහැකි අතර මෙහි වැඩි අගයක් තේරීමෙන් පිටපත් කිරීමේ වේගය වැඩි වන නමුත් ගොනුවේ දත්ත වලට සිදුවන හානිය තරමක් වැඩිය. අඩු අගයක් තේරීමෙන් දත්ත වලට සිදුවන හානිය ශුන්‍ය හෝ අවම වේ. 



3.පිටපත් කිරීමට අවශ්‍ය folder එක හෝ file එක තෝරන්න

4.පිටපත save කිරීමට අවශ්‍ය ස්ථානය තෝරන්න. ඉන් පසු START විදානය ලබා දෙන්න.

පිටපත් කරන මාධ්‍යයේ තත්වය අනුව ගතවන කාලය තීරණය වන අතර ඔබ කලයුත්තේ ඉවසීමෙන් බලා සිටීම පමණයි.

පළපුරුදු බ්ලොග් ලියන්නන් වන ඔබගේ අදහස් දැක්වීම මා මීළඟ ලිපිය සඳහා වඩාත් ධෛර්යමත් කරනු ඇත.


sinhala padama(සිංහල පාඩම) [RAP] Lyrics

                                                     

RAP
වැටියන් හීන මල් වරුසාවේ , එළියක් හොයනවා මම අන්ධකාරේ
දළදා සමිඳුගේ පිහිටේ, ඉබාගාතේ යමින් හොයනවා නිර්වානේ 
පිළුණු නොවෙන මගේ රැප් වලට 
යටවෙනවා උබලගේ කුනුවුණු රැප් ,මළකඳ මැස්සන් වටවෙලා ගන්දස්තාරය
මම ආවා කරවන්න ඔබලාගේ භූමිදානය,නිධානය සිංහල අකුර රැප් පොතේ උබල තාම කියවන්නේ පටුන
කියවපන් හැම පිටුවක්ම මතුවෙයි නම
කේසර රජ උඩරට රාජධානිය
100% සිංහල ,200%ක් ආදරෙයි  රටට , මැරුවත් මුල්තැන සිංහල කමට
0% මගේ හතුරට

සින්හනාදේ ලොව නංවා,නැගී සිටිමි  කඳු පරදා 
එක සිතින් එක් වීලා , රජ කරන්නේ අපය සැමදා...//    

RAP
හිතුමතේ මගේ ජීවිතේ,සමගි මාවතේ
දිව්වා හුඟක් දුර හති දාගෙන අපි හාමතේ 
මධුවිත අතේ , යාළුවො වටේ   
කවුරුවත්ම නෑනේ  දාගෙන යයිද එද්දී පොලිස් රථේ
අද සුභ රාත්‍රියක් අද සුභ දවසක් 
ස්තුතියි දෙවියනේ දුන්නට මෙහෙම සවියක්
ලිව්වා මම අම්මා ගැන කවියක් , එපා මට සම්මාන ගරුනාම මොකවත්
සිංහ නාද නැහැ බලු කෙඳිරිය ,අදත් එදා වගේමයිනේ නැහැනේ කට පදිරිය 
කියනව මම මට ඕනේ දේ ප්‍රසිද්දියට මැද ඇඟිල්ල, tv එකට කතිරය
ගෙවල් පැත්තේ කොල්ලෝ අපිනේ තරු , 
උඩරට කොලොම්පුර මුළු ලොවම දිනු 
වජබෙනවානේ මියෙන තුරු,
කරපන් සිංහල රැප් වලට ගරු,

එලිසම ගලපා පද පෙළ අමුණා
සිහබස සරසා මව්බිම බබලා
සිතුවිලි පවසා මුල් නොම සඟවා
සිහ රැප් වරුසා කෙත්වතු තෙමනා

RAP
සින්හනාදේ ලොව නංවා,නැගී සිටිමි  කඳු පරදා 
එක සිතින් එක් වීලා , රජ කරන්නේ අපය සැමදා...//
                      

ඔබගේ අදහස් දැක්වීම මාගේ ඉපයීමයි....   

Tuesday, November 17, 2015

Superb Photoshop Tutorials(Free) ෆොටෝෂොප් වැඩකෑලි



photoshop යනු වර්තමාන පරිගණක ලෝකයේ පරිගණක ලෝලීන් හා වෘතිමය චායාරූප සංස්කරණ ශිල්පින් අතර ඉතාමත් ජනප්‍රියම මෘදුකාංගයකි.වර්තමානයේ ඉතා ඉහල ඉල්ලුමක් ඇති චායාරුපකරණ ක්ෂේත්‍රයේ ආධුනිකයන්ගේ සිට පළපුරුදු ප්‍රවීනයන් දක්වා සියලු දෙන බහුලව භාවිත කරන්නේ photoshop ය. වෘතිමය චයාරුප ශිල්පියෙකු නොවුනත් සාමාන්‍ය පරිගණක පරිශීලකයෙකු වශයෙන් ඔබත් photoshop ගැන 
අත්පොත් තබා තිබුනාට පාඩුවක් නැත. මන්ද යත් ඔබටත් හදිසි අවශ්‍යතාවයකදී චයරුපයක් සංස්කරණය කර ගැනීමට අවශ්‍ය වුවහොත් එය හොදින්ම නිමකර ගැනීමට පහසුම මෘදුකාංගය වන්නේ photoshop වීමය.
            
වර්තමාන ලෝකයේ විවිද මිල ගණන් යටතේ photoshop හැදෑරීමට පාඨමාලා පවතින අතර විවිද මිල ගණන් වලට මිලට ගැනීමට tutorial පැකේජ ද පවතියි. නමුත් එසේ  මුදල් වැය කිරීමට අවශ්‍ය නැත. අන්තර්ජාලය හරහා ඔබට නොමිලේ photoshop ඉගන ගත හැක. අවශ්‍ය වන්නේ photoshop මුහුණත පිලිබඳ මූලික දැනුමක් හා අසා අවබෝද කරගත හැකි මූලික,සරල  ඉංග්‍රීසි දැනුමක් පමණි. 
 මා අන්තර්ජාලය තුල සැරිසැරීමේදී හමුවූ දුර්ලභ හා නිර්මානාත්මක tutorial එකතුවක් photoshop ලෝලී ඔබවෙනුවෙන් මෙසේ පල කරමි. 

සැ.යු-: මෙහි ඇති බොහෝ ප්‍රයෝග සඳහා photoshop cs6 හෝ ඊට පසු පැමිණි සංස්කරණයක් අවශ්‍ය වේ. නවතම photoshop හි portable සංස්කරණය මෙතනින් බාගන්න.

Create a Dreamy Summer Photo in Adobe Photoshop


Fire Text Effect Photoshop cs6 tutorial
























ලිපිය හා මෙම බ්ලොග් අඩවිය පිළිබඳව ඔබ කමෙන්ටුවකින් දක්වන වචන කිහිපය  මාගේ මීළඟ ලිපිය  වඩාත් සාර්ථක කරගැනීමට මා ධෛර්යමත් කරනු ඇත.