Sunday, November 22, 2015

සීරුනු CD/DVD වල ෆයිල් copy කරමු.(How to copy files from scratched disk)

පරිගණක භාවිත කරන ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි CD/DVD යක් තුල ඇති ෆයිල් එකක් පරිගණකයට පිටපත් කිරීමේදී හා පරිගනකයක damage වූ  hard disk එකක ඇති ෆයිල් එකක් වෙනත් මාධ්‍යකට පිටපත් කිරීමේදී ඇතිවන විවිද ගැටළු. බොහෝ දෙනාට ඇතිවන පොදු ගැටලුවක් තමයි CD/DVD මුහුණත සීරීම නිසා එහි ඇති ෆයිල් විවෘත කිරීමේදී හා පිටපත් කිරීමේදී ඇතිවන ගැටළු. උදාහරනයක් ලෙස  CD/DVDයක් හෝ hard disk එකක් තුල ඇති video ගොනුවක් පරිගණකයට පිටපත් කිරීමේදී කිලෝබයිට් ගණනක ඉතා කුඩා ප්‍රමාණයක කොටසක් කියවගත නොහැකි ලෙස සීරි තිබීම නිසා මුළු video ගොනුවම පිටපත් කල නොහැකි වනවා. මෙවැනි ෆයිල් පිටපත් කිරීමට වර්තමානයේ විවිද මෘදුකාංග , උපක්‍රම ඇති අතර ඒවා අතරින් ගොනුවට අවම හානියක් වන ලෙස වඩාත් සාර්ථකව පිටපත් කල හැකි මෘදුකාංගය වන්නේ Copy It Anyway (CIA) මෘදුකාංගයයි.

1.Copy It Anyway (CIA) 2.4 සංස්කරණය මෙතනින් බාගන්න.
                                    


2.මෙහි වැදගත්ම අංගය වන්නේ මෙයයි. මෙහි මෙම On-error jump size හි අගය ස්ලයිඩරය මගින් සීරු මාරු කළහැකි අතර මෙහි වැඩි අගයක් තේරීමෙන් පිටපත් කිරීමේ වේගය වැඩි වන නමුත් ගොනුවේ දත්ත වලට සිදුවන හානිය තරමක් වැඩිය. අඩු අගයක් තේරීමෙන් දත්ත වලට සිදුවන හානිය ශුන්‍ය හෝ අවම වේ. 



3.පිටපත් කිරීමට අවශ්‍ය folder එක හෝ file එක තෝරන්න

4.පිටපත save කිරීමට අවශ්‍ය ස්ථානය තෝරන්න. ඉන් පසු START විදානය ලබා දෙන්න.

පිටපත් කරන මාධ්‍යයේ තත්වය අනුව ගතවන කාලය තීරණය වන අතර ඔබ කලයුත්තේ ඉවසීමෙන් බලා සිටීම පමණයි.

පළපුරුදු බ්ලොග් ලියන්නන් වන ඔබගේ අදහස් දැක්වීම මා මීළඟ ලිපිය සඳහා වඩාත් ධෛර්යමත් කරනු ඇත.


6 comments:

  1. කදිම දැනුවත් කිරීමක්. මමත් උත්සාහ කරලා බැලිය යුතුයි.

    ReplyDelete
  2. මගෙත් තියෙනවා හිරුනු CD වගයක්උත්සහා කරලා බලන්න ඕනේ ස්තුතිය.

    //පළපුරුදු බ්ලොග් ලියන්නන් වන ඔබගේ අදහස් දැක්වීම මා මීළඟ ලිපිය සඳහා වඩාත් ධෛර්යමත් කරනු ඇත.

    මටනම් comment ඇත්තෙම නෑ බලන එකනම් බලනවා 500 උනත් මොනා කරන්නද බලෙන් comment ගන්න බැනේ ආසාවට ලියන නිසා දිගටම ලියනවා බ්ලොග්

    ReplyDelete
  3. I have lot of DVDs which are not playing with normal dvd drive due to some cd errors , I guess this software makes my life easy

    ReplyDelete
    Replies
    1. yup..try it..wait few hours to take it's time..it'll depend on your disk condition..

      Delete