Sunday, October 28, 2012

සාර්ථක වූ අසාර්ථක මිනිස්සු

අපි අපේ ජීවිතයේ පොඩි පසු බෑමකට ලක් වුනොත් කොච්චර කලකිරෙනවද? ඒ පිළිබඳව කොච්චර හඩා  වැලපෙනවද?ඒ අගන හිතමින් කොච්චර කාලය ගත කරනවද? නමුත් අපි ලෝකයේ  අති දක්ෂයින් සේ

සලකන බොහෝ දෙනෙක් බොහෝ පසුබෑම් වලට ලක්වෙලා ගොඩනැගුනු අය. ඉතින් මේ ලිපිය කියෙව්වාම ඒක ඔයාලට තේරෙයි.
 


1960දි ආරම්බකල බීට්ල්ස් සංගීත කණඩායම තම පළමු සංගීත නිර්මාණය බිහිකර එකල ප්‍රසිද්දව තිබු ඩේකා සංගීත සමාගමට බාර දුන්නේය. නමුත් එම නිර්මාණ බැලු සමාගම එවැනි නිර්මාණ වලට අනාගතයක්

නැති පවසා  එය ප්‍රතික්ෂේප කළේය.  නමුත් එම හැටේ දශකයේ මැද බාගය වනවිට ලොව හොඳම ජනප්‍රියම සංගීත කණඩායම බවට පත්විය.ඔවුන්සංගීත තැටි වලින් වැඩිම ආදායමක් ඉපිලු සංගීත කණ්ඩායම බවට

වාර්තාගතව පවතී.


ඇල්බට් අයින්ස්ටයින් කුඩා කාලයේදී පාසලේ පාඩම් හරි හැටි අවබෝද කර නොගන්න මෝඩ ළමයෙකු සේ ප්‍රචලිතව බොහෝ උපහාස වලට පාත්‍ර වූවෙකි.නමුත් පසු කලෙක ඔහු ලොව කීර්තිමත්ම භෞතික

විද්‍යාඥයෙක් බවට පත් වූ අතර විසිවන සියවසේ බුද්ධිමත්ම පුද්ගලයා බවට පත්වූ අතර භෞතික විද්‍යා නියම හා පැහැදිලි කිරීම් 300 කට වඩා ඉදිද්රිපත් කර ඇත. ඔහුට මෝඩයා කියූ ඇතැම් පුද්ගලයනටවත් ඔහුන්

කියූ ඇතැම් දේ අවබෝධ කරගත නොහැකි විය.ඔහු සිදුකල මෙහෙවර අගයමින් 1921දී  නොබෙල් ත්‍යාගයද ඔහුට පුද කෙරිණි.


ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ මුඩුක්කුවක අවිවාහක පාසල් දැරියකට දාව ඉපදුනු ඔප්රා වින්ෆ්‍රේ  ගේ ජීවිතය ඉතාම කටුක විය. ය වයස අවුරුදු නවයේදී දූෂණයට ලක්වූ අතර අවුරුදු 16 දී ඇය නැවත වරක් දූෂණය වී

ගැබ් ගත්තාය. නමුත් පසුකලෙක ගුවන් විදුලි ආයතනයක රැකියාව ආරම්බ කල ඇය ඇගේ අධිශ්ටානය හමුවේ තමාගේම ආයතනයක් පිහිටුවා ගත් අතර ඇය ඉතා කෙටි කාලයක් තුල කොටිපතිනයක වූ ප්‍රථම කළු

ජාතික කාන්තාව ලෙස විරුදාවලිය ලැබුවාය.වසර 2011 වනවිට ඇගේ ධනවත් බාවය ඩොලර් බිලියන 2.7 කට වඩා වැඩි බව පැවසේ.


ඇපල් සමාගමේ සම නිර්මාතෘ වන්නේ ස්ටීව් ජොබ්ස් ය.1974 දී personal computer බිහි කිරීමෙහි ලා විශාල කාර්යක් ඉටුකලද පසුව ඔහු සමාගමෙන් ඉවත් කිරීම සිදුවන්නේ ඔහුව බොහෝ

කනස්සල්ලට පත කරමිනි.නමුත් එයින් නොසැලී ඔහු නෙක්ස්ට් නමින් සමාගක අරමබන අතර පසුකලක ඇපල් සමාගම කඩා වැටෙනු දැක නැවත සමාගම බාරගෙන නැවත විශාල පන්නරයක් ලබා දුන්නේය. ඔහු

හදුන්වාදුන් ipad,iPhone ලොව සන්නිවේදන හා ව්‍යාපාරික ලොඅකයේ විශාල පෙරලියක් කිරීමට සමත්විය.


කුඩා කාලයේදී පැසි පන්දු කණ්ඩායමට ඇතුලත් වූ මයිකල් ජෝඩ්න් ඔහුගේ දක්ෂතා මදි යැ යි පවසා ඔහු එයින් ඉවත් කර ඇති අතර පසුව ඔහු දැඩි පරිශ්‍රමයකින් පුහුණු වීමෙන් ලෝකයේ විශිෂ්ටතම පැසිපන්දු

ක්‍රීඩකයා ලෙස නම් දැරීමට සමත් විය.


වෝල්ට් ඩිස්නි පාසල් වියෙන් පසු පුවත් පතක සේවයට එක්වන අතර අහු එම සේවයෙන් පහ කරන්නේ අලුත් අදහස් නැති,සිතාමතා යමක් කල නොහැකි  අයෙකු බව පවසමිනි.ඉන් පසු නොබසින ඔහු

සොහොයුරෙකු සමග එක්වී වෝල්ට් ඩිස්නි සමාගම පිහිටුවා ගන්නා ලද අතර ලොව සුප්‍රසිද්ද චිත්‍ර පට ගනාවකම නිර්මාතෘ වන්නේද ඔහුය. ඒ සඳහා ඔහු ඇකඩමි සම්මාන 22 ක් දිනාගන්න අතර එතරම් සම්මාන

ගනනක් ලබා ගත් එකම පුද්ගලයා වන්නේද ඔහුය.1966 දී ඔහු මියගිය නමුත් අදටත් පවතින ඩිස්නි සමාගම 2010 වසරේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 33 ඉක්මවා ඇත.

ඉතින් ඉහත සඳහන්කළ සියලු පුද්ගලයන්ට පසුබෑම් වලට ලක්වී තිබෙන්නේ ඔවුන්ගේම හොඳටය. ඔවුන් ඒවායින් පන්නරය ලබා නැගී සිටි පුද්ගලයෝය. කිසිවෙකුත් උපතින්ම සාර්ථක වුවෝ නොවේය. ඉතින්

එහෙනම් අපිටත් අවස්තාවක් තිබිය හැක.

ලිපිය හොඳ නම් , නැත්තම් අඩුපාඩු තියනවනම් කෙලින්ම කියල යන්න.

5 comments:

  1. වැදගත් ලිපියක් හැමදේම බෑ කියලා කිය කිය ඉන්න අයට හිතන්න යමක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන් අදහස් දැක්වීමට.

      Delete
  2. හොද ලිපියක්.... තැන්ක්ස් මචන්..

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි මිත්‍රයා.
    "මනස" බලවත් කෙනාගේ ගමන නවත්වන්න මේ ලෝකේ වෙනත් කිසිම බලවේගයකට බැහැ කියන බව මේ විස්තර වලින් පැහැදිලි කරලා පෙන්වනවා. බාධා කියලා මතුවෙන්නේ කෙනෙකුගේ ගමන ශක්තිමත් කරන උත්තේජක....

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි මිත්‍රයා.
    "මනස" බලවත් කෙනාගේ ගමන නවත්වන්න මේ ලෝකේ වෙනත් කිසිම බලවේගයකට බැහැ කියන බව මේ විස්තර වලින් පැහැදිලි කරලා පෙන්වනවා. බාධා කියලා මතුවෙන්නේ කෙනෙකුගේ ගමන ශක්තිමත් කරන උත්තේජක....

    ReplyDelete