Friday, August 10, 2012

බලාගනයි! ෆිටෝන් කාමරවලත් රහස් කැමරා.



නවීන තාක්ෂණික යෙදවුම් සමග ඇතැම් මිනිසුන් තිරිසන් සතුන් බවට පත්  වී  තිබේ. තාක්ෂණයේ දියුණුවත් සමගම අප බාවිතා කරන සෑම උපකරනයක්ම ඉතා කුඩා මාදිලි වලින් නිකුත් විය. ඔත්තු බලන කැමරාද 

බිහිවූයේ එලෙසිනි. තාක්ෂණයේ හොද හා නරක ලෙස දෙපැත්තක් ඇත. නමුත් කනගාටුවට කරුණ වන්නේ ඉන් වැඩිමනත් ප්‍රමාණයක් තාක්ෂනය බාවිත කරන්නේ මහම මහා අසික්කිත වැඩවලට වීමය. මෙසේ 

මෙම ඔත්තු බලන කැමරාද ඉතා පහත් වැඩවලට යොදාගන්න බවට දැන් කරුණු වාර්තා වෙයි. ඉන් දැනට බහුලවම මාතෘකාව වන්නේ මහා පරිමාන හා කුඩා පරිමාන රෙදි කඩවල ඇදුම් මාරුකර බලාගැනීමට ඇති 

ෆිටෝන්(fit on) කාමරයේ මෙලෙස සවිකර ඇති කැමරාය. වාර්තාවී ඇති පරිදි බොහෝවිට මෙම ක්‍රියාකාරකම් සිදුකරන්නේ මෙම කඩහිමියාගේම පුතා විසිනි. රුවැති අඟපසගින් හෙබි කාන්තාවක් මෙම 

ෆිටෝන්  කාමරයට ඇදුම් මාරු කර ගැනීමට එනතුරු මොවුන් සිටින්නේ ඇගිලි ගැන ගැනය. එසේ ඔවුන් ඇදුම් මාරු කරන දර්ශන පටිගතකරගෙන ඒවා ප්‍රසිද්ද කරනවායි පවසා තම තමන්ගේ අවශ්‍යතා 

ඉටුකරගැනීමට මොවුන් පෙලබෙති.එසේ නැතහොත් ඒවා විශාල මුදල් වලට විකුර්ති ආශාවන් ඇති විදේශිකයන් හට විකුණයි.අපේ රටේ ඇදුමක් ගැනීමට පැමිණෙන අහිංසක කාන්තාව ජාත්‍යන්තර කාමුක වෙළද 

පොලේ වෙන්දේසි වන්නේ මේ ආකාරයෙනි. එසේ නැතහොත් ඒවා අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ද කර හරී. නැතිනම් ජංගම දුරකථන වලට බෙදාහරි. එවිට එම කාන්තාවට පාරක තොටක ගමන් ගැනීමටවත් 

හැකියාවක් නොලැබෙනු ඇත. බොහෝ විට මෙවැනි සිදුවීම් කෙලවර වන්නේ සියදිවි නසාගැනීම් වලිනි. 
  මේ පිළිබඳව සමීක්ෂණයක් කල ලංකාවේ ප්‍රදාන පුවත් පතක වාර්තා කරුවන් පිරිසක් පවුද්ගලික පන්තියකට ගොඩ වැදී ඇත. එම අවස්ථාවේ ඔවුන් සිසුන්ට මෙවැනි රහස් කැමරා නිසා සිදුවුණු සිදුවීම් පිළිබද 

තොරතුරු කොළ කැබලි වල ලියා ඉදිරියටඑවන ලෙස පවසා ඇත. එසේ ඒවා තිබුණු කරුණු වලින් හෙළිවී ඇත්තේ මෙම කැමරා ඇත්තේ ෆිටෝන් කාමර වල පමණක් නොවන බවයි.
 පෙම්වතුන් නිතර ගැවසෙන ස්ථානවල, කාමර සහිත අන්තරජාල සේවා සපයන ස්ථානවල, වැසිකිලි වල,විවධ ස්ථානවල ඇඳුම් මාරු කරන තැන් වල, හොටෙල් කාමරවල, ආදීවූ තැන් රාශියකම මේවා සවිකර ඇති 

බවයි..ඒවා නැරබීමෙන් පමණක් ඔවුන් තෘප්තිමත් වේ නම් එසේ වුවාට කමක් නෑ යයි කියමු. ඒ මන්ද අප රටේ සිටින ඇතැම් පුද්ගලයන්ගේ විකුර්ති වූ මනොකායන් ශක්රයාටවත් වෙනස් කල නොහැකි බැවිනි.නමුත් 

ඒවායින් ඔවුන් ඔහුගේ හෝ ඇයගේ ආත්මයට හෝ ජීවිතයට බලපෑමක් සිදුකරන්නේ නම් එය කිසිසේත් අනුමත  කල නොහැක.ඊට නිදසුනක් ලෙස හද සසල කරවන සිදුවීමක් මා අසා ඇත. පාසල් සිසුවෙක් තම 

යහළුවන් සමග උසුළු විසුළු කරමින් පාසල තුල තම ජංගම දුරකතනයෙන් වීඩියෝවක් නරබමින් සිටියදී පාසල් ගුරුවරයෙක් විසින් ඔහුව අල්වාගෙන ඔහුගේ මව්පියන් කැඳවා එය ඔවුන්ට පෙන්වා ඇත . එවිට මවට 

සිහිය නැතිවී තිබේ. පසුව බලනවිට ඔවුන් නරබමින් සිට ඇත්තේ ඔහුගේ මව නාන දර්ශන සහිත වීඩියෝවක් බව හෙළිවී ඇත. . මීට තවත් නිදසුනක් ලෙස ලංකාවම කලබමින් ප්‍රදාන පෙලේ පාසලක සිසුවියක් සියදිවි 

නසාගත් සිදුවීම ඔබට මතක ඇත. ඒ ඇයගේ පෙම්වතාද යම්  යම් පෙම් ජවනිකා තමාගේ ජංගම දුරකතනයෙන් පටිගතකර ගෙන තිබී ඒවා ප්‍රසිද්ද වීම නිසාය.එම හේතුවෙන් ඇය මග තොටේ ගමන් ගන්නා විට පවා 

එම වීඩියෝව පෙන්වමින් ඇයට උසුළු විසුළු කර ඇත. මෙවැනි දෙයක් ඔබට ඇති වුවහොත් ඔබට ඇතිවන පීඩනය දරාගත හැකිද. ඉතින් මෙවැනි දෑ ඉදිරියටත් සිදුවුවහොත් තාක්ෂනය කෙතරම් දියුණු වුවත් වැඩක් 

නැත. 
මේ පිළිබඳව අන් කවරකටත් වඩා පිරිමින්ද වඩාත්  උනන්දු විය යුතුය. ඒ මන්ද මීලගට එම රහස් කැමරාවක ගොදුරක් වන්නේ, ඔබගේ මව, ඔබගේ සහෝදරිය,ඔබගේ යෙහෙළිය හෝ ඔබගේ පෙම්වතිය වියහැකි 

බැවිනි.
එමනිසා ඔබ වඩාත් සැලකිලිමත් වන්න. ඉතා කුඩා ඉඩක වුවත් මෙය ස්තානගත කල හැකි බැවින් අදාළ ස්ථානවල ඇති කුඩා සිදුරු පිලිබදව වැඩි අවදානයක් යොමු කරන්න. මෙය වලක්වා ගත හැක්කේ අපිටමය. ඒ 

මේ සඳහා පොලිසියට ක්‍රියාත්මක වීමට තවමත් ලංකාවේ නීති රීති සම්පාදනය කර නොමැති බැවිනි. මේවා දැන්ම වලක්වාගැනීමට නොහැකි වුනොත් අනාගතයේදී බයක් සැකක් නොමැතිව ඇදුම් මාරු කිරීමට , 

වැසිකිලි යාමට පවා නොහැකි වන තත්වයක් උත්ගතවනු ඇත.

8 comments:

  1. තමුංෙග් යට ඇදුම් සයිස් එක තෝරා ගන්නට විවිධ ක්‍රම ඇත...
    ෆිටෝන කාමර වල යට ඇඳුම් ගැලවීමට කිසිදු අවැසිතාවක් නැත... අනික යට ඇඳුම් පිටෝන් කර බැලීමට ඉඩ දෙන්නේද නැත...

    යටට තරමක් හොඳ හිල් නැති එකක් ඇඳගෙන ගියානං වැඩේ අවුලක් නැති බව මට සිතේ...

    ෆිටෝන් කාමරවල කැමරා සවි කර ඇත්තේ බලා ආතල් ගැන්මටම නොවේ..ලංකාවේ සිල් ගත් කුල කාන්තාවන් ඒවාට රිංගා ඇඳුම් ඇඳගෙන ඊට උඩින් සාමාන්‍ය ඇඳුම් දාගෙන ඇඳුම් කඩ කාරයාට පාඩු කරන බැවිනි...

    ReplyDelete
    Replies
    1. යාලුවා. ඇදුම් හොරකන් අල්ලන්න කරන එක අල්ලන්න ෆිටෝන් කාමරවල කැමරා හයිකරනවට වඩා හොඳ ආරක්‍ෂිත, වැදගත් ක්‍රම තියනවා.අනික දැන් ඉන්න අසහනකාරයන්ට ගෑනියෙක් යට ඇදුම් ගලවනවම දකින්න ඕනේ නෑ ඔවුන්ගේ වැඩ කරගන්න.ඇඟේ පොඩි කෑල්ලකුත් ඇති.
      ඔබ කියනවානම් ෆිටෝන් කාමරවල කැමරා තියෙන්නේ ආතල් ගන්නම නෙවේ කියලා එහෙම ආතල් ගන්න පිරිසක් නෑ කියලා ඔබට සහතිකයක් දිය හැකිද?
      ඔබගේ මව , පෙම්වතිය හෝ සහෝදරිය දිහා කෙනෙක් කෑදරෙන් බලනවටවත් කැමති නැති ඔබ ඔවුන් ඇදුම් මාරු කරනවා බලමින් ආතල් ගන්නවා දැකීමට කැමතිද?
      මීට වඩා ප්‍රායෝගිකව වැදගත් කරුණු ටිකක් කිව්වොත් මේක බලන කට්ටියට වැදගත් වෙයි කියලා මම හිතනවා.

      Delete
  2. ඇත්ත. අපේ පැත්තෙත් ඔයවගේ සිද්ධියක් උනා. මානසික අසහනකාරයන් සමාජයේ වැහි වැහැල. සැක බය නැතිව ඇඳුමක් ගන්න යන්නවත් බෑ.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. නමට වඩා වැදගත් දෙයක් මෙතන තියනවා බන්.

    ReplyDelete
  5. anonymous ට කියන්නේ - අනේ යකෝ උඹ යාලුවෙක් කරන දෙයක් අගේ කරන්න පුරුදු වෙයන් නිකන් ඉරිසියා නොකර ගොනා.................

    ReplyDelete
  6. ඇත්ත රවා මොනවා උනත් සිරා කතාව..............

    ReplyDelete
  7. සුප්පෙර් කතාව බන් ..කැමරා විතරක් නෙමේ බං.....ෆිට් ඕන් රූම් වල තියන විදුරු වලත් ඔය සීන් එක තියන්ව බන්... අ විදුරු වල පිටිපස්සේ ඉන්න කෙනාට ඒ වීදුරුවේ එස්සරහ ඉදන් කව්රු හරි මොනවා හරි කරනවානම් ඒ දෙ පේනවා බන් ...... ඒක තමා හොයන්නම බරි බං...දැන් ගොඩක් තැන් වල තියන්නේ ඔය විදුරු සීන් එක තමා බන් ...

    ReplyDelete