Tuesday, July 31, 2012

සඳ ගමන ප්‍රෝඩාවක්ද?


ඔන්න කාලෙකට පස්සේ ටිකක් කාලීනව වැදගත් කියල හිතෙන මාතෘකාවක් යටතේ පොස්ට් එකක් දෙන්න හිතුවා.හැබැයි මම මේ කරන්නේ මිනිස් ඉතිහාසයේ ලොකු සන්ධිස්තානයක් හෑල්ලුවට ලක් කිරීමත් වත් 

මඩ ප්‍රහාරයක් එල්ල කිරීමක් වත් නෙවෙයි. වර්තමානයේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු ප්‍රශ්නයක් ගැන කරුණු ටිකක් ඉදිරිපත් කිරීමකුයි කරන්නේ.
1969 ජුලි 16 වැනිදා ලෝකයා විශ්මයට පත් කරමින් සඳ මතුපිට ප්‍රථමවරට මිනිසුන්  ඇවිද ගියා. ඒ තමා ඇපොලෝ 11 ව්‍යාපෘතියේ ගමන් ගත් නීල් අම්ස්ට්‍රොන්ග්,එඩ්වින් ඔල්ඩ්රින් හා මයිකල් කොලින්ස්. එය 

සජීවීව රූපවාහිනිය ඔස්සේ ලොව පුරා විකාශය කෙරුනා.මෙය මිනිස් ඉතිහාසයේ විශාල සන්ධිස්තානයක්.නමුත් මෙය සිදුවී දැනට වසර හතළිහකටත් වඩා  කාලයක් ගතවී ඇතිමුත් දැනටත් ලොවපුරා විවිධ 

පුද්ගලයෝ,විද්‍යාඥයින් මේ සම්බන්දයෙන් විවිධ අදහස් පල කරනවා. විද්‍යාත්මක කරුණු  හා සඳ ගමනේදී ලබාගත් චායාරූප ඇසුරින් ඔවුන් පවසන්නේ මේ ඇපොලෝ 11 සඳ ගමනක් සත්‍යවශයෙන් සිදුවී 

නොමැති බවයි. ඔවුන් පවසන්නේ ඇපොලෝ 11 සඳ ගමන, සෝවියට් රුසියාව ප්‍රථම වරට කෘතීම චන්ද්‍රිකාවක් (ස්පුට්නික්) අබ්යාවකාශ ගත් කිරීමත් සමගම තමන්ගේ මහන්තත්තකම රැකගැනීමට වියරුවෙන් 

ඇමරිකාව විසින් චිත්‍රගාරයකදී පටිගතකල චිත්රපටයක්‌ බවයි. ඔවුන් මේ සඳහා විවිධ සාක්ෂි ඉදිරිපත් කරමින් එය තහවුරු කිරීමට උත්සහ දරනවා. මම මෙතැන පටන් එම කරුණු හා නාසා ආයතනය ඒවාට ලබාදුන් 

ප්‍රති උත්තර,පැහැදිලි කිරීම් එකින් එක ඉදිරිපත් කරන්නම්.

1.පහතින් දැක්වෙන්නේ ඇපොලෝ 16 මගින් සඳ මතුපිට සිට ලබාගත් පෘතුවියේ චායාරූපයක් හා ඇපොලෝ 11 මගින් ලබාගත් චායාරූපයකුයි. ඇපොලෝ 16 මගින්  අධෝරක්ත කැමරාවෙන්  ලබාගත් 

චායාරූපයේත් පෘතුවිය වටා පසුබිමේ තරු හොදින් දිස්වෙන මුත් ඇපොලෝ 11 මගින් ලබාගත් චායාරූපයේ පෘතුවිය සහිත පසුබිමේ එකදු තරුවක් වත් දක්නට නැත.
            ඇපොලෝ 16 යානය සඳ මතුපිට සිට ලබාගත චායා රූපයක්                
       ඇපොලෝ 11 යානයෙන් ලබාගත්ත යයි කියන චායාරූපය

2. පහත දැක්වෙන්නේ සඳ මතුපිටින් ලබාගත් පාශානයක චායාරූපයකුයි. හොදින් නිරීක්ෂණය කිරීමේදී ඔබට දක්නට ලැබෙයි එම පාශානය මතුපිට හා එය අසලම පොලවේ කුඩාවට "C" හැඩයට යෙදු 

සලකුණක්. ඉතින් මේ චායාරූපය ගැන බොහෝ දෙනා දරන මතයක් වන්නේ මෙවැනි නම් කිරීම් හොලිවුඩ් සිනමාවේ විවිධ රංග උපකරණ වල දක්නට ලැබෙන බවයි. මෙලෙස නම් කිරීම් කරන්නේ රූපගතකිරීම් 

වලධි අදාළ වස්තුව වඩාත් හොදින් ස්තානගත කිරීමට බවයි ඔවුන්ගේ මතය. එම නිසා ඔවුන් පවසන්නේ apollo 11 සද ගමන හොලිවුඩ් චිත්රාගරයක කල රූපගත කිරීමක් බවයි.

3. මෙම චායාරූපයේ සිටින ගගන ගාමීන් දෙදෙනාගේ සෙවනැලි දෙස හොදින් බලන්න. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ මීටර් 2 ක පමණ පරතරයකි. නමුත් ඔවුන් දෙදෙනාගේ සෙවනැලි වල ප්‍රමානය අතර  

වෙනසක් ඇත. කොඩියට පිටුපසින් සිටින්නාගේ සෙවනැල්ල ඉදිරියෙන් සිටින්නාගේ සෙවනැල්ලට වඩා  දිගුය. මෙය ප්‍රකාශ විද්‍යාත්මකව වියහැකිද?මේ පිලිබඳ විද්‍යාඥ මතය වන්නේ මෙය කෘතීම  

ආලෝකකරණයක් යටතේ සිදුකල ක්‍රියාකාරකමක් බවයි. සූර්යාගෙන් පමණක් ආලෝකය ලැබෙනවා (එක ආලෝක ප්‍රබවයක් පමණක් ඇති නම්)නම් මෙලෙස සෙවනැල්ලේ දිග වෙනස් වියනොහැකි බවයි 

ඔවුන්ගේ මතය.

4.ඉහත කී කරුණ ඔබට මෙම රූපයෙන් වඩාත් හොදින් පැහැදිලි වේවි. මෙම රූපයෙන් දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් ඊගල් යානයට නගින අන්දමයි. ඔහු සිටින්නේ යානයේ තද අඳුරු සෙවනැල්ල තුල වූවත් ඔහුව 

හොදින් දර්ශනය වනවා . වෙන කිසිවක් පමණක් නොව ඔහුගේ කළු පැහැති සපත්තු දෙක පවා හොදින් දර්ශනය වනවා. මෙයිනුත් ඔප්පු වන්නේ සූර්යාලෝකයට අමතරව වෙනත් කෘතීම ආලෝකයක් මෙහි 

යොදාගන  ඇති බවයි. 

5.ඔබ දන්නවා සඳ ගමනට තිදෙනෙක් සහබාගි වූවාට ඔවුන් දෙදෙනාගෙන් සඳ මතුපිට ඇවිද ගියේ දෙදෙනෙක් බව. ඒ නීල් අම්ස්ට්‍රොන්ග් හා ඔල්ඩ්රිනුයි. මයිකල් කොලින්ස් යානයේ පාලක මැදිරියේ සිට පෘතුවිය 

සමග සම්බන්දතා පැවැත්වුවා. ඉතින් පහත රූපයේ සිටින්නේ එඩ්වින් ඔල්ඩ්රින්. ඔබට පෙනෙනවා ඇති ඔහුගේ ව්යිසරයෙන් ඉදිරියෙන් සිටින නීල් අම්ස්ට්‍රොන්ග් හා ඊගල්ස් ලුනාර් යානය දිස්වෙන ආකාරය. .නමුත් 

එහි කොහෙවත් කැමරාවක සලකුණක් වත් නැහැ. එසේනම් චායාරූපය ගත්තේ කවුරුන්ද?

6.පහතින් දැක්වෙන රූපයේ දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් සඳ මතුපිට ඇවිදීමේදී ලබාගත් පාසටහනක්‌ .එය දෙස හොදින් බලන්න. ඒක හරියට නිකං තෙත පොළවක හිටපු පා සලකුණක් වගේ හොදින් තදින් 

හිටලා තියනවා නේද.වායුගෝලයක් වත් නැති සඳ මතුපිට පෘෂ්ටය තෙත් උනේ කොහොමද?

මේ සම්බන්දයෙන් ඉතිරි කරුණු හා නාසා ආයතනය මගින් මෙම සංසිද්දී පැහැදිලිකර ඇති ආකාරය මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

8 comments:

  1. aththa.keepa wathawakma oya mathaya idiripath una.habei ewata wadiya udata enna hamba une na.amerikawa ne.

    ReplyDelete
  2. මේක තර්කානුකූල අභියෝගයක්. මේ ගැන ඇමරිකන්කාරය මොකුත් කියන්නෙ නැතිඑකයි අවුල.

    ReplyDelete
  3. hade hawagen ahuwanam kiyanawane baaan..

    ReplyDelete
  4. වැදගත් ලිපියක්.. හැබැයි මලයො මම කියෙව්වේ නෑ.. මොකද "සඳ ගමන ප්‍රෝඩාවක්ද?" පොත මා ගාව තිබෙන නිසා.. බ්ලොග් අවකාසෙට මෙවැනි ලිපි එකතු කිරීම ගැන හරිම සතුටුයි..

    "ඔන්න කාලෙකට පස්සේ ටිකක් කාලීනව වැදගත් කියල හිතෙන මාතෘකාවක් යටතේ පොස්ට් එකක් දෙන්න හිතුවා." කාලීනව වැදගත් කියන්නෙ මොකද?

    ReplyDelete
    Replies
    1. ඔව්.මමත් ඔය සඳ ගමන ප්‍රෝඩාවක්ද කියන පොත කියෙව්වා අවුරුදු 4 කට විතර කලින්. ඒ පොතේ තියන සංසිද්දී මට අයෙ මතක් උනා, මොකද මේ පසුගිය ජුලි 16 වැනිදාට සඳ ගමනට අවුරුදු 43 ක් සම්පූර්ණ වුනා . එකයි මේක කාලීනයි කිවුවේ.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. තව ඔය ගැන තොරතුරු උඹට දාන්න තිබුණා රවා. අව්ලක් නෑ එළ ලිපියක්

    ReplyDelete
  7. කෝ තාම nasa එකේ පැහැදිලි කිරීම් දාලා නෑ නේ

    ReplyDelete