1.The Shawshank Redemption
ලොව වටා සිනමා ලෝලීන්ගේ ජනාදරයට පාත්‍ර වූ ,සම්මාන ලාභී , අන්තර්ජාලයේ දර්ශක තුලත් පෙරමුණ ගන්නා අපුර්ව ,සාර්ථක සිනමා කෘතියකි. තමන් නොකළ තමන්ගේ බිරියගේ මිනීමැරුමට අසුවී සිරගතවීමට සිදුවන අහිංසක පුද්ගලයෙකු වටා කතාව ගෙතී යයි. සොරුන්ගෙන්, මිනීමරුවන්ගෙන් ,ස්ත්‍රී දුෂ්කයන්ගෙන් ගහන වූ සිරගෙදර මෙම බුද්ධිමත්, අහිංසකයාගේ ආගමනයත් සමග විශ්ව විද්‍යාලයක් වන අයුරු නිර්මාණශීලි ලෙස රූපණය කර ඇති මේ අපුරු සිනමා සිත්තම මිනිසෙකුගේ නොපසුබට උත්සාහය,අවංක භාවය ,නිර්භීතත්වය තුලින් සියල්ල වෙනස් කල හැකි බවත් කායික ශක්තියට වඩා බුද්ධිය , මානසික ශක්තිය බලවත් බවත් මනාව විදහාපායි.
මගේ ලකුණු - 9.5/10
2. Saving Private Ryan
යුධ , ක්‍රියාදාම ගනයේ සිනමා නිර්මාණයකි. අධ්‍යක්ෂණය ලෝක පුජිත සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග්ය. පෞද්ගලිකවත් මාගේ ප්‍රියතම එකකි.එකම පවුලේ සහෝදරයන් තිදෙනෙක් හමුදාවට බැඳී සිටින අතර යුද ක්‍රියාන්විත වලදී ඉන් දෙදෙනෙක් මියයයි. යුද නීති අනුව එසේ වුවහොත් ඉතිරි පුද්ගලයා හමුදාවෙන් නිදහස් කල යුතුය. නමුත් මෙම ඉතිරි සහෝදරයා සිටින්නේ යුධ පෙරමුණේය.මෙම ඉතිරි වූ සහෝදරයා සොයා යන සොල්දාදුවන් කණ්ඩායමක වීර සුවිසැරිය මෙහි කතාවට පාදක වෙයි. අභීත නායකත්වය, යුද්දයේ කුරිරු බව,සටන්කාමිත්වය , නොසැලෙන උත්සාහය දරුණු ලෙස අතිශය තාත්විකව උලුප්පා දක්වන වේග රිද්ම චිත්‍රපටයකි.
මගේ ලකුණු - 9.5/10
3.The Green mile
තාත්වික රාමුවෙන් එපිටට මිනිස් මනස රැගෙන යන චිත්‍රපටයකි. නොකළ වරදකට සිරගතවන අසාමාන්‍ය දිව්‍යමය හැකියාවලින් යුත් අපුරු අහිංසක සිරකරුවෙකු හා එහි ජේලර් වරයා වටා කතාව ගෙතී යයි. මිනිස් ජීවිතය පිලිබඳ කිසිවෙකු නොදකින කෝණයකින් බලා හැදෑරීමට, අවබෝධකර ගැනීමට ඉඩ සලසන චිත්‍රපටයක් ලෙස දැක්විය හැක.සිනමා පටය තුල ප්‍රේක්ෂකයා වෙනමම ලොවක් තුලට ගෙනයන නිර්මාණකරු නැවත ප්‍රේක්ෂකයා පියවි ලොවට ගෙන එන්නේ සියල්ලන්ගේම නෙතට කඳුලක් නංවමිනි.
මගේ ලකුණු - 9/10
4.Forrest Gump
මගේ ලකුණු - 9.5/10
5. 3 Idiots
ඉන්දියානුවන්ගේ අතිශය නිර්මාණශීලි වූ සංගීත, ගීත වලින් හා අදහස් වලින් වර්ණවත් වූ ,කාලීන සිදුවීම් වල මනා සම්පිණ්ඩනයකි.තුන්වන ලෝකයේ රටවල අධ්‍යාපනයේ පවතින දුර්වලතාත් , සමාජ , ආර්ථික ක්රමවේදයන්ගේ හා මතවාද වල පවතින හිඩැස් සුපුරුදු අමීර් ඛාන් හා රාජ්කුමාර් හිරානි සුසංයෝගයෙන් නිර්මානශිලිව දෝෂදර්ශනයට ලක්කර ඇත. මිත්‍රත්වය හා සහෝදරත්වය අතර දුරස් බවක් නැති බවත් කෙනෙකුට උදව්කිරීමෙන් ලැබෙන සතුටෙහි උතුම් ආශ්වාදයත් මින් විදහා දැක්වෙන ප්‍රධානතම මානුෂිය ගුණාංග වෙයි. ඉංජිනේරු පීඨයකට පැමිෙනණ එකිනෙකට වෙනස් හැකියාවන් ඇති සිසුන් තිදෙනෙකු පාදක කරගෙන කතාව ඇදී යයි. මිත්‍රත්වය, මනුෂ්‍යත්වය, ආදරය සියල්ලෙන්ම සංශිප්ත වූ ප්‍රහසන ගනයේ දුර්ලභ නිර්මානාත්මක සිනමා නිර්මාණයකි.
මගේ ලකුණු - 9.7 /10
6. A.I. Artificial intelligence
ප්‍රබන්ධ ගනයේ සිනමා කෘතියකි.මෙහි නිර්මාණකරු වන්නේද ලෝක පුජිත ස්ටීවන් ස්පිල්බර්ග් ය.මිනිස් දරුවෙකුගේ අඩුව පිරවීමට පවුලකට ගෙන එන කෘතීම බුද්ධියක් හිමි රොබෝ දරුවෙකු වටා චිත්‍රපටය ගොඩනැගී ඇත. මෙම රොබෝ දරුවා , මිනිස් අම්මා වෙත දක්වන අසීමිත වූ ආදරයත් එම ආදරයත් එම ආදරය වෙනුවෙන් ඔහු කරන්නා වූ කැපකිරීමත් මුසු වූ ඇඟ හිරිවැටෙන සිදුවීම් හා අනපේක්ෂිත , මනස කැළඹීමට පත් කරන්නාවූ අවසානයක් සහිත මනුෂ්‍ය ගුණධර්ම උතුම් ලෙස විදහා දක්වන පවුලේ සැම එකට හිද නැරඹිය යුතු ම චිත්‍රපටයකි.
මගේ ලකුණු- 9.6/10
7. Barfi
සාම්ප්‍රදායික ආදර කතා වලින් අපගමනය වූ වෙනස්ම ආරක් ගත් ආදර කතාවකි. උපතින්ම බිහිරි වූ ගොළු තරුණයෙකු වටා කතාව ගොඩනැගී ඇත. තම ගමට හදිසියේ පැමිණෙන සුරූපී තරුණියකගේ ආදරය හඹායන මෙම තරුණයාගේ ජීවිතය නොසිතු ආකාරයට වෙනස් වේ. ආදරයට කිසිම සීමාවක් නොමැති බවත් එයට භාහිර පෙනුම, හැකියාවන්,නොහැකියාවන් , මුදල්, බල නොපාන ආකාරයත් එකිනෙකා අතර හටගන්නා පරිපුර්ණ වූ ආදරයම ප්‍රමාණවත් බවත් විදහා දක්වයි.වර්තමානයේ තරුණ තරුණියන් අතර විනාඩි දෙකේ ක්ෂණික නුඩ්ල්ස් මෙන් ඇතිවී නැතිවන ආදරයත් මෙම ශරීර අංග වලින් අසම්පුර්ණ වූ දෙදෙනා අතර ඇතිවන පරිපුර්ණ ආදරයත් අතර අන්තරය විදහා දක්වන මෙම චිත්‍රපටය ආදරයට ආදරය කරන සියලු දෙනා අනිවාර්යෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයකි.
මගේ ලකුණු - 9.7/10
8. Slumdog Millionaire
ජාතිවාදය නිසා බැටකන ඉන්දියානු තරුණයන් දෙදෙනෙක් චිත්‍රපටයට පාදක වෙයි. "who wants to be a millionaire" නමැති ප්‍රශ්නවිචාරාත්මක තරඟාවලියට ඇතුල් වන සමාගමක සුළු සේවක තරුණයෙක් හා ඔහු එහි ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දෙන ආකාරයත් එලෙස නිවැරදි පිළිතුරු දීමට හේතු පාදක වන අතීත කතාවත් අතර කතාව දිව යයි. සමාජයේ පවතින ගැටළු , විෂමතා, ජාතිවාදී ආගම්වාදී සංකල්ප, දුර්වලතා, ගැඹුරින් විමසන නිර්මාණකරු චිත්‍රපටයේ පසුබිමින් ගලායන තියුණු ආදර කතාවක ආශ්වාදය ද ප්‍රේක්ෂකයාට විඳීමට ඉඩසලසයි.මනුෂ්‍යත්වයේ සිව්කොන් අතරින් ගලායන මෙම අපුර්ව නිර්මාණයද ඔබ නැරඹිය යුතුම ඝනයේ එකකි.
මගේ ලකුණු- 9.5/10
9.Life is beautiful
තරුණයා හා තරුණිය අතර ඇතිවන ආදරය, සැමියා බිරිඳ අතර ඇතිවන ආදරය හා මව්පියන් හා දරුවන් අතර ඇතිවන ආදරය මනාව සිත්තම් කල යුරෝපීය සිනමා සිත්තමකි. පෞද්ගලිකව මාගේද ප්රියතමයකි. යුදෙව් ජාතික තරුණයෙක් හා ජර්මන් ජාතික තරුණියක අතර ඇතිවන ආදරයෙන් කතාව ඇරඹෙන අතර දෙවන ලෝක යුද සමයේ මොවුන් දෙදෙනාට හා මොවුන්ගේ දරුවාට අත්විඳීමට සිදුවන කටුක අත්දැකීම පසුබිම් වූ සිදුවීම් සමුදායක් මෙයට පාදක වෙයි. පෞද්ගලිකව මෙම චිත්‍රපටය මා ද ජීවිතය දෙස වෙනස්ම කෝණයකින් බැලීමට යොමු කල චිත්‍රපටයකි.ජිවිතයට ගතයුතු බොහෝ දෑ අඩංගුවන මෙම චිත්‍රපටයද ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු වූවකි.
මගේ ලකුණු- 9.8/10
10. Schindlers list
සත්‍ය සිදුවීමක් පාදක වූවක් වන අතර ම්ලේච්චත්වය හා මනුෂ්‍යත්වය අතර දෝලනය වන සිනමා සිත්තමකි. දෙවන ලෝක යුධ සමයේ ජර්මනියේ යුදෙව් ජාතිකයන්ට සිදුකරන අමානුෂීය දඬුවම් හා ඔවුන් එම දඬුවම් වලින් බේරා ගැනීමට වෙර දරන ශින්ඩ්ලර් නමැති ජර්මන් ජාතිකයා වටා චිත්‍රපටය ගෙතී ඇත. ලොව විශාල මිනිසුන් වර්ග ප්‍රමාණයක් නැති බවත් සිටින්නේ වඩා හොඳ මිනිසුන් හා වඩා නරක මිනිසුන් පමණක් බවත් මින් පිළිඹිබු කරයි.අතිශය සංවේදී දර්ශන අඩංගු වේ. නැරඹිය යුතු යයි නිර්දේශ කරමි.
මගේ ලකුණු- 9.7/10
සිනමා ලෝලී , පළපුරුදු බ්ලොග් ලියන්නන් වන ඔබගේ අදහස් මාගේ මීළඟ ලිපිය වඩාත් සාර්ථක කරනු ඇත. -මතු සම්බන්ධයි-(to be continued)
දෙවැනි කොටසින් හමුවෙමු
චිත්‍රපට දෙකක් හැර අන් සියල්ල නරඹා ඇත..
ReplyDeleteඇත්තටම බඅලිය යුතු චිත්‍රපට කිහිපයකි.
එල. මගේ ප්‍රියතම එක ලයිෆ් ඉස් බියුටිෆුල්.
ReplyDeleteලඟදි දවසක අයිටීඑන් එකේ ගියා ෆිල්ම් එකක්. බලන්න ලැබුනෙ කොටසයි. කතාවෙ ජර්මන් නාසි නිලධාරියෙකුගෙ කුඩා පුතෙක්, යුදෙව් සිරකරුවන් රඳවපු එලිමහන් සිරගෙදරක තවත් එවැනි දරුවෙක් එක්ක මිත්‍ර වෙලා, අන්තිමට ගෑස් කාමරේට ගිහිං මියයන සීන් එකක් තිබුනෙ. ෆිල්ම් එකේ නම දන්නෙ නෑ.
the boy in striped pajamas
DeleteThe Boy in the Striped Pajamas (2008)
ReplyDelete2 nd part will be available soon
ReplyDeleteOkkma balala tynwa
ReplyDeleteAI පටිට කතාව
ReplyDeleteඇඩෙනවා