Friday, May 30, 2014

VGA card එක රැකගන්නා ආකාරය..

ඔන්න ඉතින් කාලෙකට පස්සේ පොස්ට් එකක්  දාන්න චාන්ස් එකක් ආවා. ඉතින් එක කාටත් වැදගත් වෙන දෙයක් ගැන ලියන්න හිතුනා.කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ තියෙන්නේ අපි හැමෝම  දන්න 

සාමාන්‍ය දේවල් නේ කියලා. ඔව්. හැබැයි ඒ අය හිතල බලන්න අපි ඒ දේවල් ගැන සැලකිල්ලක් දැක්වූවාද කියලා.. VGA card එක කියන්නෙත් වර්තමානයේ පරිගනකයක තියන ප්‍රධාන වැදගත් කොටසක්. 

එහෙම කියන්න හේතුව තමා මේ වෙනකොට Computer gaming, graphic designing වගේ දේවල් කරන අය  වැඩිවෙලා තියනවා. ඉතින් ඒ අයට ගොඩක් වැදගත් දෙයක් තමා 

VGA card එකක් කියන්නේ. මේ අයට තමන්ගේ VGA Card එකේ කල් පැවැත්ම , ක්‍රියාකාරීත්වය (performance)ගොඩක් වැදගත්.

  VGA Card එකක කල් පැවැත්ම , ක්‍රියාකාරීත්වය (performance)යන දේ වලට කෙලින්ම බලපාන කාරණයක් තමා එය පමණ ඉක්මවා රත්වීම නැත්තම් තේරෙන විදිහට කියනවා නම් 

overheat වීමයි. ඉතින් VGA card එකක්  overheat වීමට බලපාන කරුණු එකින් එක සලකා බලමු.


1.Heat sink එකෙහි දුහුවිලි තැන්පත් වීම.

    මේ දේත් අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති දෙයක්.දූවිලි කියන්නේ ඉතාමත් හොඳ තාප පරිවාරකයක්. ඒ නිසා Heat sink එකේ දූවිලි බැදුනාම තාපය පිට කිරීම මන්දගාමී වෙනවා.ප්‍රතිපලය තමා 

GPU එක පමණ ඉක්මවා රත්වීම. ඉතින් මාස කිහිපයකට වරක් වත් කුඩා පින්සලකින්  Heat sink එක පිරිසිදු කිරීමෙන්  VGA card එහි ක්‍රියාකාරීත්වය දිගු කාලයක් හොඳ මට්ටමක පවත්වාගෙන 

යන්න පුළුවන්.


2.Thermal Grease

   Grpahic Processor එක මගින්  Heat sink එක වෙත තාපය සන්නයනය කරන්නේ Grpahic Processor එක මත ආලේප කරනලද ඉතා තුනී විශේෂිත 

ආලේපයකින්.එය Thermal Grease/Paste/Gel ලෙස හදුන්වනවා. Heat sink එක ගැලවූ විටකදී මෙම ආලේපය ඉවත්ව යන්න ඉඩ තියනවා.  ඒ වගේ වෙලාවක කරන්න තියෙන්නේ 

වෙළඳපලේ ඉතා අඩු මිලකට ලබාගන්න තියන මේ Thermal Grease මිලදීගෙන අදාළ ස්ථානයේ පමණක් ඉතාම සියුම් ස්තරයක්  ආලේප කරන එක.
සැ.යු.- Thermal Grease පමණ ඉක්මවා ආලේප කිරීමෙන් ද තාප සන්නයනය අඩු වෙන බැවින් ඉතාම සියුම් ස්තරයක් පමණක් ආලේප කල යුතුය.


3.Over clock

  processor එකෙහි සාමාන්‍ය සංඛ්‍යාතය(frequency)ට වඩා වැඩි සංඛ්‍යාතයකින් එය ක්‍රියාකරවීමට සැලැස්වීම  Over clock කිරීම ලෙස හදුන්වන අතර මෙසේ කිරීමෙන්ද ග්‍රැපික් 

ප්‍රොසෙසරය රත්වීම වැඩි කරයි.හැකි තරම් Over clock කිරීමෙන් වැලකි සිටීමෙන්ද එහි ආයුකාලය දීර්ග කරගත හැකිවනු ඇත.

**VGA drivers ලබා ගැනීමේදී අදාළ නිෂ්පාදක සමාගමේ (Nvidia/ATI)නිල වෙබ් අඩවියෙන්ම ලබාගැනීමෙන් VGA card එකෙහි performance උපරිම තත්වයෙන් 

පවත්වාගෙන යාමට හැකිවනු ඇත. ඊට හේතුව driver update එකක් නිකුත් කල සැනින් එය ප්‍රථමයෙන් ඇතුලත් වන්නේ එම නිල වෙබ් අඩවියේ බැවිනි.

ලිපිය වැදගත් කියල හිතෙනවා නම්, වැරදි තියනවා නම් ඒ ගැන අදහස් දක්වල යන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment