Wednesday, July 11, 2012

යුධ අහසේ පෙරළිකාරයා SR-71 "blackbird"



යුද්දය කියන්නේ හොඳ දෙයක් නෙවේ. එත් මිනිසා වර්තමානයේ වැඩිම මුදලක්  වියදම් කරන්නේ යුදමය කටයුතු සඳහා. ඒ කියන්නේ මිනිසාගෙන් මිනිසා ආරක්ෂා කරන්න.ඉතින් මේ පොස්ට් ඒකෙන් දෙන්න හිතුව

එහෙම යුදමය කටයුතු සඳහා නිෂ්පාදනය කරපු ඇමරිකානු ගුවන් හමුදාවේ ඉහළ ස්ථානයක් හිමිකරගෙන තිබුණු  SR-71 blackbird කියන ගුවන් යානය ගැන කරුණු ටිකක්. ඉතින් මේ ගුවන් යානය

හදල තියෙන්නේ 1964 දී.මෙහි නිර්මාතෘ තමා ලොක්හීඩ් මාටින් සමාගමේ ක්ලැරන්ස් කෙලි ජොන්සන්.මේ යානයට මාක් 3.3 ක් , ඒ කියන්නේ ශබ්දයේ වේගය මෙන් 3.3 (තත්පරයට මීටර් 1122 ක්)න්

ගුණයක උපරිම වේගයෙන් ගමන් කිරීමේ හැකියාව තියනවා. මේහි ආයුදත් සමග මුලූ බර කිලෝග්රෑම් 69000 පමණ වෙනවා.මේක යුද අහසේ මොන තරම් පෙරලියක් කරලා තියනවද කිව්වොත් 1966 ඉඳල

1998 වෙනකන්, ඒ කියන්නේ අවුරුදු 32 ක් විතර ක්‍රියාකාරී තත්වයේ පවතින ගුවන් යානයක් විදිහට බාවිතයට අරන් තියනවා. මේ යානය හදන්න ප්‍රදාන හේතුව වෙලා තියෙන්නේ මීට කලින් එක්සත් ජනපදයේ

හොඳම යුද යානය වෙලා තිබුණු  u-2 යානය රුසියාවේදීSAM(surface-to-air missiles)ප්‍රහාරයක්  මගින් බිම දැමීමයි. මාක් 3.3  ක වැනි අදික වේගයකින් ගමන් කිරීමේදී ඇතිවන

පීඩනයට ඔරොත්තු දීම සඳහා මේ යානයේ බඳ හා යානයේ ඉතුරු කොටස් වලින් 81 % ක් නිපදවා තිබෙන්නේ ටයිටේනියම් මිශ්‍රිත මිශ්‍ර ලෝහයකින්. ඒ වගේම මේ යානය රේඩාර් වලට හසුවීමේ අවදානමද ඉතා

අඩුයි. එය නිපදවා තිබෙන්නේ සාමාන්‍ය රේඩාර් තරංග අවශෝෂනය කිරීමේ හැකියාවක්ද සහිතවයි.එම ක්‍රියාකාරකම ඉටු කරන්නේ මෙහි ආලේපිත විශේෂ ආලේපනය මගින්.

                             sr-71 හි අධි බලති ප්‍රධාන එන්ජිම 
විශේෂයෙන් මාක් 3.3 ක අධික වේගයෙන් ගමන්කිරීමේදී ඇතිවන පීඩන වෙනස හා උෂ්ණත්වය(සෙල්සියස් අංශක 260 ක් පමණ) පාලනය කිරීමට වූ විශේෂ යාන්ත්‍රණයක් මෙහි අන්තර්ගතයි.

විශේෂයෙන් මෙහි කර්තව්‍ය වන්නේ න්‍යෂ්ටික ප්‍රහාර නිකුත් කිරීමයි.එකවර ප්‍රධාන නියමුවන් දෙදෙනෙක්ට හා ආයුද පාලන නියමුවෙකට මෙහි ගමන් කල හැකියි. මෙහි නියමුවන්ටද උපරිම ආරක්ෂාවක් මෙමගින් සපයාදී තිබෙනවා . 

                           ගුවන් නියමුවාගේ විශේෂිත ඇඳුම කට්ටලය 
                                              ප්‍රදාන සැකිල්ල 

        

මෙහි යුධ ඉතිහාසය ගත්තොත් විශේෂයෙන් ගල්ෆ් යුද්දයේදී විශාල වැඩ කොටසක් මෙමගින් ඉටුකර තිබෙනවා.ඒ වගේ පසු කාලයකදී සතුරන්ගේ චායාරූප ගැනීමට විශේෂ අධි බලති කැමරා පද්දතිය්කුත් මෙයට සම්බන්ද කර තිබෙනවා.
කොහොම උනත් තවදුරටත් මෙවැනි ගුවන් යාන බාවිත කරන්න අවස්ටාවක්‌ ඉදිරි අනාගතයේදී ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. මොකද එහෙම උනොත් ඇතිවන විනාශය අපිට හිතාගන්නවත් බැරි වේවි.

3 comments:

  1. නිෂ්පාදන වියදම නඩත්තු වියදම නිසා මේ යානය නිපදවීම ඉ අත්හිටවනු ලැබුවා.මේ වර්ගයේ යානා 32 යි හැදුවේ. මෙතනින් බලන්න.http://en.wikipedia.org/wiki/Lockheed_SR-71_Blackbird මීටවඩා දියුණු යානා දැන් තියනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. මොබයිල් ෆෝන් එකක් තරම්වත් මොළයක් නැති UAE වල තම්බි තමයි වැඩිපුරම යුද්දෙට වියදම් කරන්නේ.

    ReplyDelete