Monday, June 25, 2012

VGA කාඩ් එකක් නැතුව ගේම් ගහන හැටි


පරිගණකයේ වී.ජි.ඒ. එකේ ක්‍රියාකාරීත්වය ගැන මම කලින් පොස්ට් එකක සඳහන් කලානේ. ඕනනම් ඒක මෙතනින් බලන්නකෝ.
පරිගණකයේ පරිගණක ක්‍රීඩා කිරීමට නම හොඳ ත්‍රිමාන සජීවීකරන් හැකියාවෙන් යුත් වී.ජි.ඒ. කාඩ් එකක ඕන වෙනවා. කෙසේ නමුත් හමොටම separate vga ගන්න හැකියාවක්  නැති නිසා ගොඩක් දෙන බවිත කරන්නේ  onboard vga එක.නමුත් නවීන පරිගණක ක්‍රීඩා සඳහා වී.ජි.ඒ. එක මගින් සපුරා ගතයුතු තාක්ෂණික අවශ්‍යතා තියනවා. ඔබ පරිගණක ක්‍රීඩා කරන්නන් නම් දැනටමත් අහල ඇති HwTnL,Pixel Shader,zbuffer,wbuffer,lightning, වගේ තාක්ෂනයන් ගැන. ඉතින් මෙමෙ තාක්ෂණික ක්‍රමවේදයන් ඇසුරෙන් නිර්මාණය කරපු පරිගණක ක්‍රීඩා මෙම තාක්ෂනයන් රහිත වී.ජි.ඒ. කාඩ් එකක ක්‍රීඩා කිරීමට උත්සහ කිරීමේදී විවිද  අපහසු තත්වයන්ට මුහුණ දීමට‍ සිදුවෙනවා. උදාහරණයක් විදිහට පහතින් තියෙන්නේ දැනට වසර කීපයකට පෙර ආපු Intel G31 chipset එකක් සහිත මවු පුවරුවක 2005 වසරේදී නිකුත් වූ   Farcry පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කිරීමේදී දිස්වන අයුරුයි.
ඉතින් ඔබට පේනවා ඇති ඉහත රූපයේ සමහර පසුතල විකුර්ති වී පෙනෙන හැටි. මෙයට ප්‍රදාන හේතුව වන්නේ එම මවුපුවරුවේ වී.ජි.ඒ. එක එම ක්‍රීඩාවට අවශ්‍ය වන සමහර තාක්ෂන්යන්ට සහ්යෝගය නොදක්වීම.
ඉතින් මට නියම සොෆ්ට්වෙයා කෑල්ලක් හම්බුනා . ඒ තමා අරුම පුදුම 3D Analyzer .මේකෙන් කරන්නේ අදාල තාක්ෂණික ක්‍රමවේදය පරිගණකයේ වී.ජි.ඒ. කාඩ් එක මගින් සහය දක්වන බවට බොරුවෙන් ගේම් එක රැවැට්ටීම. එහෙම කරාම ප්‍රශ්නයක් නෙතුව ඒ විකුර්ති වී හෝ නොපෙන්වන පසුතල කොටස් පරිගණක ක්‍රීඩාවේ  render එක මගින් ලස්සනට හදලා පෙන්නනවා. පහලින් බලන්නකෝ farcry  ගේම් එකේ කලින් නොපෙන්වුනු කොටස් ලස්සනට පෙන්වන ආකාරය.
ඉතින් ඒ සඳහා කරන්න ඕනේ මේ සොෆ්ට්වයා එක download කරගෙන මම රූපයේ පහත දාලා තියන විදිහට එකේ සැකසීම් කරගන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලා බාවිත කරන ගේම්  එක අනුව පහත සැකසීම් වල විවද වෙනස්කම් කරගන්න ඕනේ වෙයි. එහෙම ප්‍රශ්නයක් අවොත් කමෙන්ට් එකක් දන්න.
මෙතනින් බාගන්න 

1.අවශ්‍ය ගේම් එකේ ප්‍රධාන .exe(excutable file) ෆයිලය තෝරන්න.
2.රූපයේ දැක්වෙන ආකාරයට සැකසීම් කරගන්න.(device ID හා  vendor ID ගහන්න අමතක කරගන්න එපා.එක අනිවාර්යයි. මෙහි මම සඳහන් කර ඇති එකම ටයිප් කරන්න. උද-:
vendor ID=4098,DeviceID=20040)

3.දැන් run  විදානය ලබාදෙන්න.නිතර නිතර ගේම් එක ඕපන් කිරීමේදී මෙය හරහා ඕපන් කිරීම කරදරයක් නිසා පහලින් ඇති  save batch file විදානය ලබා දී  batch  ෆයිල් එක සේව් කරගන්න. ඉන් පසු ගේම් එක ඕපන් කරන සෑම අවස්ථාවකදීම ඒ ඔබ සේව් කරගත් batch  ෆයිල් එක හරහා ගේම් එක ඕපන් කරගත හැක.
ඉහත ලබාදී ඇති විසදුම ප්‍රායෝගික වන්නේ අවම වශයෙන් 256/ 128mb වත් පවතින 2006 හෝ ඊට පසු පැමිණි vga drivers වලටය. ඉහත දැක්වූ මෘදුකාංගයෙන් වී.ජි.ඒ. එක over clock  කිරීමක් සිදු නොකරන අතර එයින් කරන්නේ මම ඉහත දැක්වූ ආකාරයට ඔබ onboard vga  එකකින් ක්‍රීඩා කරන්නෙක් නම් එවිට ඇතිවන ගැටළු වලා විසදුම් ලබාදීමයි.
tested on-:Farcry,halflife,sniper,Need for speed-Carbon


හොඳ නරක ඔය යටින් කොටලා යන්නකෝ.

22 comments:

  1. මාතෘකාව වෙනස් කරානම් නේද හොඳ?

    ReplyDelete
  2. ඉතින් සහෝ. මම දාලා තියෙන්නේ වී.ජි.ඒ කාඩ් එකක් නෙතුව ගේම් ගහන හැටි කියලනේ. ඒ කියන්නේ ඔන්බෝඩ් එකේ ගේම් ගහන හැටි. එතකොට වරදක් නෑ නේද?

    ReplyDelete
  3. වැරදි මචං..
    ඔන්බෝඩ් වුනත් නැතත් කාඩ් එකෙ මූලික මෙව්වා එක කොයි එකෙනුත් කෙරෙනව.සෙපරේට් ඒවගෙ පවර් එක,පෆෝමන්ස් වැඩි තමයි.ඒත් කාඩ් එකක් නැතුව එකෙන් දෙන කිසිම දෙයක් මොනිටරේ පේන්නෙ නෑ.එනිසා හෙඩින් එක වැරදියි....

    //මම දාලා තියෙන්නේ වී.ජි.ඒ කාඩ් එකක් නෙතුව ගේම් ගහන හැටි කියලනේ//
    එහෙම නම් කියල දීපන් cpu,main board,HDD,ram,sound card,input devices (mouse,kb and joystick etc..)වලින් විතරක් ගේමක් ගහන හැටි!

    //ඒ කියන්නේ ඔන්බෝඩ් එකේ ගේම් ගහන හැටි//
    ඔන්බෝඩ් වුනත් ඒතන VGA එකක් තියෙනව මචං!

    හරිද?

    ReplyDelete
  4. අව්ලක් නෑ නම හොදයි. ඕක දැක්කහම බ්ලොග් එකේ hits වැඩි වෙයි බං

    ReplyDelete
  5. @චූටී බටපොලයා - උඹ කියන එක ඇත්ත මචං. එත් අපි vga card කියන එකත් වැරදි. හරි නම් Video & Graphic unit එක වෙන්න ඕනේ. එක on board හෝ separate වෙන්න පුලුවන්.

    //ඔන්බෝඩ් වුනත් ඒතන VGA එකක් තියෙනව මචං!//
    VGA එ‍කක් තියෙනවා. VGA Card එකක් නෑ සහෝ.

    නමට ඇරගන්න ඕනේ නෑ මෙතන. මොනව වුනත් මේ නම හොදය මාකට් වෙයි. මේ ලිපියෙන් මොනව වුනත් වැඩි දෙනෙක් දන්නේ නැති දෙයක් කියලා දීලා තියෙනවානේ මචං

    ReplyDelete
    Replies
    1. කාඩ් එකකුත් තියෙනවා.වෙනස ඒක සෙපරේට් එක තරන් ඇහැට පේන එකක් නෙවි..ඕන නමක් දාගන්න.මට මෙව්වා එකක් නෑ.මම දන්න දේ කිව්ව.ඉතුරු ටික රවාට බාරයි.මම වලි දාගන්න එකෙක් නෙවි මචන්ලා

      Delete
  6. machan mage windows 7 eke far cry wada karanne me vidiyata. xp eke kisima awulak nathiwa wada karanawa. me software eka dammama windows 7 eke wada karaida.

    ReplyDelete
  7. මමත් සෙවන් වල තමා සහෝ මේක ටෙස්ට් කරලා බැලුවේ

    ReplyDelete
  8. mata Far Cry wala .exe file eka hoya ganna baroo

    ReplyDelete
  9. ඩෙස්ක්ටොප් එකේ ෂෝට් කට් ඒකෙන find target එකෙන් හොයාගන්න.

    ReplyDelete
  10. මේ සොප්ට්වේආ එක ඩවුන්ලොඩ් කරන විදිය තේරෙන්නෙ නෑ

    ReplyDelete
  11. ලින්ක් එක නම් වැඩ මචන්.

    ReplyDelete
  12. කෝ බං මේක බෑවෙන්නෑනෙ !

    ReplyDelete
    Replies
    1. http://www.tommti-systems.de/main-Dateien/TOOLS/dontlinkthefile_3danalyzer-v236.exe

      මේක ට්‍රයි කරලා බලන්න

      Delete
  13. " Error while injecting dll into target process" ehema msg ekak enawa Run kalama, help me......

    ReplyDelete
    Replies
    1. මචං.3D analyzer එක ඕපන් කරද්දී right clickකරලා run as administrator දෙන්න.

      Delete
  14. machan mata meka nfs most wanted 2012 game eakata hariyana widihata settings hadana heti kiyanawada.

    ReplyDelete
  15. http://ravageisauwa.blogspot.com/2012/06/vga_25.html

    ReplyDelete
  16. GAMES හිරවෙන එකටත් හරියනවද

    ReplyDelete
  17. Ram eken vga ekata mb share k aranna barida

    ReplyDelete