Wednesday, June 20, 2012

VGA ගැන නොදත් දේ දැනගමු


අප පරිගණක බාවිතයේදී CPU (Central Processing Unit)එක ගැන මෙන්ම තවත් දන සිටිය යුතු වැදගත් දෙයක් තමා පරිගණකයේ GPU(Graphics 

Processing Unit)එක හෙවත් දෘශ්‍ය විචිත්‍රාංග සැකසුම් ඒකකය. මෙමෙගින් කෙරෙන කාර්ය තම පරිගණකයේ CPUඑක මගින් සැකසා දෙන ඩිජිටල් සංඥආ අපට පරිගණක 

තිරයේ පෙන්වන රූප බවට සකස් කිරීම. එම නිසා VGA එකෙහි සකසනයේ වේගය හා මතකය අපට පරිගණක තිරෙයේ පෙනෙන රූප වල තත්වයට සෘජුව බලපානවා.පරිගණකයේ ත්‍රිමාන 

චිත්‍රනය(3d drawing),පික්සල්  විබෙදනය(Resolution) , ආදිය තීරණය වන්නේ පරිගණකයේ VGA එකේ හැකියාව මතයි.කෙටියෙන්ම කියුවොත් අපට පෙනෙන 

හැමදේම නිර්මාණය කරන්නේ VGA මගින්.

වීජිඒ ගැන කතා කරද්දී අපට නිතරම හම්බවෙන වචනයක් Direct X තමා . මේ කියන Direct X තමා පරිගණකයේ video devices,audio 

devices,processor,Input and output devices,කියන උපාංග ඔක්කොම එකට සම්බන්ධ කරන්නේ. ඔයාලම හිතන්නකෝ. ඔයා පරිගනකයෙන් ෆිල්ම් 

එකක් බලනවානම් මේ කියන ඔක්කොම එකට ක්‍රියාකරන්න ඕනේ නේද? එකට තම මේ Direct Xතියෙන්නේ. දැනට තියෙන අලුත්ම සංස්කරණය තමා වින්ඩෝස් 7 හා වින්ඩෝස් 8 

සමග පැමිණෙන Direct X 11 සංස්කරණය. 
  
දැනට බාවිතයේ පවතින VGA වර්ග 2 ක්  තියනවා.

1.Onboard VGA(මවුපුවරුව මත සපයා ඇති VGA )
2.Separate VGA cards(මවුපුවරුව මත ඇති ස්ලොට් එකකට වෙනමම සම්බන්ද කරන VGA)

<Onboard VGA>


පරිගණකයේ මවුරුව මත්ම පවතී. එදිනෙදා සාමන්‍ය කටයුතු කරන බොහෝ පරිගණක බාවිතාකරන්නන් අතර විශාල පිරිසක් බාවිතා කරන්නේ මෙම Onboard VGA ය.  ඊට හේතුව 

අමතර මුදලක් වැයකර මිලදී ගැනීමට සිදුනොවීමත් සාමාන්‍ය වැඩ කටයුතු සඳහා ප්‍රමාණවත් වීමත්ය. නමුත් මෙහි ඇති අවාසි වන්නේ පරිගණකයේ ප්‍රධාන මතකයෙන්(RAM)කොටසක් මෙම 

VGA එකේ මතකයට හුවමාරු වීමත් විශේෂ Graphic Designing,Gaming වැනි කටයුතු සඳහා බාවිතා කල නොහැකි වීමත්ය. උදාහරණයක් ලෙස 256mb RAM 

එකක් ඇති පරිගනකයක වීජීඒ එක 64mb නම් එකෙහි බාවිතයට ගතහැකි මතකය වන්නේ 192mb(256-64) කි. නමුත් මේ Onboard VGA සඳහා හොඳ විසදුමක් 2010 

වර්ෂයේදී ඉන්ටෙල් සමගම විසින් Intel Core processor chipsets සඳහා හදුන්වාදෙන ලදී .එය ඔවුන් හැදින්වුවේ Intel HD Graphis ලෙසය.

මෙය Onboard VGA අතර විශාල පෙරලියක් කල  අතර නමුත් මෙයද  නවීනතම Separate VGA cards වලට ඇති හැකියාවන් සියල්ල 

සපුරා නොමැත.

<Separate VGA cards>



Graphic Designing,Gaming වැනි කටයුතු කරන බොහෝ දෙනා යොදාගන්නේ මෙම Separate VGA cards වේ. මේවා පරිගණක මවුපුවරුව මත ඇති 

PCI Express,AGP වැනි ස්ලොට්  මගින් පරිගණකයට සම්බන්ද කලයුතු වේ. වර්තමානයේ නිෂ්පාදකයින් අතර ඉදිරියෙන්ම සිටින්නේ Nvidia,Amd කියන සමාගම්.දැනට 

පවතින මවැනි Separate VGA cards නිෂ්පාදකයින් අතර මේවායේ තත්වය අනුව හොඳම තත්වයේ ඇති VGA cards වර්ග කිහිපයක් පහත දැක්වේ.

3.Nvidia Geforce GTX590
4.ATI Radeon 5970
5.Nvidia Geforce GTX 480
6.AMD Radeon HD 6970


                                            Nvidia Geforce GTX 680 වර්ගයේ වී.ජි.ඒ එකක් 

මේවා Graphic Designing,Gaming වැනි කටයුතු සඳහා වැඩි සහයෝගයක් දක්වන්නේ මේවාහි ඇති සැකසුම් ඒකකයන්(processing units) නිසාය. මෙහි 

ඉහත දැක්වෙන VGA cards සියල්ලේම සැකසුම් ඒකකයන් 4 බැගින් පවතින අතර ඒවායේ වේගය(Clock speed),Rendering, Texture Drawing, 

Filtering,  වැනි හැකියාද Onboard VGAවලට සාපේක්ෂව ඉතා ඉහල මට්ටමක පවතී. මෙහි ඇති එකම අවාසිය  මේවා මිලදී ගැනීමට වැයවන විශාල මුදල් ප්‍රමාණය. 

සාමන්යෙන් ඉහත දැක්වන වලින් එකක් ගැනීමට වැයවන මුදලින් ඔබට අලුත් පරිගණකයක් මිලදී ගැනීමට හැකිවේවි. එතකොට හිතාගනකෝ මිල. ඒ වගේම තමා මේවගේ එකක මිලදී ගද්දි 

පරිගණක මවුපුවරුව මත ඊට සරිලන  ස්ලොට් වර්ගය තියෙන්න ඕනේ(විශේෂයෙන් PCI Express 16xවැනි) . ඒ වගේ මේකේ නියම ප්‍රයෝජන ගන්න නම් හොඳ ප්‍රොසෙසරයක් හා 

මතක ධාරිතවකුත් තියෙන්න ඕනේ.

මම හිතනවා මේ පොස්ට් ඒකෙන ඔයාලට VGA ගැන  දැනුමක් ලැබෙන්න ඇති කියල. ඔයාලගේ අදහස්, මගේ වැරදි ඔය යටින් කොටලා යන්න අමතක කරන්න එපා.

22 comments:

  1. මම දැනට පාවිච්චි කරන්නේ ATI Radeon 4350 DDR II 1GB separate VGA කාඩ් එකක්. මගේ මොනිටරය LG Flatron W2243T මම DVI කේබල් එක කනෙක්ට් කලාම තිරයේ අයිකොන් වල අකුරු වලට රතුපාට හෙවනැල්ලක් එනවා. VGA කේබල් එක කනෙක්ට් කලාම ඒ ප්‍රශ්නය නැහැ. ග්‍රැෆික් කාඩ් එකේ HDMI output එකක් තිබුනත් මොනිටරයේ ඒ සඳහා input එකක් නැහැ. මේ ප්‍රශ්නය එන්නේ කුමන හේතුවක් නිසාද? විසඳුමක් කිවහැකිද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. රතුපාට හෙවනැල්ල මොනිටරේ පුරාම පැතිරුන එකක්ද නැත්නම් එක ප්‍රදේශයක විතරක් තියෙන එකක්ද?

      Delete
    2. කේබලයේ සම්බන්දතාවය ගැන සැලකිලිමත් වෙන්න.සමහරවිට කේබලයේ හෝ වීඩියෝ කාඩ් එකෙහි පෝට් එකේ ගැටලුවක් විය හැකියි.එහෙම දෙයක් නම් drivers අප්ඩේට් කරාට විසඳුමක් ලැබෙන්නෙ නෑ,නැත්නම් කලර් ප්‍රොෆයිල් එකක අවුලක් ද විය හැකියි

      Delete
    3. අකුරු වටේට කෙස් ගහක් තරම් සියුම් රතුපාට ඉරක් පෙනෙන්නේ. එය සමහර විට ඔෆිස් ඩොකියුමන්ට්ස් වලත් පෙන්නනවා. ඩ්‍රයිවර් අප්ඩේට් කළා. අන් ඉන්ස්ටෝල් කර නැවත ඉන්ස්ටෝල් කළා. කාඩ් එක ගලවා මදර්බෝඩ් වී ජී ඒ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කර නැවත කාඩ් එක ගැහුවා. විසඳුමක් නැත. හැබැයි කාඩ් එක හොඳට වැඩ කරනවා වී ජී ඒ කේබල් එකෙන්. රිසොලුෂන් එක ඉතාම ඉහලයි. 1900 x 1020 ටත් එහා යන්න වුනත් පුළුවන්. ගේම්ස් හොඳට වැඩකරනවා.

      Delete
    4. මට හිතෙන්නෙ කියන විදියට නම් ප්‍රශ්නය තියෙන්නෙ කේබලේ වගෙ.ඒක චෙක් කරේ නැද්ද?

      Delete
  2. මෙහි ඔබගේ මොනිටරය මගින් පරිගණක ප්‍රතිදානය හදුනාගැනීමේ හෝ පරිගණකය මගින් මොනිටරය හදුනාගැනීමේ දෝෂයක් පැවතිය හැක. ඔබගේ කාඩ් එකේ හා මොනිටරයේ drivers යාවත්කාලීන කිරීමෙන් විසදුමක් ලබා ගැනීමට හැකිවේවි.

    ReplyDelete
    Replies
    1. නැවත උත්සාහ කරන්නම්

      Delete
    2. වෙනත් කේබල් එකකින් උත්සහ කරලා බලන්න.

      Delete
  3. අහ මාරු මාරු මචෝ......

    ReplyDelete
  4. machan mage yaluwekuge win7 machine eke grapic drivers windo 7 walata ne namuth xp wala ඩ්‍රයවස් තියනවා එක saport karane ne drivers update karanath be Intel(R) 865G Chipset mekathami chipset eka 7 walata saport karana drivers thiyana link ekak hoyaladennako

    ReplyDelete
    Replies
    1. intel සයිට් එකේ බලහං මචං. operating system එක තෝරන්න එද්දී windows 7 තොරන්න.

      Delete
  5. VGA card ගෑන මම ගොඩක් දේ ඉගෙන ගත්ත.

    ReplyDelete
  6. අැත්තටම නියමයි. ගොඩක් වටිනවා..

    ReplyDelete
  7. Your blog is very good. I give you ***** stars.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. Onboard vga memory = n/a in dxdiag. How to fix this error? OS : Windows 7 32bit, RAM 1GB
    Please Help Me! gadgetpodda2005@gmail.com Thank You!

    ReplyDelete
  10. Forbes bahasa Indonesia -> Majalah Forbes
    Berita Indonesia -> Ina News
    Yang lagi Viral -> Liputan Viral
    Berita lagi ganss -> Rekan Bola


    Berita dan ilmu Bitcoin -> Blog Fastcoin99
    Jual Cepat Bitcoin mu di-> Fastcoin99

    ReplyDelete
  11. Ape PC ekata match wena VGA card eka mkdda kiyala balaganne kohmada

    ReplyDelete