Thursday, May 17, 2012

අයින්ස්ටයින් පැරදවූ වික්ටෝරියා කෝවි



ඔන්න යාලුවනේ මම ගේනවා මගේ පලවෙනි පොස්ට් එක. අපි දන්නා විදිහට නම් ලෝකේ බුද්ධිමත් ම පුදගලයා තමා ඇල්බට් අයින්ස්ටින් . ඒ කියන්නේ 19 වැනි සියවසේ හිටපු බුද්ධිමත්ම පුද්ගලයා .නමුත් ලඟදි කරපු පරීක්ෂණ වගයකින් එළිවෙලා තියනවා ඊට වඩා  බුද්ධිමත් අවුරුදු 11 ක ගෑනු ළමයෙක් ඉන්නවා කියල. මේ IQ හෙවත්  Intelligence Quotient පරීක්ෂණයෙන්  මෙයා ලකුණු 162 ක්  අරගෙන තියනවා. එත් අයින්ස්ටයින්, ස්ටෙපන් හෝකින්ස්,බිල් ගේට්ස් අරන් තියෙන්නේ මේ පරීක්ෂණයෙන් 160 යි . මෙම පරීක්ෂණයට යොදා ගන්නේ එම පුද්ගලයාගේ මානසික වයස හා ජන්ම වයසයි . ඒ වගේම තර්කන හැකියාව , වේගය,ලිවීම,කියවීම, මතකය යන මේ ඔක්කොම යොදා ගන්නවා මේ IQ ටෙස්ට් එකට. ඉතින් මේ හැම පැත්තකින්ම මේ ගෑනු ළමය ඉදිරියෙන් ඉන්නවා කියන එක පුදුම වෙන්න කාරණාවක් නෙවේද?මේ ගෑනු ළමයාගේ නම victoria cowie.මෙයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. විද්වතුන් කියන විදිහට මේක දොඩක් අසාමාන්‍ය දෙයක් නෙවෙයි. අනාගතයේදී මීටත් වැඩ බුද්ධිමත් අය බිහිවන බවට පෙරනිමිති තියනවා කියලයි ඔවුන් කියන්නේ.සමහරුන් කියනවා මේක අයින්ස්ටයින්ට අපහාස කරන්න කරපු බොරුවක් කියල. එත මොනවා උනත් කමක් නෑ. අනාගතයේදී හොඳ බුද්ධිමතුන් පිරිසක් බිහිවන එක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ. බුද්ධිය , හැකියාව වර්ධනය වෙන්න වයස ලොකු බලපෑමක් වෙන්නෑ කියල දන ඔප්පු වෙලා ඉවරයි.මේ තියෙන්නේ දැනට ලෝකයේ  වලින් වැඩිම ලකුණු ගණක හිමිවෙලා තියන අය . සාමාන්‍ය මිනිහෙක්ගේ මේ  අගය  පවතින්නේ 80 ත් 115 ත් අතරයි.

Napoleon - 145
Stephen Hawking - 160
Albert Einstein - 160
Bill Gates - 160
Sigmund Freud - 156
Arnold Schwarzenegger - 135
Madonna - 140
Quentin Tarantino - 160
Hillary Clinton - 140
Bill Clinton - 135
Nicole Kidman - 132



මේ මගේ පලවෙනි පොස්ට් එක හින්දා ගොඩක් අඩුපාඩු ඇති . මට ඒවා හදන්න පුළුවන් ඔයාල එවුවා මට කිවුවොත් නේ. ඇ නිසා මට බැනලා හරි එකක් දාල යන්න.








  • 3 comments:

    1. ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ 20 වෙනි සියවසේ මහා ප්‍රාඥයා නේද ???

      ReplyDelete
      Replies
      1. ඔව්. ඒක එහෙම්මම තමයි.එකේ වෙනසක් නෑ.මාත් ගොඩක් ගරුකරන කෙනෙක්.

        Delete
    2. ඒ IQ test එකට join වෙන්න අපිට බැරිද දන්නෑ.

      ReplyDelete