පරිගණකයේ වී.ජි.ඒ. එකේ ක්‍රියාකාරීත්වය ගැන මම කලින් පොස්ට් එකක සඳහන් කලානේ. ඕනනම් ඒක මෙතනින් බලන්නකෝ.
පරිගණකයේ පරිගණක ක්‍රීඩා කිරීමට නම හොඳ ත්‍රිමාන සජීවීකරන් හැකියාවෙන් යුත් වී.ජි.ඒ. කාඩ් එකක ඕන වෙනවා. කෙසේ නමුත් හමොටම separate vga ගන්න හැකියාවක් නැති නිසා ගොඩක් දෙන බවිත කරන්නේ onboard vga එක.නමුත් නවීන පරිගණක ක්‍රීඩා සඳහා වී.ජි.ඒ. එක මගින් සපුරා ගතයුතු තාක්ෂණික අවශ්‍යතා තියනවා. ඔබ පරිගණක ක්‍රීඩා කරන්නන් නම් දැනටමත් අහල ඇති HwTnL,Pixel Shader,zbuffer,wbuffer,lightning, වගේ තාක්ෂනයන් ගැන. ඉතින් මෙමෙ තාක්ෂණික ක්‍රමවේදයන් ඇසුරෙන් නිර්මාණය කරපු පරිගණක ක්‍රීඩා මෙම තාක්ෂනයන් රහිත වී.ජි.ඒ. කාඩ් එකක ක්‍රීඩා කිරීමට උත්සහ කිරීමේදී විවිද අපහසු තත්වයන්ට මුහුණ දීමට සිදුවෙනවා. උදාහරණයක් විදිහට පහතින් තියෙන්නේ දැනට වසර කීපයකට පෙර ආපු Intel G31 chipset එකක් සහිත මවු පුවරුවක 2005 වසරේදී නිකුත් වූ Farcry පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කිරීමේදී දිස්වන අයුරුයි.

ඉතින් මට නියම සොෆ්ට්වෙයා කෑල්ලක් හම්බුනා . ඒ තමා අරුම පුදුම 3D Analyzer .මේකෙන් කරන්නේ අදාල තාක්ෂණික ක්‍රමවේදය පරිගණකයේ වී.ජි.ඒ. කාඩ් එක මගින් සහය දක්වන බවට බොරුවෙන් ගේම් එක රැවැට්ටීම. එහෙම කරාම ප්‍රශ්නයක් නෙතුව ඒ විකුර්ති වී හෝ නොපෙන්වන පසුතල කොටස් පරිගණක ක්‍රීඩාවේ render එක මගින් ලස්සනට හදලා පෙන්නනවා. පහලින් බලන්නකෝ farcry ගේම් එකේ කලින් නොපෙන්වුනු කොටස් ලස්සනට පෙන්වන ආකාරය.

මෙතනින් බාගන්න

1.අවශ්‍ය ගේම් එකේ ප්‍රධාන .exe(excutable file) ෆයිලය තෝරන්න.
2.රූපයේ දැක්වෙන ආකාරයට සැකසීම් කරගන්න.(device ID හා vendor ID ගහන්න අමතක කරගන්න එපා.එක අනිවාර්යයි. මෙහි මම සඳහන් කර ඇති එකම ටයිප් කරන්න. උද-:
vendor ID=4098,DeviceID=20040)
3.දැන් run විදානය ලබාදෙන්න.නිතර නිතර ගේම් එක ඕපන් කිරීමේදී මෙය හරහා ඕපන් කිරීම කරදරයක් නිසා පහලින් ඇති save batch file විදානය ලබා දී batch ෆයිල් එක සේව් කරගන්න. ඉන් පසු ගේම් එක ඕපන් කරන සෑම අවස්ථාවකදීම ඒ ඔබ සේව් කරගත් batch ෆයිල් එක හරහා ගේම් එක ඕපන් කරගත හැක.
ඉහත ලබාදී ඇති විසදුම ප්‍රායෝගික වන්නේ අවම වශයෙන් 256/ 128mb වත් පවතින 2006 හෝ ඊට පසු පැමිණි vga drivers වලටය. ඉහත දැක්වූ මෘදුකාංගයෙන් වී.ජි.ඒ. එක over clock කිරීමක් සිදු නොකරන අතර එයින් කරන්නේ මම ඉහත දැක්වූ ආකාරයට ඔබ onboard vga එකකින් ක්‍රීඩා කරන්නෙක් නම් එවිට ඇතිවන ගැටළු වලා විසදුම් ලබාදීමයි.
tested on-:Farcry,halflife,sniper,Need for speed-Carbon
හොඳ නරක ඔය යටින් කොටලා යන්නකෝ.