ඔන්න ඉතින් මාස ගානකට පස්සේ පොස්ට් එකක් දාන්න චාන්ස් එකක් හම්බුනා.ඉතින් එක අපේ කස්ටියට ටිකක් වැදගත් දෙයක් ගැන ලියන්න හිතුනා. මවුපුවරුව(motherboard)කියන්නේ පරිගණකයේ තියන ඉතාමත් වැදගත් අංගයක්.ඉතින් එක ටිකක් වැඩිපුර කාලෙකට පරිස්සම් කරගන්න පුලුවන් වුනොත් අපිට සාපේක්ෂව ලොකු ගානක් ඉතුරු කරගන්න පුලුවන්. ඉතින් අද කාලේ තියන motherboard හොඳට පරිස්සම් කරගත්තේ නැත්තම් හරියටම warranty ඉවර වුනු ගමන්, ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් යද්දී ලෙඩ දෙන්න ගන්නවා. ඉතින් ලොකුම ප්රශ්නේ එක නෙවේ. අපි අලුත් මවුපුවරුවකට මාරු වෙද්දී සමහරවිට අලුතෙන් ගන්න වෙලා තියන මවුපුවරුවට අපේ තිබ්බ ram එක ,processor එක ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්.දැන් තියන ගැජට් දවසින් දවස අලුත් වෙනවනේ. එතකොට ලෝක අමාරුවේ. පාවිච්චි කරපු(used) motherboard ගැන විස්වාසය තියන්නත් අමාරුයිනේ. ඉතින් කරදර ගොඩයි. පොකට් එකටත් අමාරුයි. ඉතින් මේ හින්දා තියන motherboard එකෙන් උපරිම ප්රයෝජන ගන්න විදිහ ගැන තමා මේ කියන්න යන්නේ.
1.මවුපුවරු ජව සැපයුම (power supply) ගැන සැලකිලිමත් වෙන්න.
මවුපුවරුවේ ක්රියාකාරීත්වයට කෙලින්ම බලපාන දෙයක් තමා power supply එකේ ක්රියාකාරීත්වය.අද කාලේ තියන power supply ගැන කිසිම විස්වාසයක් තියන්න බැහැ. power supply එකක් ක්රියා කල යුතු නියමිත ක්ෂමතාවක් තියනවා. සාමාන්යයෙන් මෙය 325W - 400W පරාසයක තිබිය යුතුයි.අද වෙළඳ පොලේ ඇති power supply වල මෙම අගයන් සඳහන් කර තිබුනද ඒවා ක්රියා කිරීමේදී ඒවාහි ක්ෂමතාව සඳහන් කර ඇති අගයට වඩා සැලකිය යුතු තරමකින් වෙනස් වෙනවා. ඔබේ power supply එකෙහි ක්ෂමතාව මෙම නියමිත පරාසයට වඩා සැලකිය යුතු තරමකින් අඩු නම් හෝ වැඩි නම් එය ඔබගේ මවුපුවරුවට පමණක් නොව හාඩ් ඩ්රයිව් ආදියේ ආයු කාලයටද කෙලින්ම බලපානවා. එම නිසා power supply එකක් මිලදී ගැනීමේදී මිලෙන් වැඩි වුවත් හොඳ තත්වයේ එකක් මිලදී ගැනීමට සැලකිලිමත් වන්න. එය ඔබ ඊට වියදම් කල මුදලට වඩා විශාල ඉතිරියක් අනාගතයේදී ඔබට අත් කර දෙනු ඇත. එමෙන්ම ඔබ සතුව දැනට UPS එකක් පැවතියද ඔබගේ power supply එක නියමාකාරයෙන් ක්රියා නොකරයි නම් එය මවුපුවරුවේ ආයු කාලයට අනිවාර්යෙන්ම බලපානවා. එම නිසා දැනට UPS එකක් තිබුනත් මෙය නොසලකා හරින්න එපා.
2.මවුපුවරුවේ උෂ්ණත්වය ගැන අවදානයෙන් සිටින්න.
මවු පුවරුවේ කොටස් සෑදීමට බෙහෙවින් බාවිතා කරන්නේ විවිද වර්ගයේ අර්ධ සන්නායකයි. එම නිසා මෙම අර්ධ සන්නායක වලින් සාදන උපාංග නියමිත ලෙස ක්රියා කරන්නේ යම්කිසි නිශ්චිත උෂ්ණත්ව පරාසයකයි. ඉතින් යම් හෙයකින් දීර්ගකාලීනව පමණට වඩා වැඩි උෂ්ණත්ව අගයන් වලට ලක්වීමෙන් මේවා ඉක්මනින් අකර්මන්ය වනවා.වර්තමානයේ බහුලව දක්නට ලැබෙන Stop error නොහොත් blue screen error ඇති වීමට බෙහෙවින්ම බලපාන්නේ මෙලෙස වැඩි උෂ්ණත්ව වලට ලක් වී මවුපුවරුවේ ඇතැම් තැන්වලින් විද්යුතය සන්නයනයට බාදා ඇති වීමයි. එම නිසා ඔබ පරිගණකය පවතින්නේ වැඩි පරිසර උෂ්ණත්ව තත්ත්ව යටතේ නම් සිස්ටම් කූලින් ෆෑන් (system cooling fan) එකක් හෝ දෙකක් බාවිතා කර ඔබගේ system unit එකෙහි උෂ්ණත්වය පාලනය කර ගතයුතු වෙනවා. එය පරිගණකයේ ආයු කාලයට පමණක් නොව පරිගණකයේ වේගයටද වැදගත් වනවා.
3.නඩත්තු කිරීම
system cooling fan සහ CPU cooling fan වල ක්රියාකාරීත්වය නිසා මවුපුවරුව මත දුහුවිලි අංශු තැන්පත් තැන්පත් වීම වැඩිය.
මෙලෙස විශාල වශයෙන් විවිධ අංශු මවුපුවරුව මත තැන්පත් වීමෙන් එහි ක්රියාකාරීත්වයට හා ආයුකාලයට බලපෑම් ඇතිවේ.මීට හේතුව වන්නේ මෙලෙස තැන්පත් වන අංශු වල ආරෝපණ තිබිය හැකි බැවිනි. එම නිසා අඩුම තරමේ මාස 2 කට වරක් වත් බ්ලොවරයකින් හෝ සියුම් කුඩා පිරිසිදු පින්සලකින් මවුපුවරුව පිරිසිදු කිරීමෙන්ද මවු පුවරුවේ ආයුකාලය දීර්ග කරගත හැකිය.
4.නිවැරදි ඩ්රයිවර්ස් ඉන්ස්ටෝල් කිරීම.
පරිගණකයට ඩ්රයිවර්ස් ඉන්ස්ටෝල් කිරීමේදී එය මවුපුවරු නිෂ්පාදකයාගේ නිල වෙබ් අඩවියෙන් ලබා ගැනීමට සැලකිලිමත් වෙන්න. වර්තමානයේ අන්තර්ජාලයේ විවිද පුද්ගලයන් විසින් විවිද අවශ්යතා(VGA overclock කිරීම වැනි) සඳහා modify කරන ලද ඩ්රයිවර්ස් ඇති අතර එවැනි ඩ්රයිවර්ස් බාවිතයෙන්ද මවුපුවරුවේ ආයුකාලය අඩු විය හැක.
5.ප්රශ්නයක් නැත්තම් බයෝස් යාවත් කාලින නොකරන්න.
ඔබගේ මවුපුවරුව හොදින් ක්රියාත්මක වේ නම් කිසි විටකත් bios update කිරීමට යාම නුවනට හුරු නැත. මවුපුවරුවේ යම් ගැටළු කාරී තත්වයක් පවතියි නම් පමනක් bios update කරන්න.ඊට හේතුව වන්නේ ඔබ පසුව ඉන්ස්ටෝල් කරන bios updateඑක crash වීමට ඉඩ ඇති බැවිණි.
6.මවුපුවරුව තදින් තෙරපීමෙන් වලකින්න.
මවුපුවරුවේ ඇතැම් ස්ථාන තරමක් සංවේදී වේ. එම නිසා RAM,VGA card,Sound card ගැලවීමේදී හා සවි කිරීමේදී එය නිවැරදි ආකාරයට ස්පර්ශ කර සවිකළ යුතුවේ. එසේ නොමැතිව හිතුමතේ සවි කිරීමට යාමෙන් මවුපුවරුව අනවශ්ය ලෙස තෙරපි එහි ක්රියාකාරීතවයට් බාදා ඇතිවිය හැක.
7.වයිරස් වලින් බයෝස් ආරක්ෂා කරගන්න
වර්තමානයේ පරිගණක මවුපුවරුවේ බයෝස් වැඩසටහනටද ආසාදනය විය හැකි විවිධ හානිකර වැඩසටහන් ඇති බැවින් ඒවායින් වැලකි සිටිය හැකි හොඳ තත්වයේ ප්රතිවයිරස් මෘදුකාංගයක් බාවිතා කිරීම නුවනට හුරුය. වර්තමානයේ ඇති බොහෝ ප්රතිවයිරස් මෘදුකාංග මෙවැනි හානිකර වැඩසටහන් සොයාගැනීමට සහය දක්වයි.
ඔන්න මම ගියා.පොස්ට් එක වැදගත් කියල හිතෙනවා නම් කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා හොඳේ....
Friday, September 27, 2013
Saturday, May 18, 2013
හිතට දැනෙන කතා ටිකක්..
ඔන්න ඉතින් මට එහෙන් මෙහෙන් අහන්න දකින්න ලැබුණු හොඳ කතා ටිකක් මේ පාර පොස්ට් කරන්න හිතුවා. ඉතින් මේ හැම කතාවකින්ම අපේ ජීවිතයට මොකක් හරි එකතු කරගන්න දෙයක් තියනවා. ඒ දේ ඔයාලත් ලබා ගත්තොත් මගේ පරමාර්තය සාර්ථකයි. හොඳ නරක,අඩු පාඩු ඔය යටින් කොටලා යන්න..
1.ආදරය.....
ඔන්න ඉතින් එක දුප්පත් කොල්ලෙක් පෝසත් කෙල්ලෙක්ට හිතින් ආදරය කරනවා. ඉතින් දවසක් මෙයා මේක ඒ ගෑනු ළමයාගෙන් ඇහුවා.
එතකොට මේ ගෑනු ළමයට තරහ ගිහින් මෙහෙම අර පිරිමි ළමයට බනින්න ගත්තා." තමුසෙට පිස්සු හැදීගෙන එනවද? තමුසේ මාසෙකට හොයන ගාන මට දවසකට වියදම් කරන්නත් මදි. ඉතින් කොහොමද මම තමුසෙත් එක්ක ජීවත් වෙන්නේ. ප්ලීස්. මට කරදර නොකර ගිහින් තමුන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්නවා."
ඉතින් මේ පිරිමි ළමය මුකුත් කිව්වේ නෑ. නිශ්ශබ්දව හිටිය විතරයි.
ඔන්න ඉතින් මේ දෙන්නා අවුරුදු 6 කට විතර පස්සේ සුපර් මාකට් එකක් ඇතුලෙදි හම්බවෙනවා. දෙන්නට දෙන්නව අඳුරගන්න නම් අමාරු වෙන්නේ නෑ. ඔන්න ඉතින් ගෑනු ළමය කතාව පටන් ගන්නවා.
"මාව මතකයි නේද? ඉතින් දැන් මොකද කරන්නේ. මේ සුපර් මාකට් එකේද දැන් වැඩ?"
පිරිමි ළමයා නිශ්ශබ්දව සිටියි.
"හා හා කමක් නෑ. මේකත් හොඳ ජොබ් එකක් නේ. දන්නවද? මම දැන් බැඳලා ඉන්න මගේ හස්බන්ඩ් ගේ පඩිය ලක්ෂ දෙකයි.එයා වැඩ කරන්නේ ප්රයිවට් ෆර්ම් එකක.ආහ්.. අර එන්නේ එයා.."
ඇගේ ස්වාමි පුරුෂයා මෙතැනට පැමිණේ. පැමිණ පිරිමි ළමයා දෙස බලා ...
"ආනේ බොස්. මොකද මේ සුපර් මාකට් එකේ. ෂොපින් කරන්නවත් ආවද?"
ගැහැණු ළමයා ගල් ගැසී බලා සිටියි.ස්වාමි පුරුෂයා නැවත තම භාර්යාව(ගැහැණු ළමයා) දෙස බලා...
"මේ තමා මගේ බොස්, මේ සර් ගාව තමා මම අලුතෙන් ලක්ෂ දෙකක පඩියට වැඩට ගියේ...සර් තාම බැඳලා නෑ. මොකද සර් ඒ දවස් වල ආදරේ කරපු ගෑනු ළමයා සර්ට කැමති වෙලා නෑ. ඒ දවස්වල සර් දුප්පත් නිසා"
මේ ලෝකයේ සාර්ථක වූ කිසිවෙක් උපතින්ම සාර්ථක අය නොවේ.(ඒ අය පිලිබඳ වැඩි දුර තොරතුරු මෙම ලිපියෙන්) ඔවුන් තම උත්සාහය , කැපවීම මත සාර්ථක වූ අයයි. අපටද මේ ලෝකයේ හිමි තැනක් ඇත. අවශ්ය වන්නේ අපගේ උත්සාහය හා කැප කිරීමයි.
2.තාත්තාගේ බිස්නස්...
දිනක් ව්යාපාරිකයෙක් තම නිවසේ ව්යාපරික කටයුත්තක නියලී සිටින විටක තම පොඩි පුතු ඔහු ලඟට පැමිණෙයි. පැමිණ මෙසේ විමසයි.
"තාත්තේ, ඔයා දවසකට කීයක් හම්බ කරනවද.?"
එවිට පියා තම පුතුට තේරෙන ආකාරයට තම දිනක ආදායම කියයි..
"රුපියල් සීයේ කොළ පහලවක් විතර පුතේ!..."
පුතා..
එහෙනම් මට සීයේ කොළ හතක් විතර දෙන්නකෝ..
පියා
"ඒ මොකටද? අයෙත් මොකක් හරි විකාර සෙල්ලම් බඩුවක් ගන්න නේද? පෙරේදත් එකක් ගෙනත් දුන්නනේ. මම සල්ලි හම්බ කරන්නේ ඔය විකාර වලට වියදම් කරන්න නෙවේ. යනවා යන්න මෙතනින්."
පුංචි පුතු හැඩුම්බර විලාශයෙන් කාමරයට ගියේය. තමා කලේ වරදක් බව වටහා ගත පියා සීයේ කොළ හතක් ද රැගෙන පුතුගේ කාමරයට ගියේය. ගොස් පුතුගේ ඔලුව අතගා "මෙන්න පුතේ සල්ලි. පුතාට කැමති දෙයක් ගන්න " යයි පැවසීය. පුතු මදහසක් පා එම සල්ලි අතට ගත්තේය. ඉන පසු ඇඳේ කොට්ටය ඔසවා එය යට තිබු පොඩිවී ගිය සීයේ නෝට්ටු කිහිපයක් ගත්තේය. රැගෙන එය පියා දුන් මුදලත් සමග තබා පියා වෙත දික්කළේය. එවිට පියා විමතියට පත්ව " අයි පුතේ මට සල්ලි දෙන්නේ?" යයි විමසීය.
"මෙතන තාත්තා දවසකට හම්බ කරන ගාන තියනවා. මේක තියාගන තාත්තා දවසකට ගෙදර නැවතිලා මාත් එක්ක එනවද පාක් එකට ගිහින් සෙල්ලම් කරලා හවස චිත්ර පටියකුත් බලලා එන්න?". පියාට කර කියාගත හැකි දෙයක් නොවීය.මුදල් නිසා තමා විසින් කල යුතු වටිනා දේවල් කෙතරම් අතපසු වනවා දැයි ඔහුට වැටහුනේ එවිටය .
"හරි පුතේ. මම මේ සතියෙම පුතත් එක්ක ඉන්නවා ."
පියා එසේ පවසද්දී පුතුගේ මුවට නැගුනු සුරතල් සිනහව තමා මෙතෙක්කල් උපයාගත් ලක්ෂ ගණනටත් වඩා වටිනා බව පියාට වැටහුනේ එවිටයි.
3. තාත්තයි පුතයි.......
දිනක් එක් පියෙක් හා පුතෙක් නිවසේ සිටි බූරුවාද රැගෙන අසල ගමේ ඇති පොලට යන්න පිටත් වුනා. ඔන්න ඉතින් පුතා බූරුවාගේ පිටේ යනවා, තාත්තා පැත්තකින් බූරුවව අල්ලාගෙන පයින් යනවා. ඔන්න ඔහොම ටිකක් දුර යද්දී මිනිස්සු කියන්න ගත්තා "මහ පුදුම පුතෙක් තමා. අර අසරණ තාත්තව පයින් යවලා පුතා බූරුවාගේ පිටේ යනවා" කියලා. අන්තිමේට මේ කතා අහල බැරිම තැන පුතා බිමට බැහැලා තාත්තව බූරුවාගේ පිටේ නැග්ගුව. ඔන්න අයෙත් ඔහොම ටිකක් දුර යද්දී අයෙ මිනිස්සු කියන්න ගත්ත " මාර තාත්තෙක් තමා. අර පොඩි පුතාව පයින් යවලා තාත්ත හොඳට බූරුවාගේ පිටේ යනවා" කියල .
අයෙත් ඉතින් බැරිම තැන දෙන්නම නැග්ගා බූරුවාගේ පිට උඩට . ඔහොම ටිකක් දුර යද්දී අයෙත් මිනිස්සු කියනවා
"මාර තාත්තෙකුයි පුතෙකුයි. අර වයසක බූරුවට දෙන වදයක්" කියලා. ඉතින් මොනවා කරන්නද? අයෙත් දෙන්නම බූරුවගෙන් බැහැලා දෙන්නම පයින් යන්න ගත්තා.ඔන්න ටික දුරක් යද්දී මිනිස්සු ආයේ කියනවා.
"මහා මෝඩයෝ දෙන්නෙක්. අර බූරුවෙක් ඉඳගෙනත් දෙන්නම පයින් යනවා.පව්!" කියලා. මොනවා කරන්නද? ඔහෝම ඔහොම මග පරක්කු වේවි අන්තිමේට ගිහින් බලනකොට පොලත් ඉවර වෙලා. අන්තිමේට දෙන්නම හිස් අතින්ම අයෙත් එන්න පිටත් උනාලු.
ඔබත් තීරණයක් ගන්න කලින් ඒ ගැන දහස වාරක් හිතන්න. හැබැයි එහෙම තීරණයක් ගත්තට පස්සේ අයෙ කවුරු මොනවා කිව්වත් ඒක වෙනස් කරන්න එපා. මිනිස්සුන්ට අපි මොනවා කරත් එකට කියන්න මොකක් හරි තියනවා. ඒවාට කන්දිදී ඉන්න ගියොත් අපිට අපේ ඉලක්කයට කවදාවත් යන්න නම් හම්බෙන්නේ නෑ. අර තාත්තටයි පුතාටයි වෙච්ච දේ තමා වෙන්නේ.
ලිපියේ හොඳ නරක ඔය යටින් කොටලා යන්නකෝ..
Sunday, April 14, 2013
ඔබත් android වලට අලුත් ද? එහෙනම් මෙන්න වටින දේවල් ටිකක්.
ඔන්න ඉතින් මාස 5 කට විතර පස්සේ තමා පොස්ට් එකක් දාන්න හම්බුනේ. මොකද exam නිසා හෙල්ලෙන්නවත් වෙලාවක් නැහැ. ඉතින් ඔක්කොටම කලින් හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්රාර්ථනා කරනවා.ඉතින් මම මේ පාර පොස්ට් කරන්න හිතුවේ android smart phones වලට ආගන්තුක අයට ටිකක් වැදගත් වෙයි කියල හිතුන ලිපියක්. මොකද පරන ෆෝන් තියන හැමෝම දැන් android වලට මාරු වෙනවනේ.
Blackmart alpha
මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයි. මොකද මේකත් හරියට අර අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා ක්රැක් කරගෙන පාවිච්චි කරනවා වගේ තමයි. අපි google play store ඒකෙන් සල්ලි දීල ගන්න ඕන ගොඩක් සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන්.
web browser
android smart phones පාවිච්චි කරන අයට වැදගත්ම දෙයක් තමා ෆෝන් එකේ web browser එක. හැමෝටම ඕනේ තමන්ගේ වැඩේ ඉක්මනින්ම කරගන්නනේ. ඉතින් අපි ෆෝන් ඒකෙන ඉන්ටනෙට් යද්දී එහි වේගයට අන්තර්ජාල සේවා වේගය වගේම අපි පාවිච්චි කරන web browser එකත් ගොඩක් බලපානවා. ඉතින් මම පහලින් දීල තියෙන්නේ ඒ සඳහා දැනට තියන හොඳම web browser ටික.
Chrome
Download from market
Dolphin Browser
Download from market
Opera Mini web browser
Download from market
smart keyboard pro
පුරුදු උනාම පට්ට ස්පීඩ් ටයිප් කරන්න පුළුවන්.
Juice defender
බැටරි බහින එක පොඩ්ඩක් බ්රේක් කරගන්න නියම සොෆ්ට්වෙයා එක.
Download Manager for android
ඕනෙම දෙයක් එසැනින් බාගන්න.Tube Mate
යු ටියුබ් වීඩියෝ බාන්න ඕනෙද. මෙන්න ලේසිම විදිය.Wave Control Pro
ඔබගේ android smart phone එකේ ඇති proximity මගින් ඔබගේ දුරකථනය කිසිදු ලෙසකින් ස්පර්ශ කිරීමකින් තොරව ඔබගේ අත දුරකථනය ආසන්නයෙන් ගෙනයාමෙන් පමනක් music play,pause,stop,next,prev. කිරීම,call answer කිරීම ආදී බොහෝදෙ කරගැනීමට අවස්තාව ලබාදෙන මෘදුකාංගයකි.
Fast file transfer
ඔබගේ දුරකතනයේ ඇති විශාල ෆයිල් ඉතාමත් ඉක්මනින් තවත් දුරකතනයකට wi-fiහරහා send කල හැකි හැකියාව සහිත මෘදුකාංගයකි.
sms sheduler
දිනයක් හා වෙලාවක් දුන් විට අවශ්ය sms අදාළ දිනයට, වෙලාවට ස්වයන්ක්රීයව අදාළ sms එක යැවීම සිදුකරයි.Mx player
බොහෝ media file format ධාවනය කල හැකි ඉතා වටිනා player එකකි.
Winamp
සංගීතය රස විඳීමට ඉතාමත් අනර්ග මෘදුකාංගයකි.
Pdanet
ඔබගේ android smart phone එක මොඩමයක් ලෙස බාවිතා කර ඔබේ පරිගණකය හරහා අන්තර්ජාලයට සම්බන්ද වීමට ඉඩකඩ සලසා දෙන ඉතාමත් වටිනා මෘදුකාංගයකි.
තව සොෆ්ට්වෙයා නම් ගොඩක් තියනවා. වෙලාවක් තියන හැටියට ඒවා පොස්ට් කරන්නම්.
Sunday, October 28, 2012
සාර්ථක වූ අසාර්ථක මිනිස්සු
අපි අපේ ජීවිතයේ පොඩි පසු බෑමකට ලක් වුනොත් කොච්චර කලකිරෙනවද? ඒ පිළිබඳව කොච්චර හඩා වැලපෙනවද?ඒ අගන හිතමින් කොච්චර කාලය ගත කරනවද? නමුත් අපි ලෝකයේ අති දක්ෂයින් සේ
සලකන බොහෝ දෙනෙක් බොහෝ පසුබෑම් වලට ලක්වෙලා ගොඩනැගුනු අය. ඉතින් මේ ලිපිය කියෙව්වාම ඒක ඔයාලට තේරෙයි.
1960දි ආරම්බකල බීට්ල්ස් සංගීත කණඩායම තම පළමු සංගීත නිර්මාණය බිහිකර එකල ප්රසිද්දව තිබු ඩේකා සංගීත සමාගමට බාර දුන්නේය. නමුත් එම නිර්මාණ බැලු සමාගම එවැනි නිර්මාණ වලට අනාගතයක්
නැති පවසා එය ප්රතික්ෂේප කළේය. නමුත් එම හැටේ දශකයේ මැද බාගය වනවිට ලොව හොඳම ජනප්රියම සංගීත කණඩායම බවට පත්විය.ඔවුන්සංගීත තැටි වලින් වැඩිම ආදායමක් ඉපිලු සංගීත කණ්ඩායම බවට
වාර්තාගතව පවතී.
ඇල්බට් අයින්ස්ටයින් කුඩා කාලයේදී පාසලේ පාඩම් හරි හැටි අවබෝද කර නොගන්න මෝඩ ළමයෙකු සේ ප්රචලිතව බොහෝ උපහාස වලට පාත්ර වූවෙකි.නමුත් පසු කලෙක ඔහු ලොව කීර්තිමත්ම භෞතික
විද්යාඥයෙක් බවට පත් වූ අතර විසිවන සියවසේ බුද්ධිමත්ම පුද්ගලයා බවට පත්වූ අතර භෞතික විද්යා නියම හා පැහැදිලි කිරීම් 300 කට වඩා ඉදිද්රිපත් කර ඇත. ඔහුට මෝඩයා කියූ ඇතැම් පුද්ගලයනටවත් ඔහුන්
කියූ ඇතැම් දේ අවබෝධ කරගත නොහැකි විය.ඔහු සිදුකල මෙහෙවර අගයමින් 1921දී නොබෙල් ත්යාගයද ඔහුට පුද කෙරිණි.
ඇමරිකාවේ මිසිසිපි ප්රාන්තයේ මුඩුක්කුවක අවිවාහක පාසල් දැරියකට දාව ඉපදුනු ඔප්රා වින්ෆ්රේ ගේ ජීවිතය ඉතාම කටුක විය. ය වයස අවුරුදු නවයේදී දූෂණයට ලක්වූ අතර අවුරුදු 16 දී ඇය නැවත වරක් දූෂණය වී
ගැබ් ගත්තාය. නමුත් පසුකලෙක ගුවන් විදුලි ආයතනයක රැකියාව ආරම්බ කල ඇය ඇගේ අධිශ්ටානය හමුවේ තමාගේම ආයතනයක් පිහිටුවා ගත් අතර ඇය ඉතා කෙටි කාලයක් තුල කොටිපතිනයක වූ ප්රථම කළු
ජාතික කාන්තාව ලෙස විරුදාවලිය ලැබුවාය.වසර 2011 වනවිට ඇගේ ධනවත් බාවය ඩොලර් බිලියන 2.7 කට වඩා වැඩි බව පැවසේ.
ඇපල් සමාගමේ සම නිර්මාතෘ වන්නේ ස්ටීව් ජොබ්ස් ය.1974 දී personal computer බිහි කිරීමෙහි ලා විශාල කාර්යක් ඉටුකලද පසුව ඔහු සමාගමෙන් ඉවත් කිරීම සිදුවන්නේ ඔහුව බොහෝ
කනස්සල්ලට පත කරමිනි.නමුත් එයින් නොසැලී ඔහු නෙක්ස්ට් නමින් සමාගක අරමබන අතර පසුකලක ඇපල් සමාගම කඩා වැටෙනු දැක නැවත සමාගම බාරගෙන නැවත විශාල පන්නරයක් ලබා දුන්නේය. ඔහු
හදුන්වාදුන් ipad,iPhone ලොව සන්නිවේදන හා ව්යාපාරික ලොඅකයේ විශාල පෙරලියක් කිරීමට සමත්විය.
කුඩා කාලයේදී පැසි පන්දු කණ්ඩායමට ඇතුලත් වූ මයිකල් ජෝඩ්න් ඔහුගේ දක්ෂතා මදි යැ යි පවසා ඔහු එයින් ඉවත් කර ඇති අතර පසුව ඔහු දැඩි පරිශ්රමයකින් පුහුණු වීමෙන් ලෝකයේ විශිෂ්ටතම පැසිපන්දු
ක්රීඩකයා ලෙස නම් දැරීමට සමත් විය.
වෝල්ට් ඩිස්නි පාසල් වියෙන් පසු පුවත් පතක සේවයට එක්වන අතර අහු එම සේවයෙන් පහ කරන්නේ අලුත් අදහස් නැති,සිතාමතා යමක් කල නොහැකි අයෙකු බව පවසමිනි.ඉන් පසු නොබසින ඔහු
සොහොයුරෙකු සමග එක්වී වෝල්ට් ඩිස්නි සමාගම පිහිටුවා ගන්නා ලද අතර ලොව සුප්රසිද්ද චිත්ර පට ගනාවකම නිර්මාතෘ වන්නේද ඔහුය. ඒ සඳහා ඔහු ඇකඩමි සම්මාන 22 ක් දිනාගන්න අතර එතරම් සම්මාන
ගනනක් ලබා ගත් එකම පුද්ගලයා වන්නේද ඔහුය.1966 දී ඔහු මියගිය නමුත් අදටත් පවතින ඩිස්නි සමාගම 2010 වසරේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 33 ඉක්මවා ඇත.
ඉතින් ඉහත සඳහන්කළ සියලු පුද්ගලයන්ට පසුබෑම් වලට ලක්වී තිබෙන්නේ ඔවුන්ගේම හොඳටය. ඔවුන් ඒවායින් පන්නරය ලබා නැගී සිටි පුද්ගලයෝය. කිසිවෙකුත් උපතින්ම සාර්ථක වුවෝ නොවේය. ඉතින්
එහෙනම් අපිටත් අවස්තාවක් තිබිය හැක.
ලිපිය හොඳ නම් , නැත්තම් අඩුපාඩු තියනවනම් කෙලින්ම කියල යන්න.
සලකන බොහෝ දෙනෙක් බොහෝ පසුබෑම් වලට ලක්වෙලා ගොඩනැගුනු අය. ඉතින් මේ ලිපිය කියෙව්වාම ඒක ඔයාලට තේරෙයි.
1960දි ආරම්බකල බීට්ල්ස් සංගීත කණඩායම තම පළමු සංගීත නිර්මාණය බිහිකර එකල ප්රසිද්දව තිබු ඩේකා සංගීත සමාගමට බාර දුන්නේය. නමුත් එම නිර්මාණ බැලු සමාගම එවැනි නිර්මාණ වලට අනාගතයක්
නැති පවසා එය ප්රතික්ෂේප කළේය. නමුත් එම හැටේ දශකයේ මැද බාගය වනවිට ලොව හොඳම ජනප්රියම සංගීත කණඩායම බවට පත්විය.ඔවුන්සංගීත තැටි වලින් වැඩිම ආදායමක් ඉපිලු සංගීත කණ්ඩායම බවට
වාර්තාගතව පවතී.
ඇල්බට් අයින්ස්ටයින් කුඩා කාලයේදී පාසලේ පාඩම් හරි හැටි අවබෝද කර නොගන්න මෝඩ ළමයෙකු සේ ප්රචලිතව බොහෝ උපහාස වලට පාත්ර වූවෙකි.නමුත් පසු කලෙක ඔහු ලොව කීර්තිමත්ම භෞතික
විද්යාඥයෙක් බවට පත් වූ අතර විසිවන සියවසේ බුද්ධිමත්ම පුද්ගලයා බවට පත්වූ අතර භෞතික විද්යා නියම හා පැහැදිලි කිරීම් 300 කට වඩා ඉදිද්රිපත් කර ඇත. ඔහුට මෝඩයා කියූ ඇතැම් පුද්ගලයනටවත් ඔහුන්
කියූ ඇතැම් දේ අවබෝධ කරගත නොහැකි විය.ඔහු සිදුකල මෙහෙවර අගයමින් 1921දී නොබෙල් ත්යාගයද ඔහුට පුද කෙරිණි.
ඇමරිකාවේ මිසිසිපි ප්රාන්තයේ මුඩුක්කුවක අවිවාහක පාසල් දැරියකට දාව ඉපදුනු ඔප්රා වින්ෆ්රේ ගේ ජීවිතය ඉතාම කටුක විය. ය වයස අවුරුදු නවයේදී දූෂණයට ලක්වූ අතර අවුරුදු 16 දී ඇය නැවත වරක් දූෂණය වී
ගැබ් ගත්තාය. නමුත් පසුකලෙක ගුවන් විදුලි ආයතනයක රැකියාව ආරම්බ කල ඇය ඇගේ අධිශ්ටානය හමුවේ තමාගේම ආයතනයක් පිහිටුවා ගත් අතර ඇය ඉතා කෙටි කාලයක් තුල කොටිපතිනයක වූ ප්රථම කළු
ජාතික කාන්තාව ලෙස විරුදාවලිය ලැබුවාය.වසර 2011 වනවිට ඇගේ ධනවත් බාවය ඩොලර් බිලියන 2.7 කට වඩා වැඩි බව පැවසේ.
ඇපල් සමාගමේ සම නිර්මාතෘ වන්නේ ස්ටීව් ජොබ්ස් ය.1974 දී personal computer බිහි කිරීමෙහි ලා විශාල කාර්යක් ඉටුකලද පසුව ඔහු සමාගමෙන් ඉවත් කිරීම සිදුවන්නේ ඔහුව බොහෝ
කනස්සල්ලට පත කරමිනි.නමුත් එයින් නොසැලී ඔහු නෙක්ස්ට් නමින් සමාගක අරමබන අතර පසුකලක ඇපල් සමාගම කඩා වැටෙනු දැක නැවත සමාගම බාරගෙන නැවත විශාල පන්නරයක් ලබා දුන්නේය. ඔහු
හදුන්වාදුන් ipad,iPhone ලොව සන්නිවේදන හා ව්යාපාරික ලොඅකයේ විශාල පෙරලියක් කිරීමට සමත්විය.
කුඩා කාලයේදී පැසි පන්දු කණ්ඩායමට ඇතුලත් වූ මයිකල් ජෝඩ්න් ඔහුගේ දක්ෂතා මදි යැ යි පවසා ඔහු එයින් ඉවත් කර ඇති අතර පසුව ඔහු දැඩි පරිශ්රමයකින් පුහුණු වීමෙන් ලෝකයේ විශිෂ්ටතම පැසිපන්දු
ක්රීඩකයා ලෙස නම් දැරීමට සමත් විය.
වෝල්ට් ඩිස්නි පාසල් වියෙන් පසු පුවත් පතක සේවයට එක්වන අතර අහු එම සේවයෙන් පහ කරන්නේ අලුත් අදහස් නැති,සිතාමතා යමක් කල නොහැකි අයෙකු බව පවසමිනි.ඉන් පසු නොබසින ඔහු
සොහොයුරෙකු සමග එක්වී වෝල්ට් ඩිස්නි සමාගම පිහිටුවා ගන්නා ලද අතර ලොව සුප්රසිද්ද චිත්ර පට ගනාවකම නිර්මාතෘ වන්නේද ඔහුය. ඒ සඳහා ඔහු ඇකඩමි සම්මාන 22 ක් දිනාගන්න අතර එතරම් සම්මාන
ගනනක් ලබා ගත් එකම පුද්ගලයා වන්නේද ඔහුය.1966 දී ඔහු මියගිය නමුත් අදටත් පවතින ඩිස්නි සමාගම 2010 වසරේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 33 ඉක්මවා ඇත.
ඉතින් ඉහත සඳහන්කළ සියලු පුද්ගලයන්ට පසුබෑම් වලට ලක්වී තිබෙන්නේ ඔවුන්ගේම හොඳටය. ඔවුන් ඒවායින් පන්නරය ලබා නැගී සිටි පුද්ගලයෝය. කිසිවෙකුත් උපතින්ම සාර්ථක වුවෝ නොවේය. ඉතින්
එහෙනම් අපිටත් අවස්තාවක් තිබිය හැක.
ලිපිය හොඳ නම් , නැත්තම් අඩුපාඩු තියනවනම් කෙලින්ම කියල යන්න.
Friday, August 10, 2012
බලාගනයි! ෆිටෝන් කාමරවලත් රහස් කැමරා.
නවීන තාක්ෂණික යෙදවුම් සමග ඇතැම් මිනිසුන් තිරිසන් සතුන් බවට පත් වී තිබේ. තාක්ෂණයේ දියුණුවත් සමගම අප බාවිතා කරන සෑම උපකරනයක්ම ඉතා කුඩා මාදිලි වලින් නිකුත් විය. ඔත්තු බලන කැමරාද
බිහිවූයේ එලෙසිනි. තාක්ෂණයේ හොද හා නරක ලෙස දෙපැත්තක් ඇත. නමුත් කනගාටුවට කරුණ වන්නේ ඉන් වැඩිමනත් ප්රමාණයක් තාක්ෂනය බාවිත කරන්නේ මහම මහා අසික්කිත වැඩවලට වීමය. මෙසේ
මෙම ඔත්තු බලන කැමරාද ඉතා පහත් වැඩවලට යොදාගන්න බවට දැන් කරුණු වාර්තා වෙයි. ඉන් දැනට බහුලවම මාතෘකාව වන්නේ මහා පරිමාන හා කුඩා පරිමාන රෙදි කඩවල ඇදුම් මාරුකර බලාගැනීමට ඇති
ෆිටෝන්(fit on) කාමරයේ මෙලෙස සවිකර ඇති කැමරාය. වාර්තාවී ඇති පරිදි බොහෝවිට මෙම ක්රියාකාරකම් සිදුකරන්නේ මෙම කඩහිමියාගේම පුතා විසිනි. රුවැති අඟපසගින් හෙබි කාන්තාවක් මෙම
ෆිටෝන් කාමරයට ඇදුම් මාරු කර ගැනීමට එනතුරු මොවුන් සිටින්නේ ඇගිලි ගැන ගැනය. එසේ ඔවුන් ඇදුම් මාරු කරන දර්ශන පටිගතකරගෙන ඒවා ප්රසිද්ද කරනවායි පවසා තම තමන්ගේ අවශ්යතා
ඉටුකරගැනීමට මොවුන් පෙලබෙති.එසේ නැතහොත් ඒවා විශාල මුදල් වලට විකුර්ති ආශාවන් ඇති විදේශිකයන් හට විකුණයි.අපේ රටේ ඇදුමක් ගැනීමට පැමිණෙන අහිංසක කාන්තාව ජාත්යන්තර කාමුක වෙළද
පොලේ වෙන්දේසි වන්නේ මේ ආකාරයෙනි. එසේ නැතහොත් ඒවා අන්තර්ජාලය ඔස්සේ ප්රසිද්ද කර හරී. නැතිනම් ජංගම දුරකථන වලට බෙදාහරි. එවිට එම කාන්තාවට පාරක තොටක ගමන් ගැනීමටවත්
හැකියාවක් නොලැබෙනු ඇත. බොහෝ විට මෙවැනි සිදුවීම් කෙලවර වන්නේ සියදිවි නසාගැනීම් වලිනි.
මේ පිළිබඳව සමීක්ෂණයක් කල ලංකාවේ ප්රදාන පුවත් පතක වාර්තා කරුවන් පිරිසක් පවුද්ගලික පන්තියකට ගොඩ වැදී ඇත. එම අවස්ථාවේ ඔවුන් සිසුන්ට මෙවැනි රහස් කැමරා නිසා සිදුවුණු සිදුවීම් පිළිබද
තොරතුරු කොළ කැබලි වල ලියා ඉදිරියටඑවන ලෙස පවසා ඇත. එසේ ඒවා තිබුණු කරුණු වලින් හෙළිවී ඇත්තේ මෙම කැමරා ඇත්තේ ෆිටෝන් කාමර වල පමණක් නොවන බවයි.
පෙම්වතුන් නිතර ගැවසෙන ස්ථානවල, කාමර සහිත අන්තරජාල සේවා සපයන ස්ථානවල, වැසිකිලි වල,විවධ ස්ථානවල ඇඳුම් මාරු කරන තැන් වල, හොටෙල් කාමරවල, ආදීවූ තැන් රාශියකම මේවා සවිකර ඇති
බවයි..ඒවා නැරබීමෙන් පමණක් ඔවුන් තෘප්තිමත් වේ නම් එසේ වුවාට කමක් නෑ යයි කියමු. ඒ මන්ද අප රටේ සිටින ඇතැම් පුද්ගලයන්ගේ විකුර්ති වූ මනොකායන් ශක්රයාටවත් වෙනස් කල නොහැකි බැවිනි.නමුත්
ඒවායින් ඔවුන් ඔහුගේ හෝ ඇයගේ ආත්මයට හෝ ජීවිතයට බලපෑමක් සිදුකරන්නේ නම් එය කිසිසේත් අනුමත කල නොහැක.ඊට නිදසුනක් ලෙස හද සසල කරවන සිදුවීමක් මා අසා ඇත. පාසල් සිසුවෙක් තම
යහළුවන් සමග උසුළු විසුළු කරමින් පාසල තුල තම ජංගම දුරකතනයෙන් වීඩියෝවක් නරබමින් සිටියදී පාසල් ගුරුවරයෙක් විසින් ඔහුව අල්වාගෙන ඔහුගේ මව්පියන් කැඳවා එය ඔවුන්ට පෙන්වා ඇත . එවිට මවට
සිහිය නැතිවී තිබේ. පසුව බලනවිට ඔවුන් නරබමින් සිට ඇත්තේ ඔහුගේ මව නාන දර්ශන සහිත වීඩියෝවක් බව හෙළිවී ඇත. . මීට තවත් නිදසුනක් ලෙස ලංකාවම කලබමින් ප්රදාන පෙලේ පාසලක සිසුවියක් සියදිවි
නසාගත් සිදුවීම ඔබට මතක ඇත. ඒ ඇයගේ පෙම්වතාද යම් යම් පෙම් ජවනිකා තමාගේ ජංගම දුරකතනයෙන් පටිගතකර ගෙන තිබී ඒවා ප්රසිද්ද වීම නිසාය.එම හේතුවෙන් ඇය මග තොටේ ගමන් ගන්නා විට පවා
එම වීඩියෝව පෙන්වමින් ඇයට උසුළු විසුළු කර ඇත. මෙවැනි දෙයක් ඔබට ඇති වුවහොත් ඔබට ඇතිවන පීඩනය දරාගත හැකිද. ඉතින් මෙවැනි දෑ ඉදිරියටත් සිදුවුවහොත් තාක්ෂනය කෙතරම් දියුණු වුවත් වැඩක්
නැත.
මේ පිළිබඳව අන් කවරකටත් වඩා පිරිමින්ද වඩාත් උනන්දු විය යුතුය. ඒ මන්ද මීලගට එම රහස් කැමරාවක ගොදුරක් වන්නේ, ඔබගේ මව, ඔබගේ සහෝදරිය,ඔබගේ යෙහෙළිය හෝ ඔබගේ පෙම්වතිය වියහැකි
බැවිනි.
එමනිසා ඔබ වඩාත් සැලකිලිමත් වන්න. ඉතා කුඩා ඉඩක වුවත් මෙය ස්තානගත කල හැකි බැවින් අදාළ ස්ථානවල ඇති කුඩා සිදුරු පිලිබදව වැඩි අවදානයක් යොමු කරන්න. මෙය වලක්වා ගත හැක්කේ අපිටමය. ඒ
මේ සඳහා පොලිසියට ක්රියාත්මක වීමට තවමත් ලංකාවේ නීති රීති සම්පාදනය කර නොමැති බැවිනි. මේවා දැන්ම වලක්වාගැනීමට නොහැකි වුනොත් අනාගතයේදී බයක් සැකක් නොමැතිව ඇදුම් මාරු කිරීමට ,
වැසිකිලි යාමට පවා නොහැකි වන තත්වයක් උත්ගතවනු ඇත.
Tuesday, July 31, 2012
සඳ ගමන ප්රෝඩාවක්ද?
ඔන්න කාලෙකට පස්සේ ටිකක් කාලීනව වැදගත් කියල හිතෙන මාතෘකාවක් යටතේ පොස්ට් එකක් දෙන්න හිතුවා.හැබැයි මම මේ කරන්නේ මිනිස් ඉතිහාසයේ ලොකු සන්ධිස්තානයක් හෑල්ලුවට ලක් කිරීමත් වත්
මඩ ප්රහාරයක් එල්ල කිරීමක් වත් නෙවෙයි. වර්තමානයේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු ප්රශ්නයක් ගැන කරුණු ටිකක් ඉදිරිපත් කිරීමකුයි කරන්නේ.
1969 ජුලි 16 වැනිදා ලෝකයා විශ්මයට පත් කරමින් සඳ මතුපිට ප්රථමවරට මිනිසුන් ඇවිද ගියා. ඒ තමා ඇපොලෝ 11 ව්යාපෘතියේ ගමන් ගත් නීල් අම්ස්ට්රොන්ග්,එඩ්වින් ඔල්ඩ්රින් හා මයිකල් කොලින්ස්. එය
සජීවීව රූපවාහිනිය ඔස්සේ ලොව පුරා විකාශය කෙරුනා.මෙය මිනිස් ඉතිහාසයේ විශාල සන්ධිස්තානයක්.නමුත් මෙය සිදුවී දැනට වසර හතළිහකටත් වඩා කාලයක් ගතවී ඇතිමුත් දැනටත් ලොවපුරා විවිධ
පුද්ගලයෝ,විද්යාඥයින් මේ සම්බන්දයෙන් විවිධ අදහස් පල කරනවා. විද්යාත්මක කරුණු හා සඳ ගමනේදී ලබාගත් චායාරූප ඇසුරින් ඔවුන් පවසන්නේ මේ ඇපොලෝ 11 සඳ ගමනක් සත්යවශයෙන් සිදුවී
නොමැති බවයි. ඔවුන් පවසන්නේ ඇපොලෝ 11 සඳ ගමන, සෝවියට් රුසියාව ප්රථම වරට කෘතීම චන්ද්රිකාවක් (ස්පුට්නික්) අබ්යාවකාශ ගත් කිරීමත් සමගම තමන්ගේ මහන්තත්තකම රැකගැනීමට වියරුවෙන්
ඇමරිකාව විසින් චිත්රගාරයකදී පටිගතකල චිත්රපටයක් බවයි. ඔවුන් මේ සඳහා විවිධ සාක්ෂි ඉදිරිපත් කරමින් එය තහවුරු කිරීමට උත්සහ දරනවා. මම මෙතැන පටන් එම කරුණු හා නාසා ආයතනය ඒවාට ලබාදුන්
ප්රති උත්තර,පැහැදිලි කිරීම් එකින් එක ඉදිරිපත් කරන්නම්.
1.පහතින් දැක්වෙන්නේ ඇපොලෝ 16 මගින් සඳ මතුපිට සිට ලබාගත් පෘතුවියේ චායාරූපයක් හා ඇපොලෝ 11 මගින් ලබාගත් චායාරූපයකුයි. ඇපොලෝ 16 මගින් අධෝරක්ත කැමරාවෙන් ලබාගත්
චායාරූපයේත් පෘතුවිය වටා පසුබිමේ තරු හොදින් දිස්වෙන මුත් ඇපොලෝ 11 මගින් ලබාගත් චායාරූපයේ පෘතුවිය සහිත පසුබිමේ එකදු තරුවක් වත් දක්නට නැත.
ඇපොලෝ 16 යානය සඳ මතුපිට සිට ලබාගත චායා රූපයක්
ඇපොලෝ 11 යානයෙන් ලබාගත්ත යයි කියන චායාරූපය
2. පහත දැක්වෙන්නේ සඳ මතුපිටින් ලබාගත් පාශානයක චායාරූපයකුයි. හොදින් නිරීක්ෂණය කිරීමේදී ඔබට දක්නට ලැබෙයි එම පාශානය මතුපිට හා එය අසලම පොලවේ කුඩාවට "C" හැඩයට යෙදු
සලකුණක්. ඉතින් මේ චායාරූපය ගැන බොහෝ දෙනා දරන මතයක් වන්නේ මෙවැනි නම් කිරීම් හොලිවුඩ් සිනමාවේ විවිධ රංග උපකරණ වල දක්නට ලැබෙන බවයි. මෙලෙස නම් කිරීම් කරන්නේ රූපගතකිරීම්
වලධි අදාළ වස්තුව වඩාත් හොදින් ස්තානගත කිරීමට බවයි ඔවුන්ගේ මතය. එම නිසා ඔවුන් පවසන්නේ apollo 11 සද ගමන හොලිවුඩ් චිත්රාගරයක කල රූපගත කිරීමක් බවයි.
3. මෙම චායාරූපයේ සිටින ගගන ගාමීන් දෙදෙනාගේ සෙවනැලි දෙස හොදින් බලන්න. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ මීටර් 2 ක පමණ පරතරයකි. නමුත් ඔවුන් දෙදෙනාගේ සෙවනැලි වල ප්රමානය අතර
වෙනසක් ඇත. කොඩියට පිටුපසින් සිටින්නාගේ සෙවනැල්ල ඉදිරියෙන් සිටින්නාගේ සෙවනැල්ලට වඩා දිගුය. මෙය ප්රකාශ විද්යාත්මකව වියහැකිද?මේ පිලිබඳ විද්යාඥ මතය වන්නේ මෙය කෘතීම
ආලෝකකරණයක් යටතේ සිදුකල ක්රියාකාරකමක් බවයි. සූර්යාගෙන් පමණක් ආලෝකය ලැබෙනවා (එක ආලෝක ප්රබවයක් පමණක් ඇති නම්)නම් මෙලෙස සෙවනැල්ලේ දිග වෙනස් වියනොහැකි බවයි
ඔවුන්ගේ මතය.
4.ඉහත කී කරුණ ඔබට මෙම රූපයෙන් වඩාත් හොදින් පැහැදිලි වේවි. මෙම රූපයෙන් දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් ඊගල් යානයට නගින අන්දමයි. ඔහු සිටින්නේ යානයේ තද අඳුරු සෙවනැල්ල තුල වූවත් ඔහුව
හොදින් දර්ශනය වනවා . වෙන කිසිවක් පමණක් නොව ඔහුගේ කළු පැහැති සපත්තු දෙක පවා හොදින් දර්ශනය වනවා. මෙයිනුත් ඔප්පු වන්නේ සූර්යාලෝකයට අමතරව වෙනත් කෘතීම ආලෝකයක් මෙහි
යොදාගන ඇති බවයි.
5.ඔබ දන්නවා සඳ ගමනට තිදෙනෙක් සහබාගි වූවාට ඔවුන් දෙදෙනාගෙන් සඳ මතුපිට ඇවිද ගියේ දෙදෙනෙක් බව. ඒ නීල් අම්ස්ට්රොන්ග් හා ඔල්ඩ්රිනුයි. මයිකල් කොලින්ස් යානයේ පාලක මැදිරියේ සිට පෘතුවිය
සමග සම්බන්දතා පැවැත්වුවා. ඉතින් පහත රූපයේ සිටින්නේ එඩ්වින් ඔල්ඩ්රින්. ඔබට පෙනෙනවා ඇති ඔහුගේ ව්යිසරයෙන් ඉදිරියෙන් සිටින නීල් අම්ස්ට්රොන්ග් හා ඊගල්ස් ලුනාර් යානය දිස්වෙන ආකාරය. .නමුත්
එහි කොහෙවත් කැමරාවක සලකුණක් වත් නැහැ. එසේනම් චායාරූපය ගත්තේ කවුරුන්ද?
6.පහතින් දැක්වෙන රූපයේ දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් සඳ මතුපිට ඇවිදීමේදී ලබාගත් පාසටහනක් .එය දෙස හොදින් බලන්න. ඒක හරියට නිකං තෙත පොළවක හිටපු පා සලකුණක් වගේ හොදින් තදින්
හිටලා තියනවා නේද.වායුගෝලයක් වත් නැති සඳ මතුපිට පෘෂ්ටය තෙත් උනේ කොහොමද?
මේ සම්බන්දයෙන් ඉතිරි කරුණු හා නාසා ආයතනය මගින් මෙම සංසිද්දී පැහැදිලිකර ඇති ආකාරය මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
Labels:
news,
story,
technology
Wednesday, July 11, 2012
යුධ අහසේ පෙරළිකාරයා SR-71 "blackbird"
යුද්දය කියන්නේ හොඳ දෙයක් නෙවේ. එත් මිනිසා වර්තමානයේ වැඩිම මුදලක් වියදම් කරන්නේ යුදමය කටයුතු සඳහා. ඒ කියන්නේ මිනිසාගෙන් මිනිසා ආරක්ෂා කරන්න.ඉතින් මේ පොස්ට් ඒකෙන් දෙන්න හිතුව
එහෙම යුදමය කටයුතු සඳහා නිෂ්පාදනය කරපු ඇමරිකානු ගුවන් හමුදාවේ ඉහළ ස්ථානයක් හිමිකරගෙන තිබුණු SR-71 blackbird කියන ගුවන් යානය ගැන කරුණු ටිකක්. ඉතින් මේ ගුවන් යානය
හදල තියෙන්නේ 1964 දී.මෙහි නිර්මාතෘ තමා ලොක්හීඩ් මාටින් සමාගමේ ක්ලැරන්ස් කෙලි ජොන්සන්.මේ යානයට මාක් 3.3 ක් , ඒ කියන්නේ ශබ්දයේ වේගය මෙන් 3.3 (තත්පරයට මීටර් 1122 ක්)න්
ගුණයක උපරිම වේගයෙන් ගමන් කිරීමේ හැකියාව තියනවා. මේහි ආයුදත් සමග මුලූ බර කිලෝග්රෑම් 69000 පමණ වෙනවා.මේක යුද අහසේ මොන තරම් පෙරලියක් කරලා තියනවද කිව්වොත් 1966 ඉඳල
1998 වෙනකන්, ඒ කියන්නේ අවුරුදු 32 ක් විතර ක්රියාකාරී තත්වයේ පවතින ගුවන් යානයක් විදිහට බාවිතයට අරන් තියනවා. මේ යානය හදන්න ප්රදාන හේතුව වෙලා තියෙන්නේ මීට කලින් එක්සත් ජනපදයේ
හොඳම යුද යානය වෙලා තිබුණු u-2 යානය රුසියාවේදීSAM(surface-to-air missiles)ප්රහාරයක් මගින් බිම දැමීමයි. මාක් 3.3 ක වැනි අදික වේගයකින් ගමන් කිරීමේදී ඇතිවන
පීඩනයට ඔරොත්තු දීම සඳහා මේ යානයේ බඳ හා යානයේ ඉතුරු කොටස් වලින් 81 % ක් නිපදවා තිබෙන්නේ ටයිටේනියම් මිශ්රිත මිශ්ර ලෝහයකින්. ඒ වගේම මේ යානය රේඩාර් වලට හසුවීමේ අවදානමද ඉතා
අඩුයි. එය නිපදවා තිබෙන්නේ සාමාන්ය රේඩාර් තරංග අවශෝෂනය කිරීමේ හැකියාවක්ද සහිතවයි.එම ක්රියාකාරකම ඉටු කරන්නේ මෙහි ආලේපිත විශේෂ ආලේපනය මගින්.
sr-71 හි අධි බලති ප්රධාන එන්ජිම
විශේෂයෙන් මාක් 3.3 ක අධික වේගයෙන් ගමන්කිරීමේදී ඇතිවන පීඩන වෙනස හා උෂ්ණත්වය(සෙල්සියස් අංශක 260 ක් පමණ) පාලනය කිරීමට වූ විශේෂ යාන්ත්රණයක් මෙහි අන්තර්ගතයි.
විශේෂයෙන් මෙහි කර්තව්ය වන්නේ න්යෂ්ටික ප්රහාර නිකුත් කිරීමයි.එකවර ප්රධාන නියමුවන් දෙදෙනෙක්ට හා ආයුද පාලන නියමුවෙකට මෙහි ගමන් කල හැකියි. මෙහි නියමුවන්ටද උපරිම ආරක්ෂාවක් මෙමගින් සපයාදී තිබෙනවා .
ගුවන් නියමුවාගේ විශේෂිත ඇඳුම කට්ටලය
ප්රදාන සැකිල්ල
මෙහි යුධ ඉතිහාසය ගත්තොත් විශේෂයෙන් ගල්ෆ් යුද්දයේදී විශාල වැඩ කොටසක් මෙමගින් ඉටුකර තිබෙනවා.ඒ වගේ පසු කාලයකදී සතුරන්ගේ චායාරූප ගැනීමට විශේෂ අධි බලති කැමරා පද්දතිය්කුත් මෙයට සම්බන්ද කර තිබෙනවා.
කොහොම උනත් තවදුරටත් මෙවැනි ගුවන් යාන බාවිත කරන්න අවස්ටාවක් ඉදිරි අනාගතයේදී ඇති නොවේවා කියලා ප්රාර්ථනා කරමු. මොකද එහෙම උනොත් ඇතිවන විනාශය අපිට හිතාගන්නවත් බැරි වේවි.
Monday, June 25, 2012
VGA කාඩ් එකක් නැතුව ගේම් ගහන හැටි
පරිගණකයේ වී.ජි.ඒ. එකේ ක්රියාකාරීත්වය ගැන මම කලින් පොස්ට් එකක සඳහන් කලානේ. ඕනනම් ඒක මෙතනින් බලන්නකෝ.
පරිගණකයේ පරිගණක ක්රීඩා කිරීමට නම හොඳ ත්රිමාන සජීවීකරන් හැකියාවෙන් යුත් වී.ජි.ඒ. කාඩ් එකක ඕන වෙනවා. කෙසේ නමුත් හමොටම separate vga ගන්න හැකියාවක් නැති නිසා ගොඩක් දෙන බවිත කරන්නේ onboard vga එක.නමුත් නවීන පරිගණක ක්රීඩා සඳහා වී.ජි.ඒ. එක මගින් සපුරා ගතයුතු තාක්ෂණික අවශ්යතා තියනවා. ඔබ පරිගණක ක්රීඩා කරන්නන් නම් දැනටමත් අහල ඇති HwTnL,Pixel Shader,zbuffer,wbuffer,lightning, වගේ තාක්ෂනයන් ගැන. ඉතින් මෙමෙ තාක්ෂණික ක්රමවේදයන් ඇසුරෙන් නිර්මාණය කරපු පරිගණක ක්රීඩා මෙම තාක්ෂනයන් රහිත වී.ජි.ඒ. කාඩ් එකක ක්රීඩා කිරීමට උත්සහ කිරීමේදී විවිද අපහසු තත්වයන්ට මුහුණ දීමට සිදුවෙනවා. උදාහරණයක් විදිහට පහතින් තියෙන්නේ දැනට වසර කීපයකට පෙර ආපු Intel G31 chipset එකක් සහිත මවු පුවරුවක 2005 වසරේදී නිකුත් වූ Farcry පරිගණක ක්රීඩාව ක්රීඩා කිරීමේදී දිස්වන අයුරුයි.
ඉතින් ඔබට පේනවා ඇති ඉහත රූපයේ සමහර පසුතල විකුර්ති වී පෙනෙන හැටි. මෙයට ප්රදාන හේතුව වන්නේ එම මවුපුවරුවේ වී.ජි.ඒ. එක එම ක්රීඩාවට අවශ්ය වන සමහර තාක්ෂන්යන්ට සහ්යෝගය නොදක්වීම.ඉතින් මට නියම සොෆ්ට්වෙයා කෑල්ලක් හම්බුනා . ඒ තමා අරුම පුදුම 3D Analyzer .මේකෙන් කරන්නේ අදාල තාක්ෂණික ක්රමවේදය පරිගණකයේ වී.ජි.ඒ. කාඩ් එක මගින් සහය දක්වන බවට බොරුවෙන් ගේම් එක රැවැට්ටීම. එහෙම කරාම ප්රශ්නයක් නෙතුව ඒ විකුර්ති වී හෝ නොපෙන්වන පසුතල කොටස් පරිගණක ක්රීඩාවේ render එක මගින් ලස්සනට හදලා පෙන්නනවා. පහලින් බලන්නකෝ farcry ගේම් එකේ කලින් නොපෙන්වුනු කොටස් ලස්සනට පෙන්වන ආකාරය.
ඉතින් ඒ සඳහා කරන්න ඕනේ මේ සොෆ්ට්වයා එක download කරගෙන මම රූපයේ පහත දාලා තියන විදිහට එකේ සැකසීම් කරගන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලා බාවිත කරන ගේම් එක අනුව පහත සැකසීම් වල විවද වෙනස්කම් කරගන්න ඕනේ වෙයි. එහෙම ප්රශ්නයක් අවොත් කමෙන්ට් එකක් දන්න.මෙතනින් බාගන්න

1.අවශ්ය ගේම් එකේ ප්රධාන .exe(excutable file) ෆයිලය තෝරන්න.
2.රූපයේ දැක්වෙන ආකාරයට සැකසීම් කරගන්න.(device ID හා vendor ID ගහන්න අමතක කරගන්න එපා.එක අනිවාර්යයි. මෙහි මම සඳහන් කර ඇති එකම ටයිප් කරන්න. උද-:
vendor ID=4098,DeviceID=20040)
3.දැන් run විදානය ලබාදෙන්න.නිතර නිතර ගේම් එක ඕපන් කිරීමේදී මෙය හරහා ඕපන් කිරීම කරදරයක් නිසා පහලින් ඇති save batch file විදානය ලබා දී batch ෆයිල් එක සේව් කරගන්න. ඉන් පසු ගේම් එක ඕපන් කරන සෑම අවස්ථාවකදීම ඒ ඔබ සේව් කරගත් batch ෆයිල් එක හරහා ගේම් එක ඕපන් කරගත හැක.
ඉහත ලබාදී ඇති විසදුම ප්රායෝගික වන්නේ අවම වශයෙන් 256/ 128mb වත් පවතින 2006 හෝ ඊට පසු පැමිණි vga drivers වලටය. ඉහත දැක්වූ මෘදුකාංගයෙන් වී.ජි.ඒ. එක over clock කිරීමක් සිදු නොකරන අතර එයින් කරන්නේ මම ඉහත දැක්වූ ආකාරයට ඔබ onboard vga එකකින් ක්රීඩා කරන්නෙක් නම් එවිට ඇතිවන ගැටළු වලා විසදුම් ලබාදීමයි.
tested on-:Farcry,halflife,sniper,Need for speed-Carbon
හොඳ නරක ඔය යටින් කොටලා යන්නකෝ.
Wednesday, June 20, 2012
VGA ගැන නොදත් දේ දැනගමු
අප පරිගණක බාවිතයේදී CPU (Central Processing Unit)එක ගැන මෙන්ම තවත් දන සිටිය යුතු වැදගත් දෙයක් තමා පරිගණකයේ GPU(Graphics
Processing Unit)එක හෙවත් දෘශ්ය විචිත්රාංග සැකසුම් ඒකකය. මෙමෙගින් කෙරෙන කාර්ය තම පරිගණකයේ CPUඑක මගින් සැකසා දෙන ඩිජිටල් සංඥආ අපට පරිගණක
තිරයේ පෙන්වන රූප බවට සකස් කිරීම. එම නිසා VGA එකෙහි සකසනයේ වේගය හා මතකය අපට පරිගණක තිරෙයේ පෙනෙන රූප වල තත්වයට සෘජුව බලපානවා.පරිගණකයේ ත්රිමාන
චිත්රනය(3d drawing),පික්සල් විබෙදනය(Resolution) , ආදිය තීරණය වන්නේ පරිගණකයේ VGA එකේ හැකියාව මතයි.කෙටියෙන්ම කියුවොත් අපට පෙනෙන
හැමදේම නිර්මාණය කරන්නේ VGA මගින්.
වීජිඒ ගැන කතා කරද්දී අපට නිතරම හම්බවෙන වචනයක් Direct X තමා . මේ කියන Direct X තමා පරිගණකයේ video devices,audio
devices,processor,Input and output devices,කියන උපාංග ඔක්කොම එකට සම්බන්ධ කරන්නේ. ඔයාලම හිතන්නකෝ. ඔයා පරිගනකයෙන් ෆිල්ම්
එකක් බලනවානම් මේ කියන ඔක්කොම එකට ක්රියාකරන්න ඕනේ නේද? එකට තම මේ Direct Xතියෙන්නේ. දැනට තියෙන අලුත්ම සංස්කරණය තමා වින්ඩෝස් 7 හා වින්ඩෝස් 8
සමග පැමිණෙන Direct X 11 සංස්කරණය.
දැනට බාවිතයේ පවතින VGA වර්ග 2 ක් තියනවා.
1.Onboard VGA(මවුපුවරුව මත සපයා ඇති VGA )
2.Separate VGA cards(මවුපුවරුව මත ඇති ස්ලොට් එකකට වෙනමම සම්බන්ද කරන VGA)
<Onboard VGA>
පරිගණකයේ මවුරුව මත්ම පවතී. එදිනෙදා සාමන්ය කටයුතු කරන බොහෝ පරිගණක බාවිතාකරන්නන් අතර විශාල පිරිසක් බාවිතා කරන්නේ මෙම Onboard VGA ය. ඊට හේතුව
අමතර මුදලක් වැයකර මිලදී ගැනීමට සිදුනොවීමත් සාමාන්ය වැඩ කටයුතු සඳහා ප්රමාණවත් වීමත්ය. නමුත් මෙහි ඇති අවාසි වන්නේ පරිගණකයේ ප්රධාන මතකයෙන්(RAM)කොටසක් මෙම
VGA එකේ මතකයට හුවමාරු වීමත් විශේෂ Graphic Designing,Gaming වැනි කටයුතු සඳහා බාවිතා කල නොහැකි වීමත්ය. උදාහරණයක් ලෙස 256mb RAM
එකක් ඇති පරිගනකයක වීජීඒ එක 64mb නම් එකෙහි බාවිතයට ගතහැකි මතකය වන්නේ 192mb(256-64) කි. නමුත් මේ Onboard VGA සඳහා හොඳ විසදුමක් 2010
වර්ෂයේදී ඉන්ටෙල් සමගම විසින් Intel Core processor chipsets සඳහා හදුන්වාදෙන ලදී .එය ඔවුන් හැදින්වුවේ Intel HD Graphis ලෙසය.
මෙය Onboard VGA අතර විශාල පෙරලියක් කල අතර නමුත් මෙයද නවීනතම Separate VGA cards වලට ඇති හැකියාවන් සියල්ල
සපුරා නොමැත.
<Separate VGA cards>
Graphic Designing,Gaming වැනි කටයුතු කරන බොහෝ දෙනා යොදාගන්නේ මෙම Separate VGA cards වේ. මේවා පරිගණක මවුපුවරුව මත ඇති
PCI Express,AGP වැනි ස්ලොට් මගින් පරිගණකයට සම්බන්ද කලයුතු වේ. වර්තමානයේ නිෂ්පාදකයින් අතර ඉදිරියෙන්ම සිටින්නේ Nvidia,Amd කියන සමාගම්.දැනට
පවතින මවැනි Separate VGA cards නිෂ්පාදකයින් අතර මේවායේ තත්වය අනුව හොඳම තත්වයේ ඇති VGA cards වර්ග කිහිපයක් පහත දැක්වේ.
3.Nvidia Geforce GTX590
4.ATI Radeon 5970
5.Nvidia Geforce GTX 480
6.AMD Radeon HD 6970
Nvidia Geforce GTX 680 වර්ගයේ වී.ජි.ඒ එකක්
මේවා Graphic Designing,Gaming වැනි කටයුතු සඳහා වැඩි සහයෝගයක් දක්වන්නේ මේවාහි ඇති සැකසුම් ඒකකයන්(processing units) නිසාය. මෙහි
ඉහත දැක්වෙන VGA cards සියල්ලේම සැකසුම් ඒකකයන් 4 බැගින් පවතින අතර ඒවායේ වේගය(Clock speed),Rendering, Texture Drawing,
Filtering, වැනි හැකියාද Onboard VGAවලට සාපේක්ෂව ඉතා ඉහල මට්ටමක පවතී. මෙහි ඇති එකම අවාසිය මේවා මිලදී ගැනීමට වැයවන විශාල මුදල් ප්රමාණය.
සාමන්යෙන් ඉහත දැක්වන වලින් එකක් ගැනීමට වැයවන මුදලින් ඔබට අලුත් පරිගණකයක් මිලදී ගැනීමට හැකිවේවි. එතකොට හිතාගනකෝ මිල. ඒ වගේම තමා මේවගේ එකක මිලදී ගද්දි
පරිගණක මවුපුවරුව මත ඊට සරිලන ස්ලොට් වර්ගය තියෙන්න ඕනේ(විශේෂයෙන් PCI Express 16xවැනි) . ඒ වගේ මේකේ නියම ප්රයෝජන ගන්න නම් හොඳ ප්රොසෙසරයක් හා
මතක ධාරිතවකුත් තියෙන්න ඕනේ.
මම හිතනවා මේ පොස්ට් ඒකෙන ඔයාලට VGA ගැන දැනුමක් ලැබෙන්න ඇති කියල. ඔයාලගේ අදහස්, මගේ වැරදි ඔය යටින් කොටලා යන්න අමතක කරන්න එපා.
Saturday, June 9, 2012
ඕනෑම වීඩියෝ එකක් විනාඩියෙන්
ඔන්න කාලෙකට පස්සේ මට හම්බුනා ඉතා වැදගත් මෘදුකාංගයක්.සාමාන්යයෙන් අපි එදිනෙදා අන්තර්ජාල බාවිතයේදී විවිද වෙබ් අඩවි වල ඇති වීඩියෝ ෆයිල්ස් download කරගන්නට
අවශ්යවන අවස්ථා තියනවා. එත් සමහර වෙබ් අඩවි වලින් එහෙම වීඩියෝ download කරගන්න විශාල කාලයක් වය කිරීමට සිදුවෙන අවස්ථා තියනවා. ඒ වගේම සමහර වෙබ් අඩවි වලින්
වීඩියෝ download කිරීම සීමාකර තියනවා. ඒ වගේ අවස්ථාවක අපේ පිහිටට එන හොඳම මෘදුකාංගය තමා මේ හදුන්වාදෙන ilivid download manager
මෘදුකාංගය.ඒ වගේම මෙහි තවත් අමතර වාසි තියනවා. ඒ තමයි අපිට අවශ්ය වීඩියෝව බාගත කිරීමකින් තොරව buffering වීමකින් තොරව පහසුවෙන් එම වීඩියෝව නැරඹීමේ
හැකියාව. ඉතින් මේ හැමදෙයක්ම ඔබට ලැබෙන්නේ කිසිඳු මුදල් අයකිරීමකින් තොරව සම්පූර්ණයෙන් නොමිලේ.
බාගතකරගන්න මෙතන කොටන්න.
හොඳ නරක කියල යන්න අමතක කරන්න එපා.
Sunday, June 3, 2012
අත්යවශ්ය මෘදුකාංග සියල්ල නොමිලේ.
ඇත්තටම කියනවා නම් අපි පරිගණකයක් බවිතා කරද්දී පරිගණකයේ කාර්යක්ෂමතාවයට බලපාන්නේ අපි ඒක කළමනාකරණය කරන විදිහ. විශේෂයෙන්ම අපි පරිගණකයේ ස්ථාපනය කරන
මෘදුකාංග ඒකට ගොඩක් බලපානවා. ඒ නිසා අපි පරිගණකයේ මෘදුකාංග ස්ථාපනය කරද්දී ඒක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. ඒ වගේම තමයි ඒකට අපි ගෙවන මුදල ගැනත්
සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා මම මේපාර නොමිලේ ලබාගන්න පුළුවන් සුපිරිම පරිගනකයේ වේගයට කිසිම බලපෑමක් නොකරන බඩු කෑලි ටිකක් ඔයාලට දෙන්න හිතුවා.
1.Microsoft Security Essentials
එදිනෙදා පරිගණක බාවිතයේදී අත්යාවශ්යම මෘදුකාංගයක් තම ප්රතිවයිරස මෘදුකාංගය. දැන් ඔයාලට කිසිම බයක් නෙතුව නොමිලේ මේ මයික්රොසොෆ්ට් ආයතනය මගින් ලබාදෙන කියන
මෘදුකාංගය බාවිත කරන්න පුළුවන්. මේක වර්තමානයේ මිලියන 4 විතර ජනතාව විශ්වාසය තියල තියන ඉතාමත් හොඳ තත්වයේ මෘදුකාංගයක් . ගොඩක් ප්රතිවයිරස් මෘදුකාංග සමීක්ෂණ ආයතන
මේ මෘදුකාංගයට ඉහල තැනක් ලබාදී තිබෙනවා. මයික්රොසොෆ්ට් ආයතනය මෙහෙම නොමිලේ ප්රතිවයිරස මෘදුකාංගයක් ලබාදීමට තීරණය කරලා තියෙන්නේ වයිරස් ප්රශ්නය නිසා වින්ඩෝස්
අතහැර open source මෙහෙයුම් පද්දති වලට මාරු වන පරිගණක බාවිතාකරන්නන් උදෙසා කියලයි පරිගණක ඉංජිනේරුවෝ කියන්නේ.
2.VLC Media Player
එදිනෙදා පරිගණක බාවිතයේදී තවත් අත්යාවශ්යම මෘදුකාංගයක් තමා මාධ්ය ධාවකය . දැනට මේ සඳහා විවිද මෘදුකාංග තියනවා. ඒ අතරින් VLC media player එක තමා දැනට
ලෝකයේ ජනප්රියම , ලෙඩ අඩුම, ඕනෑම file formats ප්ලේ වෙන ප්ලේයර් එක. දැනට ලෝකයේ 80% විතර දෙන බාවිතා කරන්නේ මේ මෘදුකාංගය. මේකේ තියන විශේෂත්වය
තමා live streaming පහසුකම්ද සහිත වීම.
3.CCleaner
පරිගණකයේ ඇතිවන දෝෂ, දෘඩ තැටියේ දෝෂ, වගේ දේවල් වලට ප්රතිකාර කිරීමට සුපිරිම බඩුවක් තමා c cleaner කියන්නේ.පරිගණකයේ ඇති අනවශ්ය ෆයිල් කිරීමටත් , අනවශ්ය
මෘදුකාංග අයින් කිරීමටත් මෙය යොදාගත හැකියි. නොමිලේ ලබාදෙන මෘදුකාංග අතර විශාල පෙරලියක් කරපු මෘදුකාංගයක්.
4.Format Factory
එදිනෙදා පරිගණක බාවිතයේදී තවත් අපිට සිද්ද වෙන දෙයක් තමා එක media file format එකක් තවත් media file format එකකට convert කිරීම.
විශේෂයෙන් අපි youtube video upload කරනවානම් , නැත්තම් ඔබගේ mobile phone,ipod ඒකට video ෆයිල් එකක් දානවනම් අපිට ඒවා
convert කරගන්න සිද්ද වෙනවා. ඒකට අද වෙළඳපොලේ විවිධ මෘදුකාංග තියනවා. ඒත් ඒ සල්ලි දීල කරගන්න වැඩේම අපිට දැන් මේ කියන නොමිලේ ලබාදෙන format
factory හරහා සිදුකරගන්න පුළුවන්. දැනට ලෝකයේ තියන බොහොමයක් media file format මේ හරහා convert කරගන්න පුළුවන්.
5.Recuva
ඔබට අත්යවශ්ය කරන දත්ත හදිසියේ අත්වැරදීමකින් ඔබ අතින් මකා දැමුවොත්. එතකොට ඔබට ලොකු අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවේවි. ඒත් මේ කියන මෘදුකාංගයෙන් පවා මකා දැමුණු
දත්ත නැවතත් ලබාගැනීමේ හැකියාව තියනවා. වර්තමානයේ මේ සඳහා බාවිතා වන වානිජමය මෘදුකාංග වලටත් හොඳ තරඟයක් දීමට මේ මෘදුකාංගය සමත් වී තිබෙනවා.
6.Pain.net
දිනෙදා පරිගණක බාවිතයේදී තවත් අත්යාවශ්යම මෘදුකාංගයක් තමා චායාරූප සංස්කරණ(photo editing) මෘදුකාංග. මෙවෙනි අද ලෝකයේ ජනප්රියම මෘදුකාංගය තමා Adobe
Photoshop කියන්නේ. නමුත් අපිට එක මුදල් දීල ගන්නවානම් දල වශයෙන් රු.60000 වත් වියදම් වෙනවා. නමුත් ඒ වැඩේ අපිට නොමිලේ කරගන්න පුළුවන් වලට නොදෙවෙනි
මෘදුකාංගයක් දැන් හදුන්වල දීල තියනවා. ඒ තමාpaint.net. මෙම මෘදුකාංගය හරහා පහසුවෙන් ඔබගේ නිවසේ චායාරූප සංස්කරණ කටයුතු ඉටුකරගත හැකියි.
7.Deamon tools
වර්තමානයේ අපි අන්තර්ජාලයෙන් බාගන්න ගොඩක් ගේම්ස්,චිත්රපට තියෙන්නේ mds හෝ iso වගේ ඉමේජ් ෆයිල් විදිහට . මේවා අපිට බාවිත කරන්න පුළුවන් වෙන්නේ ඒවා
පරිගණකයේ virtula drive විදිහට mount කරොත් විතරයි. නැත්තම් ඒවා cd/dvd වලට wite කරන්න වෙනවා.මේ සඳහාත් දැනට විවිධ මෘදුකාංග තිබුනත් ලෙඩ
අඩුම වින්ඩෝස් 7 සමගත් ඉතා හොදින් ක්රියාත්මක වෙන මෘදුකාංගයක් තමා deamon tools . මෙමගින් ඔබ ළඟ ඇති cd හෝ dvd ඉමේජ් ෆයිල් එකක් හදාගනීමටත්
අවස්තාව සලසනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්න තවත් වැදගත් බඩු කෑල්ලක්. ඔබට හදිස්සියේ මොකක්හරි දෙයක් මයික්රෝපොනය හරහා පටිගත කරගන්න ඕන උනොත්, පරිගණකයේ තියන ගීතයක්,
ශබ්ධයක් සංස්කරණය කරගන්න ඕන උනොත් ඒකට නොමිලේ මෘදුකාංගයක් හොයාගන්න අමාරුවෙයි. නමුත් අයෙ ඒ ගැන වදවෙන්න ඕනේ නෑ. මේ තියේන්නේ ඒකට හොඳම විසඳුම.
ඉතාමත් පහසුවෙන් ඔබට අවශ්ය කටයුතු කරගන්න මේ මෘදුකාංගය හරහා පුළුවන්.
Tuesday, May 29, 2012
Internet Download Managers Stops at 99% solution-අතරමග IDM නවතින ඒක නවත්තමු
ඔන්න යාලුවනේ මම මගේ මේ පොස්ට් ඒකෙන ඔයාලට ගෙනවා මේ දවස වල ගොඩක් කට්ටියට තියන ලොකු ප්රශ්නයට විසදුමක්.මේක මටත් කාලයක් ලොකු ලෙඩක් වෙලා තිබුන. ඒ තම ඒකෙන් යු ටියුබ් වගේ සයිට් වලින් ලොකු වීඩියෝ ෆයිල් බාද්දී 99% බැවිල නතර වෙන එක. ඔයාලම හිතල බලන්නකෝ 700 වගේ ෆිල්ම් එකක් 99% ටම පිරිලා අයෙ resume කරන්න බැරිවෙන විදිහටම කෙල උනාම මතක් වෙන දේවල් හිතාගන්න පුළුවන්නේ. මම කලින් හිතාගන හිටියේ මේක වයිරස් එකක් කියලා. එත් මට සයිට් එකකින් හම්බුනා මේකට විසදුම.ඒ කියන්නේ ඒ ෆයිල් resume කරන්න විදිහක් මම හොයාගත්තා.ඉතින් මේක මම ඔයාලටත් කියන්න හිතුවා. ඔන්න පහල තියන විදිහට කරන්නකෝ.
1.බාන්න ඕනේ ෆයිල් එක බාගයක්( ඒ කියන්නේ 95% ක් විතර ) බෑඋනාට pause පස්සේ කරන්න.නෙත්තම් අර 99% ක් පිරිලා නෙවතුන pause ඒක ක්ලික් කරන්න.
2.ඊට පස්සේ download manager ඔන් කරලා >downloads>Options>save to ටැබ් එකට යන්න.
3.ඒකෙ "Temporary directory" කියල තියන තැනට යටින් තින ලින්ක් එක copy කරගන්න.For example, C: \ Users \ Aufar Dawn \ AppData \ Roaming \ IDM \ DwnlData
3.ඊට පස්සේ star menu> run. මේ එන බොක්ස් එකේ අර ලින්ක් එක ගහල රන් කරන්න.
4.මෙහිදී ඔයාලට දකින්න ලබෙයි අර ෆයිල් එකේ නමට තියන බාවුනු ෆෝල්ඩර් එකක් . උදාහරණයක් විදිහට ඔබ බාපු එකේ නම ef9c67893a5a61f7c7da09eb4e2efb_774 නම් ඒ නමට තියන ෆෝල්ඩර් එක හොයාගන්න.
5.එක ඕපන් කරාම දකින්න ලැබයි ෆයිල් 3 ක්.උදාහරණයක් විදිහට ඔය උඩින් මම කියපු ෆෝල්ඩර් එකේ ඕපන් කරාම තියෙන්නේ (ef9c67893a5a61f7c7da09eb4e2efb(ප්රධාන ෆයිලය), ef9c67893a5a61f7c7da09eb4e2efb52 files,හා log_774)
6.දැන් මේ වින්ඩෝ එක minimize කරලා ෆයර් ෆොක්ස් ඕපන් කරගන්න. ඊට පස්සේ අර ඔබ කලින් බාපු ෆයිල් එකම ෆයර් ෆොක්ස් ඒකෙන් download කරන්න. සැ.යු. කොයි වෙලාවකවත් download manager ඒකෙන download කරන්න එපා.
7.download manager ඒකෙන් download වෙන එක නවත්තන්න පුළුවන් IDM menu> downloads> options> ඊට පස්සේ > use advaced browser integration ඉස්සරහින් තියන කොටුවේ ටික් එක අයින් කරන්න.
8.එකේ ෆයිල් එක download වෙන තැන හොඳට බලාගන්න. උදා-: ඩෙස්ක්ටොප්
9.ඒකෙ 1% ක් විතර පිරුනාම ඒක pause කරන්න. ඊට පස්සේ ෆයර් ෆොක්ස් එකේ ෆයිල් ඒකdownload උන තැනට යන්න. එතකොට දකින්න ලැබයි ෆයිල් 2 ක් . උදාහරණයක් විදිහට මම අර කලින් සදහන් කරපු ෆයිල් එකේ තිබුනේ (ef9c67893a5a61f7c7da09eb4e2efb.avi සහ ef9c67893a5a61f7c7da09eb4e2efb.avi.part කියන ෆයිල්)
10.ඊට පස්සේ අර කරපු එකේ ෆෝල්ඩර් ඒක ඕපන් කරලා ප්රධාන ෆයිල් ඒක එකේ ෆෝල්ඩර් එකට කොපි කරන්න. දන ඔයාලට ෆෝල්ඩර් ඒක ඇතුලේ ෆයිල් 3 ක් තියනවනේ.(2 ක් firefox එකේ හා අනික download manager එකේ.)
11. දැන් copy කරපු ෆයිල් එකේ නම අර firefox එකේ කියල තියන .part කියන ෆයිල් එකේ නමට rename කරලා firefox එකේ original ෆයිල් ඒක delete කරන්න. උදා- මගේ නම් firefox එකේ ෆයිල් ඒකෙ නමට download manager ඒකෙන් ගත්තු ෆයිල් ඒක rename කරලා firefox ඒක කරනවා.ef9c67893a5a61f7c7da09eb4e2efb.avi.part
12.දැන් අයෙ පාරක් firefox ඔපන් කරලා අර pause කරපු ඒක resume කරන්න. කරදරයක් නෙතුව විනාඩියෙන් ඉතුරු ටික download වෙයි.
අවුලක් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.
Thursday, May 17, 2012
Octomber Sky (පුංචි හපන්නු)
ඔන්න යාලුවනේ මම මගේ දෙවැනි පොස්ට් ඒකෙන ඔයාලට දෙන්න හිතුවා සුපිරිම ෆිල්ම් එකක්. මේකේ නම තමා . මේක හදල තියෙන්න සත්ය කතාවක පදනම කරගෙන. ඒ කියන්නේ සත්ය
නවකතාවක් ඇසුරින් තම මේක හදල තියෙන්නේ. මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ සුප්රකට ජෝ ජොන්ස්ටන් කියන නිෂ්පාදක වරයා . මේ නව කතාව ලියලා තියෙන්නේ මේ චිත්රපටියේ
ප්රධාන නළුවා වන හෝමර් හිකම් (ඒ වුනාට ෆිල්ම් එකේ රඟපාන්නේ එය නෙවේ).නවකතාවේ නම තමා rocket boys. මේකේ සිද්ධිය තියෙන්නේ රුසියාව ස්පුට්නික් චන්ද්රිකාව අබ්යවකාශ ගතකිරීමත් සමග ඇතිවන් සිද්ධි
දාමයක්.මේ කතාව ගෙතිලා තියෙන්නේ පතල් නගරයක ඉන්න උත්සහවන්ත ළමයි හතර දෙනෙක් වටා . මේ නගරයේ ඉන්න හැම කෙනෙක්ගෙම ඉරණම තමා ගල අඟුරු පතල් වල ඔවුන්ගේ
මුළු ජීවිත කාලයම ගතකිරීම. එත ඒ ඉරණම වෙනස් කරගන්න ලමයි හතර දෙනෙක් ඒ නගරයේ හිටියා . ඔවුන්ගේ ජීවිත කතාව තමා මේ නව කතාවට පදනම වෙලා තියෙන්නේ. මෙහි ප්රධාන
චරිතය වන හෝමර් ගේ චරිතයට රඟපාන්නේ සුප්රකට නළු ජේක් ගිලෙන්හාල්(source code,zodiac,brokeback mountain,donnie
darko,brothers,price of persia:sands of time ෆිල්ම් වල රඟපෑ ) .IMDB වල 7.7 වගේ ලොකු rank එකක් ගන්න මෙමෙ චිත්රපටිය සමත් වෙලා තියනවා. . මේ
ෆිල්ම් එක 1999 හදල තිබ්බත් මමනම් හිතන්නේ නෑ තවමත් මේකට ගහන්න සුපිරි ෆිල්ම් එකක් තියන කියලා. ඔයාලත් බලන්නකෝ. මම ඕන ඔට්ටුවක් අල්ලනවා මේකට ගහන්න අයෙ ෆිල්ම්
එකක් නෑ.
මෙතනින් ටොර්රෙන්ට් එක බාගන්න.
download torrent
මෙතනින් ඉංග්රීසි උපසිරසි බාගන්න.
english subtitle
බලලා ලයික් එකක් දාලම යන්න හොඳේ.
Subscribe to:
Posts (Atom)






























