Showing posts with label news. Show all posts
Showing posts with label news. Show all posts
Friday, August 10, 2012
බලාගනයි! ෆිටෝන් කාමරවලත් රහස් කැමරා.
නවීන තාක්ෂණික යෙදවුම් සමග ඇතැම් මිනිසුන් තිරිසන් සතුන් බවට පත් වී තිබේ. තාක්ෂණයේ දියුණුවත් සමගම අප බාවිතා කරන සෑම උපකරනයක්ම ඉතා කුඩා මාදිලි වලින් නිකුත් විය. ඔත්තු බලන කැමරාද
බිහිවූයේ එලෙසිනි. තාක්ෂණයේ හොද හා නරක ලෙස දෙපැත්තක් ඇත. නමුත් කනගාටුවට කරුණ වන්නේ ඉන් වැඩිමනත් ප්‍රමාණයක් තාක්ෂනය බාවිත කරන්නේ මහම මහා අසික්කිත වැඩවලට වීමය. මෙසේ
මෙම ඔත්තු බලන කැමරාද ඉතා පහත් වැඩවලට යොදාගන්න බවට දැන් කරුණු වාර්තා වෙයි. ඉන් දැනට බහුලවම මාතෘකාව වන්නේ මහා පරිමාන හා කුඩා පරිමාන රෙදි කඩවල ඇදුම් මාරුකර බලාගැනීමට ඇති
ෆිටෝන්(fit on) කාමරයේ මෙලෙස සවිකර ඇති කැමරාය. වාර්තාවී ඇති පරිදි බොහෝවිට මෙම ක්‍රියාකාරකම් සිදුකරන්නේ මෙම කඩහිමියාගේම පුතා විසිනි. රුවැති අඟපසගින් හෙබි කාන්තාවක් මෙම
ෆිටෝන් කාමරයට ඇදුම් මාරු කර ගැනීමට එනතුරු මොවුන් සිටින්නේ ඇගිලි ගැන ගැනය. එසේ ඔවුන් ඇදුම් මාරු කරන දර්ශන පටිගතකරගෙන ඒවා ප්‍රසිද්ද කරනවායි පවසා තම තමන්ගේ අවශ්‍යතා
ඉටුකරගැනීමට මොවුන් පෙලබෙති.එසේ නැතහොත් ඒවා විශාල මුදල් වලට විකුර්ති ආශාවන් ඇති විදේශිකයන් හට විකුණයි.අපේ රටේ ඇදුමක් ගැනීමට පැමිණෙන අහිංසක කාන්තාව ජාත්‍යන්තර කාමුක වෙළද
පොලේ වෙන්දේසි වන්නේ මේ ආකාරයෙනි. එසේ නැතහොත් ඒවා අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ද කර හරී. නැතිනම් ජංගම දුරකථන වලට බෙදාහරි. එවිට එම කාන්තාවට පාරක තොටක ගමන් ගැනීමටවත්
හැකියාවක් නොලැබෙනු ඇත. බොහෝ විට මෙවැනි සිදුවීම් කෙලවර වන්නේ සියදිවි නසාගැනීම් වලිනි.
මේ පිළිබඳව සමීක්ෂණයක් කල ලංකාවේ ප්‍රදාන පුවත් පතක වාර්තා කරුවන් පිරිසක් පවුද්ගලික පන්තියකට ගොඩ වැදී ඇත. එම අවස්ථාවේ ඔවුන් සිසුන්ට මෙවැනි රහස් කැමරා නිසා සිදුවුණු සිදුවීම් පිළිබද
තොරතුරු කොළ කැබලි වල ලියා ඉදිරියටඑවන ලෙස පවසා ඇත. එසේ ඒවා තිබුණු කරුණු වලින් හෙළිවී ඇත්තේ මෙම කැමරා ඇත්තේ ෆිටෝන් කාමර වල පමණක් නොවන බවයි.
පෙම්වතුන් නිතර ගැවසෙන ස්ථානවල, කාමර සහිත අන්තරජාල සේවා සපයන ස්ථානවල, වැසිකිලි වල,විවධ ස්ථානවල ඇඳුම් මාරු කරන තැන් වල, හොටෙල් කාමරවල, ආදීවූ තැන් රාශියකම මේවා සවිකර ඇති
බවයි..ඒවා නැරබීමෙන් පමණක් ඔවුන් තෘප්තිමත් වේ නම් එසේ වුවාට කමක් නෑ යයි කියමු. ඒ මන්ද අප රටේ සිටින ඇතැම් පුද්ගලයන්ගේ විකුර්ති වූ මනොකායන් ශක්රයාටවත් වෙනස් කල නොහැකි බැවිනි.නමුත්
ඒවායින් ඔවුන් ඔහුගේ හෝ ඇයගේ ආත්මයට හෝ ජීවිතයට බලපෑමක් සිදුකරන්නේ නම් එය කිසිසේත් අනුමත කල නොහැක.ඊට නිදසුනක් ලෙස හද සසල කරවන සිදුවීමක් මා අසා ඇත. පාසල් සිසුවෙක් තම
යහළුවන් සමග උසුළු විසුළු කරමින් පාසල තුල තම ජංගම දුරකතනයෙන් වීඩියෝවක් නරබමින් සිටියදී පාසල් ගුරුවරයෙක් විසින් ඔහුව අල්වාගෙන ඔහුගේ මව්පියන් කැඳවා එය ඔවුන්ට පෙන්වා ඇත . එවිට මවට
සිහිය නැතිවී තිබේ. පසුව බලනවිට ඔවුන් නරබමින් සිට ඇත්තේ ඔහුගේ මව නාන දර්ශන සහිත වීඩියෝවක් බව හෙළිවී ඇත. . මීට තවත් නිදසුනක් ලෙස ලංකාවම කලබමින් ප්‍රදාන පෙලේ පාසලක සිසුවියක් සියදිවි
නසාගත් සිදුවීම ඔබට මතක ඇත. ඒ ඇයගේ පෙම්වතාද යම් යම් පෙම් ජවනිකා තමාගේ ජංගම දුරකතනයෙන් පටිගතකර ගෙන තිබී ඒවා ප්‍රසිද්ද වීම නිසාය.එම හේතුවෙන් ඇය මග තොටේ ගමන් ගන්නා විට පවා
එම වීඩියෝව පෙන්වමින් ඇයට උසුළු විසුළු කර ඇත. මෙවැනි දෙයක් ඔබට ඇති වුවහොත් ඔබට ඇතිවන පීඩනය දරාගත හැකිද. ඉතින් මෙවැනි දෑ ඉදිරියටත් සිදුවුවහොත් තාක්ෂනය කෙතරම් දියුණු වුවත් වැඩක්
නැත.
මේ පිළිබඳව අන් කවරකටත් වඩා පිරිමින්ද වඩාත් උනන්දු විය යුතුය. ඒ මන්ද මීලගට එම රහස් කැමරාවක ගොදුරක් වන්නේ, ඔබගේ මව, ඔබගේ සහෝදරිය,ඔබගේ යෙහෙළිය හෝ ඔබගේ පෙම්වතිය වියහැකි
බැවිනි.
එමනිසා ඔබ වඩාත් සැලකිලිමත් වන්න. ඉතා කුඩා ඉඩක වුවත් මෙය ස්තානගත කල හැකි බැවින් අදාළ ස්ථානවල ඇති කුඩා සිදුරු පිලිබදව වැඩි අවදානයක් යොමු කරන්න. මෙය වලක්වා ගත හැක්කේ අපිටමය. ඒ
මේ සඳහා පොලිසියට ක්‍රියාත්මක වීමට තවමත් ලංකාවේ නීති රීති සම්පාදනය කර නොමැති බැවිනි. මේවා දැන්ම වලක්වාගැනීමට නොහැකි වුනොත් අනාගතයේදී බයක් සැකක් නොමැතිව ඇදුම් මාරු කිරීමට ,
වැසිකිලි යාමට පවා නොහැකි වන තත්වයක් උත්ගතවනු ඇත.
Tuesday, July 31, 2012
සඳ ගමන ප්‍රෝඩාවක්ද?
ඔන්න කාලෙකට පස්සේ ටිකක් කාලීනව වැදගත් කියල හිතෙන මාතෘකාවක් යටතේ පොස්ට් එකක් දෙන්න හිතුවා.හැබැයි මම මේ කරන්නේ මිනිස් ඉතිහාසයේ ලොකු සන්ධිස්තානයක් හෑල්ලුවට ලක් කිරීමත් වත්
මඩ ප්‍රහාරයක් එල්ල කිරීමක් වත් නෙවෙයි. වර්තමානයේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු ප්‍රශ්නයක් ගැන කරුණු ටිකක් ඉදිරිපත් කිරීමකුයි කරන්නේ.
1969 ජුලි 16 වැනිදා ලෝකයා විශ්මයට පත් කරමින් සඳ මතුපිට ප්‍රථමවරට මිනිසුන් ඇවිද ගියා. ඒ තමා ඇපොලෝ 11 ව්‍යාපෘතියේ ගමන් ගත් නීල් අම්ස්ට්‍රොන්ග්,එඩ්වින් ඔල්ඩ්රින් හා මයිකල් කොලින්ස්. එය
සජීවීව රූපවාහිනිය ඔස්සේ ලොව පුරා විකාශය කෙරුනා.මෙය මිනිස් ඉතිහාසයේ විශාල සන්ධිස්තානයක්.නමුත් මෙය සිදුවී දැනට වසර හතළිහකටත් වඩා කාලයක් ගතවී ඇතිමුත් දැනටත් ලොවපුරා විවිධ
පුද්ගලයෝ,විද්‍යාඥයින් මේ සම්බන්දයෙන් විවිධ අදහස් පල කරනවා. විද්‍යාත්මක කරුණු හා සඳ ගමනේදී ලබාගත් චායාරූප ඇසුරින් ඔවුන් පවසන්නේ මේ ඇපොලෝ 11 සඳ ගමනක් සත්‍යවශයෙන් සිදුවී
නොමැති බවයි. ඔවුන් පවසන්නේ ඇපොලෝ 11 සඳ ගමන, සෝවියට් රුසියාව ප්‍රථම වරට කෘතීම චන්ද්‍රිකාවක් (ස්පුට්නික්) අබ්යාවකාශ ගත් කිරීමත් සමගම තමන්ගේ මහන්තත්තකම රැකගැනීමට වියරුවෙන්
ඇමරිකාව විසින් චිත්‍රගාරයකදී පටිගතකල චිත්රපටයක් බවයි. ඔවුන් මේ සඳහා විවිධ සාක්ෂි ඉදිරිපත් කරමින් එය තහවුරු කිරීමට උත්සහ දරනවා. මම මෙතැන පටන් එම කරුණු හා නාසා ආයතනය ඒවාට ලබාදුන්
ප්‍රති උත්තර,පැහැදිලි කිරීම් එකින් එක ඉදිරිපත් කරන්නම්.
1.පහතින් දැක්වෙන්නේ ඇපොලෝ 16 මගින් සඳ මතුපිට සිට ලබාගත් පෘතුවියේ චායාරූපයක් හා ඇපොලෝ 11 මගින් ලබාගත් චායාරූපයකුයි. ඇපොලෝ 16 මගින් අධෝරක්ත කැමරාවෙන් ලබාගත්
චායාරූපයේත් පෘතුවිය වටා පසුබිමේ තරු හොදින් දිස්වෙන මුත් ඇපොලෝ 11 මගින් ලබාගත් චායාරූපයේ පෘතුවිය සහිත පසුබිමේ එකදු තරුවක් වත් දක්නට නැත.
ඇපොලෝ 16 යානය සඳ මතුපිට සිට ලබාගත චායා රූපයක්
ඇපොලෝ 11 යානයෙන් ලබාගත්ත යයි කියන චායාරූපය
2. පහත දැක්වෙන්නේ සඳ මතුපිටින් ලබාගත් පාශානයක චායාරූපයකුයි. හොදින් නිරීක්ෂණය කිරීමේදී ඔබට දක්නට ලැබෙයි එම පාශානය මතුපිට හා එය අසලම පොලවේ කුඩාවට "C" හැඩයට යෙදු
සලකුණක්. ඉතින් මේ චායාරූපය ගැන බොහෝ දෙනා දරන මතයක් වන්නේ මෙවැනි නම් කිරීම් හොලිවුඩ් සිනමාවේ විවිධ රංග උපකරණ වල දක්නට ලැබෙන බවයි. මෙලෙස නම් කිරීම් කරන්නේ රූපගතකිරීම්
වලධි අදාළ වස්තුව වඩාත් හොදින් ස්තානගත කිරීමට බවයි ඔවුන්ගේ මතය. එම නිසා ඔවුන් පවසන්නේ apollo 11 සද ගමන හොලිවුඩ් චිත්රාගරයක කල රූපගත කිරීමක් බවයි.
3. මෙම චායාරූපයේ සිටින ගගන ගාමීන් දෙදෙනාගේ සෙවනැලි දෙස හොදින් බලන්න. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ මීටර් 2 ක පමණ පරතරයකි. නමුත් ඔවුන් දෙදෙනාගේ සෙවනැලි වල ප්‍රමානය අතර
වෙනසක් ඇත. කොඩියට පිටුපසින් සිටින්නාගේ සෙවනැල්ල ඉදිරියෙන් සිටින්නාගේ සෙවනැල්ලට වඩා දිගුය. මෙය ප්‍රකාශ විද්‍යාත්මකව වියහැකිද?මේ පිලිබඳ විද්‍යාඥ මතය වන්නේ මෙය කෘතීම
ආලෝකකරණයක් යටතේ සිදුකල ක්‍රියාකාරකමක් බවයි. සූර්යාගෙන් පමණක් ආලෝකය ලැබෙනවා (එක ආලෝක ප්‍රබවයක් පමණක් ඇති නම්)නම් මෙලෙස සෙවනැල්ලේ දිග වෙනස් වියනොහැකි බවයි
ඔවුන්ගේ මතය.
4.ඉහත කී කරුණ ඔබට මෙම රූපයෙන් වඩාත් හොදින් පැහැදිලි වේවි. මෙම රූපයෙන් දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් ඊගල් යානයට නගින අන්දමයි. ඔහු සිටින්නේ යානයේ තද අඳුරු සෙවනැල්ල තුල වූවත් ඔහුව
හොදින් දර්ශනය වනවා . වෙන කිසිවක් පමණක් නොව ඔහුගේ කළු පැහැති සපත්තු දෙක පවා හොදින් දර්ශනය වනවා. මෙයිනුත් ඔප්පු වන්නේ සූර්යාලෝකයට අමතරව වෙනත් කෘතීම ආලෝකයක් මෙහි
යොදාගන ඇති බවයි.
5.ඔබ දන්නවා සඳ ගමනට තිදෙනෙක් සහබාගි වූවාට ඔවුන් දෙදෙනාගෙන් සඳ මතුපිට ඇවිද ගියේ දෙදෙනෙක් බව. ඒ නීල් අම්ස්ට්‍රොන්ග් හා ඔල්ඩ්රිනුයි. මයිකල් කොලින්ස් යානයේ පාලක මැදිරියේ සිට පෘතුවිය
සමග සම්බන්දතා පැවැත්වුවා. ඉතින් පහත රූපයේ සිටින්නේ එඩ්වින් ඔල්ඩ්රින්. ඔබට පෙනෙනවා ඇති ඔහුගේ ව්යිසරයෙන් ඉදිරියෙන් සිටින නීල් අම්ස්ට්‍රොන්ග් හා ඊගල්ස් ලුනාර් යානය දිස්වෙන ආකාරය. .නමුත්
එහි කොහෙවත් කැමරාවක සලකුණක් වත් නැහැ. එසේනම් චායාරූපය ගත්තේ කවුරුන්ද?
6.පහතින් දැක්වෙන රූපයේ දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් සඳ මතුපිට ඇවිදීමේදී ලබාගත් පාසටහනක් .එය දෙස හොදින් බලන්න. ඒක හරියට නිකං තෙත පොළවක හිටපු පා සලකුණක් වගේ හොදින් තදින්
හිටලා තියනවා නේද.වායුගෝලයක් වත් නැති සඳ මතුපිට පෘෂ්ටය තෙත් උනේ කොහොමද?
මේ සම්බන්දයෙන් ඉතිරි කරුණු හා නාසා ආයතනය මගින් මෙම සංසිද්දී පැහැදිලිකර ඇති ආකාරය මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
Labels:
news,
story,
technology
Wednesday, July 11, 2012
යුධ අහසේ පෙරළිකාරයා SR-71 "blackbird"
යුද්දය කියන්නේ හොඳ දෙයක් නෙවේ. එත් මිනිසා වර්තමානයේ වැඩිම මුදලක් වියදම් කරන්නේ යුදමය කටයුතු සඳහා. ඒ කියන්නේ මිනිසාගෙන් මිනිසා ආරක්ෂා කරන්න.ඉතින් මේ පොස්ට් ඒකෙන් දෙන්න හිතුව
එහෙම යුදමය කටයුතු සඳහා නිෂ්පාදනය කරපු ඇමරිකානු ගුවන් හමුදාවේ ඉහළ ස්ථානයක් හිමිකරගෙන තිබුණු SR-71 blackbird කියන ගුවන් යානය ගැන කරුණු ටිකක්. ඉතින් මේ ගුවන් යානය
හදල තියෙන්නේ 1964 දී.මෙහි නිර්මාතෘ තමා ලොක්හීඩ් මාටින් සමාගමේ ක්ලැරන්ස් කෙලි ජොන්සන්.මේ යානයට මාක් 3.3 ක් , ඒ කියන්නේ ශබ්දයේ වේගය මෙන් 3.3 (තත්පරයට මීටර් 1122 ක්)න්
ගුණයක උපරිම වේගයෙන් ගමන් කිරීමේ හැකියාව තියනවා. මේහි ආයුදත් සමග මුලූ බර කිලෝග්රෑම් 69000 පමණ වෙනවා.මේක යුද අහසේ මොන තරම් පෙරලියක් කරලා තියනවද කිව්වොත් 1966 ඉඳල
1998 වෙනකන්, ඒ කියන්නේ අවුරුදු 32 ක් විතර ක්‍රියාකාරී තත්වයේ පවතින ගුවන් යානයක් විදිහට බාවිතයට අරන් තියනවා. මේ යානය හදන්න ප්‍රදාන හේතුව වෙලා තියෙන්නේ මීට කලින් එක්සත් ජනපදයේ
හොඳම යුද යානය වෙලා තිබුණු u-2 යානය රුසියාවේදීSAM(surface-to-air missiles)ප්‍රහාරයක් මගින් බිම දැමීමයි. මාක් 3.3 ක වැනි අදික වේගයකින් ගමන් කිරීමේදී ඇතිවන
පීඩනයට ඔරොත්තු දීම සඳහා මේ යානයේ බඳ හා යානයේ ඉතුරු කොටස් වලින් 81 % ක් නිපදවා තිබෙන්නේ ටයිටේනියම් මිශ්‍රිත මිශ්‍ර ලෝහයකින්. ඒ වගේම මේ යානය රේඩාර් වලට හසුවීමේ අවදානමද ඉතා
අඩුයි. එය නිපදවා තිබෙන්නේ සාමාන්‍ය රේඩාර් තරංග අවශෝෂනය කිරීමේ හැකියාවක්ද සහිතවයි.එම ක්‍රියාකාරකම ඉටු කරන්නේ මෙහි ආලේපිත විශේෂ ආලේපනය මගින්.
sr-71 හි අධි බලති ප්‍රධාන එන්ජිම
විශේෂයෙන් මාක් 3.3 ක අධික වේගයෙන් ගමන්කිරීමේදී ඇතිවන පීඩන වෙනස හා උෂ්ණත්වය(සෙල්සියස් අංශක 260 ක් පමණ) පාලනය කිරීමට වූ විශේෂ යාන්ත්‍රණයක් මෙහි අන්තර්ගතයි.
විශේෂයෙන් මෙහි කර්තව්‍ය වන්නේ න්‍යෂ්ටික ප්‍රහාර නිකුත් කිරීමයි.එකවර ප්‍රධාන නියමුවන් දෙදෙනෙක්ට හා ආයුද පාලන නියමුවෙකට මෙහි ගමන් කල හැකියි. මෙහි නියමුවන්ටද උපරිම ආරක්ෂාවක් මෙමගින් සපයාදී තිබෙනවා .
ගුවන් නියමුවාගේ විශේෂිත ඇඳුම කට්ටලය
ප්‍රදාන සැකිල්ල
මෙහි යුධ ඉතිහාසය ගත්තොත් විශේෂයෙන් ගල්ෆ් යුද්දයේදී විශාල වැඩ කොටසක් මෙමගින් ඉටුකර තිබෙනවා.ඒ වගේ පසු කාලයකදී සතුරන්ගේ චායාරූප ගැනීමට විශේෂ අධි බලති කැමරා පද්දතිය්කුත් මෙයට සම්බන්ද කර තිබෙනවා.
කොහොම උනත් තවදුරටත් මෙවැනි ගුවන් යාන බාවිත කරන්න අවස්ටාවක් ඉදිරි අනාගතයේදී ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. මොකද එහෙම උනොත් ඇතිවන විනාශය අපිට හිතාගන්නවත් බැරි වේවි.
Thursday, May 17, 2012
අයින්ස්ටයින් පැරදවූ වික්ටෝරියා කෝවි
ඔන්න යාලුවනේ මම ගේනවා මගේ පලවෙනි පොස්ට් එක. අපි දන්නා විදිහට නම් ලෝකේ බුද්ධිමත් ම පුදගලයා තමා ඇල්බට් අයින්ස්ටින් . ඒ කියන්නේ 19 වැනි සියවසේ හිටපු බුද්ධිමත්ම පුද්ගලයා .නමුත් ලඟදි කරපු පරීක්ෂණ වගයකින් එළිවෙලා තියනවා ඊට වඩා බුද්ධිමත් අවුරුදු 11 ක ගෑනු ළමයෙක් ඉන්නවා කියල. මේ IQ හෙවත් Intelligence Quotient පරීක්ෂණයෙන් මෙයා ලකුණු 162 ක් අරගෙන තියනවා. එත් අයින්ස්ටයින්, ස්ටෙපන් හෝකින්ස්,බිල් ගේට්ස් අරන් තියෙන්නේ මේ පරීක්ෂණයෙන් 160 යි . මෙම පරීක්ෂණයට යොදා ගන්නේ එම පුද්ගලයාගේ මානසික වයස හා ජන්ම වයසයි . ඒ වගේම තර්කන හැකියාව , වේගය,ලිවීම,කියවීම, මතකය යන මේ ඔක්කොම යොදා ගන්නවා මේ IQ ටෙස්ට් එකට. ඉතින් මේ හැම පැත්තකින්ම මේ ගෑනු ළමය ඉදිරියෙන් ඉන්නවා කියන එක පුදුම වෙන්න කාරණාවක් නෙවේද?මේ ගෑනු ළමයාගේ නම victoria cowie.මෙයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. විද්වතුන් කියන විදිහට මේක දොඩක් අසාමාන්‍ය දෙයක් නෙවෙයි. අනාගතයේදී මීටත් වැඩ බුද්ධිමත් අය බිහිවන බවට පෙරනිමිති තියනවා කියලයි ඔවුන් කියන්නේ.සමහරුන් කියනවා මේක අයින්ස්ටයින්ට අපහාස කරන්න කරපු බොරුවක් කියල. එත මොනවා උනත් කමක් නෑ. අනාගතයේදී හොඳ බුද්ධිමතුන් පිරිසක් බිහිවන එක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ. බුද්ධිය , හැකියාව වර්ධනය වෙන්න වයස ලොකු බලපෑමක් වෙන්නෑ කියල දන ඔප්පු වෙලා ඉවරයි.මේ තියෙන්නේ දැනට ලෝකයේ වලින් වැඩිම ලකුණු ගණක හිමිවෙලා තියන අය . සාමාන්‍ය මිනිහෙක්ගේ මේ අගය පවතින්නේ 80 ත් 115 ත් අතරයි.
Napoleon - 145
Stephen Hawking - 160
Albert Einstein - 160
Bill Gates - 160
Sigmund Freud - 156
Arnold Schwarzenegger - 135
Madonna - 140
Quentin Tarantino - 160
Hillary Clinton - 140
Bill Clinton - 135
Nicole Kidman - 132
මේ මගේ පලවෙනි පොස්ට් එක හින්දා ගොඩක් අඩුපාඩු ඇති . මට ඒවා හදන්න පුළුවන් ඔයාල එවුවා මට කිවුවොත් නේ. ඇ නිසා මට බැනලා හරි එකක් දාල යන්න.
Subscribe to:
Posts (Atom)














